රෝගින් දහස් ගණනක් අසීරුවට ….

ගාල්ල ජාතික රෝහලේ පිලිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර ඇණහිට ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ගාල්ල ජාතික රෝහලේ ස්ථාපනය කර ඇති පිලිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන  ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රයේ නව රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර ආරම්භ කිරීම සති 2 ක කාලයක සිට සම්පූර්ණයෙන්ම ඇණහිටී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ සංගමයේ සභාපති  චානක ධ ර් ම  වික්‍රම මහතා කීය.

මෙයට හේතු වී ඇත්තේ විකිරණ ප්‍රතිකාර සැලසුම් කරන පරිගණක පද්ධතියේ ඇතිවී ඇති දෝෂයක් බවත් මේ වන විට මේ සම්බන්ධයෙන් සියලු පා ර් ශ වයන් දැනුවත් කර ඇතත් යන්ත්‍රය යථා තත්ත්වයට පත්කිරීම සිදුවී නැති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙම ගැටලුව විකිරණ ප්‍රතිකාර යන්ත්‍රයේ දෝෂයක් නොවන නිසා දැනට ප්‍රතිකාර කටයුතු සිදුවෙමින්   පවතින රෝගීන් ගේ ප්‍රතිකාර කටයුතු ඉදිරි සතියක කාලය තුළදී අවසන් කිරීමට හැකි වන අතර ඉන් පසුව අදාළ ඒකකයේ ප්‍රතිකාර කටයුතු නතර වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

සාමාන්‍යයෙන් පිළිකා රෝගියෙකුගේ විකිරණ ප්‍රතිකාර සැලසුම් කොට එය පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයා විසින් අනුමත කිරීමෙන් පසුව ලීනියර් ඇක්සලරේට යන්ත්‍රය වෙත යොමු කරන අතර ඉන් පසුව රෝගියාගේ ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීම සිදුකරනු ලබන බව ද ඔහු පැවසීය

නමුත් පසුගිය කාලය පුරා විශේෂඥ වෛද්‍යවරුන් විසින් එදිනෙදා අනුමත කළ පිළිකා රෝගයන්ගේ විකිරණ ප්‍රතිකාර සැලසුම් එදිනම අදාළ යන්ත්‍රය වෙත යොමු කළේ නම් මෙම පරිගණක පද්ධතියේ දෝෂය නිවැරදි වනතුරු රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු අඛණ්ඩව සිදුකර ගැනීමේ හැකියාව තිබු බව ද ඔහු කීය.

නමුත් එම ප්‍රතිකාර සැලසුම් එදිනෙදා අදාළ පද්ධතිය වෙත යොමු කරන නිලධාරීන් තම වගකීම පැහැරහැරීම හේතුවෙන්  මෙම තත්ත්වය තවත් උග්‍ර වී ඇති බවද ඔහු චෝදනා කළේය.

මේ වන විට ගාල්ල   ජාතික රෝහලේ පිළිකා රෝගීන් විකිරණ ප්‍රතිකාර කටයුතු ලබා ගැනීම සඳහා මාස 4 කට ආසන්න පොරොත්තු ලේඛන ගතව සිටින බවද ඕ මහතා කීය.

දිවයින පුරා රෝහල් තුළ ලීනියර් ඇක්සලේටර් පිළිකා ප්‍රතිකාරක යන්ත්‍ර 10ක් ස්ථාපනය කොට ඇති අතර අපේක්ෂා රෝහලේ ස්ථාපනය කර ඇති යන්ත්‍ර 5න් බිදවැටුණු යන්ත්‍ර 2ක් තවමත් යථා තත්ත්වයට පත්කොට නැති අතර මේ අනුව සම්පූර්ණ වශයෙන් යන්ත්‍ර 3ක රෝගී ප්‍රතිකාර  කටයුතු අඩපණවීී ඇති බව ද රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති  චානක ධ ර් ම  වික්‍රම මහතා ප්‍රකාශ කළේය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න