පාළු ගෙවල්වළ වළං බිඳින්නේ නැතුව දිමනා සෞඛ්‍ය කප්පාදුව ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්න යැයි සෞඛ්‍ය ඇමතිට සෞඛ්‍ය වෘත්තිය සමිති 20 ක නායකයෝ විෂයභාර ඇමතිට අභියෝග කර සිටිති.
කොළම පැවති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය වෘත්තිය සමිති 20 ක සමිති නියෝජිතයෝ මෙම අභියෝගය කළහ.
මෙහි දි අදහස් දැක් වූ සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා මෙසේ ද පැවසීය.
සෞඛ්‍ය සම්මේලනයෙන් සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සට අභියෝග කරනවා.
වර් ජ නය කලාම මහජනතාව අපහසුතාවයට පත්වෙන බව නලින්ද ජයතිස්ස අලුතෙන් සොයා ගෙන තිබෙනවා.
ජනාධිපතිවරයා ඕනම වෙලාවක සාකච්ඡාවකට ලෑස්ති කියල නලින්ද කියන්නෙ බොරු කියනවා.
ජනාධිපතිවරයා ප්‍රතිපත්තියක් විදියට මෙතෙන් කතා කරල තියෙන්නේ ඕනෙම දේකට ඇහේ කියන දේශපාලන කාඩරවරුන්ට විතරයි.
අපි අවස්ථා පහක දී ලිඛිතව ජනාධිපතිවරයාගෙන් මේ කාරණාවේ තියෙන තාක්ෂණික වැරදි ගැන කතා කරන්න අවස්ථාව ඉල්ලුවා තවම අවස්ථාවක් ලබා දීලා නෑ.
අපි මුදල් අමාත්‍යාංශයට ගියේම වර්ධනය කරන්න තීරණය කරලා කියලා නලින්ද කියන්නේ ඇත්ත. මුදල් අමාත්‍යාංශය සාකච්ඡාවේ දී විසඳුමක් දෙන නලින්දට කිසිම උවමනාවක් තිබුණේ නෑ. අඩුම ගානෙ සෞඛ්‍ය. අඩුම ගානෙ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයෙක්වත් ඒකට සහභාගී කරවන්න කටයුතු කරලා නෑ.
මුදල් මාධ්‍යංශය වැරැද්ද තාක්ෂණිකව පිළිගත්තා. වැරැද්ද නිවැරදි කරන්න තරං නිහතමානීකමක් ඔවුන් ළඟ තිබුණේ නෑ. රුපියලක්වත් වැඩියෙන් වියදම් කරන්නේ නැතුව ගැටළුව විසඳන විදිය තාක්ෂණිකව අපි ඒ ගොල්ලන්ට කියලා දුන්නා. ඒත් ඒගොල්ලො හිටිය කෘතිම රොබෝලා විදියට කිසිවක් ගණන් ගත්තේ නැති බව පෙන්වා දිය හැකියි.
ඇත්තටම මේ වැටුප් වැඩි කරනවා කියන්නෙම ආණ්ඩුවක් කරන වැඩක් නෙවෙයි. රටේ ජනාධිපති රනිල් වුණත්. අනුර කුමාර දිසානායක වුණත් ජනාධිපති වෙන්නේ උනත් වැටුප් වැඩි කරන විදිහ තීරණය කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලන්.
වැටුප් වැඩි කරන්න ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙන් කරලා තියෙන්නේ බිලියන 3.2යි. ඒක එහා මෙහා කරගන්න කිසිදු සාකච්ඡාවක් නොකර ආණ්ඩුව වැටුප ඉලක්කම් වලින් වැඩි කරන්න දරන දේශපාලන උත්සාහය නිසා අමාරු වැටිලාලා තියෙන්නේ.
මේක හරියටම ගෙඩියක් හදනවා වගේ එකක්. වැටුප් කියන අයිසින් කේක් එක හදන්න ජාත්‍යන්තර මුල්ලෙහාට මුදල බිලියන 3.2 ක් දීලා තියෙනවා.
ආණ්ඩුව හම්බුවෙන මුදල් ප්‍රමාණය වැඩි කරගන්න මුල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා නොකර කේක් ගෙඩිය ලොකු කරන්න ට්‍රයි කරලා තියෙනවා. කේක් ගෙඩිය හැදුවට පස්සේ තමයි මතක් වෙලා තියෙන්නේ අයිසින් කරන්න ඕනේ කියලා.
ඒක කරගන්න සල්ලි නැති උනාම තැන් තැන් වලින් අයිසින් කප්පාදු කරලා තියෙනවා යැයි ද සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.