මේ වනවිට වාර්ෂිකව වාර්ථා වන ලක්ෂ 20ක් පමන වන පිලිකා රෝගීන් ප්‍රමානය 2040 වන විට ලක්ෂ 30 ඉක්මවා යැ හැකි බවට වාර්ථා වී තිබෙනවා.
අවදානම් සාදකවලට නිරාවරනය වීම අවම කිරීමෙන් හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අනුගත වීමෙන් පිලිකා වලින් 30% ත් – 50% වලක්වා ගත හැකියි.
රත්නපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ ප්‍රදීප් අලහකෝන්
මේ වන විට පිළිකා ගෝලීය වසංගතයක් බවට පත්වෙමින් තිබෙන බවද, 2022 වසරේදී ලොව පුරා නව පිළිකා රෝගීන්මිලියන 19.9ක් හදුනාගෙන ඇති අතර,එම රෝගීන්ගෙන් ආසන්න වශයෙන් රෝගීන් මිලියන 7.9ක් මිය ගොස් ඇති බවට ලෝක සෞඛ්‍ය වාර්ථාවලින් වාර්ථා වී ඇති බවද, දැනට රෝගීන් වාර්ථා වන ප්‍රවනතාවය අනුව 2040 වන විට ලොව පුරා පිළිකා රෝගීන්ප්‍රමානය මිලියන 30 දක්වා ඉහල යා හැකි බවට පිළිකා පිළිබද ජාත්‍යන්තර පර්යේෂණ ආයතනය පුරෝකථනය කර ඇති බවද,රත්නපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ ප්‍රදීප් අලහකෝන් මහතා පැවසීය, ඔහු මෙසේ පැවසුවේ ඉකුත්දා ලෝක පිලිකා දිනයට සමගාමීව රත්නපුර ශික්ෂණ රෝහලේ පූර්ව පිළිකා හදුනා ගැනීමේ මධ්‍යස්ථානය සහ පිලිකා ඒකකය එක්ව සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ වැඩ සටහනේදී අදහස් දක්වමිනි.
රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් රත්නපුර හෙද විදුහලේදී පැවති මෙම වැඩ සටහනෙදී වැඩි දුරටත් අදහස් දැක් වූ විශේෂඥ ප්‍රදීප් අලහකෝන් මහතා, අවදානම් සාදකවලට නිරාවරනය වීම අවම කිරීමෙන් හා සෞඛ්‍ය සම්පන්න ජීවනරටාවකට අනුගත වීමෙන් පිලිකා වලින් 30% ත් – 50%ත් අතර ප්‍රමානයක් වලක්වා ගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පෙන්වා දී .තිබෙනවා.මේ අනුව මෙරටතුලද ජනතාව සෞඛ්‍ය සම්පන්න ජීවනරටාවන් වැළඳ ගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය තොරතුරු හා සහාය ලබා දීම සඳහා ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව මතුව තිබෙනවා.
මෙරට රෝහල්තුලදී සිදුවන මරණ වලින් සිව්වනස්තානයට පිළිකාව හඳුනාගෙන තිබෙනවා.ජාතික පිළිකා ලේඛණයට අනුව 2021 වසරේදී මෙරටින් නවපිළිකා රෝගීන් 37753 දෙනෙකු වාර්ථා වී ඇති අතර ඒ අතර පිරිමි රෝගීන් 17582 දෙනෙකු හා කාන්තා රෝගීන් 20171 දෙනෙකු වාර්ථා වී තිබෙනවා.පිරිමි රෝගීන් අතර ප්‍රමුක පිළිකාව බවට මුක පිළිකාව හදුනාගෙන තිබෙනවා. කාන්තාවන් අතර ප්‍රමුකම පිළිකාව ලෙස පියයුරු පිළිකාව හදුනාගෙන තිබෙනවා ඊට පසුව පෙනහලු පිළිකාව, මහා අන්ත්‍රය හා ගුද මාර්ගය ආශ්‍රිත පිලිකව හදුනාගෙන තිබෙනවා .මේ අනුව ඉලක්කගත පිලිකා වැලැක්වීමට හා කලින් හදුනා ගැනීම අවශ්‍යතාවය මතුව තිබෙනවා.
මෙහිදී අදහස් දැක් වූ විශේෂඥ වෛද්‍ය ලීලා සිරිවර්ධන මහත්මිය මෙසේ පැවසීය, පිලිකාව කලින් හදුනා ගැනීම සහ ඉලක්ක ගත පිළිකා වැලැක් වීමේ වැඩ සටහන් වල අවශ්‍යතාව දැඩිවමතුවතිබෙනවා..සෑම වෂරකම ජාත්‍යන්තර පිළිකා දිනය සැමරීමේ ප්‍රධන අරමුන වන්නේද වලක්වා ගත හැකි පිලිකිවලින් මියයන මිලියන ගනනක් වූ රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමයි. මෙරටින් සෑම වසරකම ළමා පිලිකා රෝගීන් 1200 දෙනෙකු පමන වාර්ථි න අතර, ඉන් 250 දෙනෙකු පමන වාර්ෂිකව මිය යන බවටත්, ළමුන් අතර, වසා ග්‍රන්ථි පිලිකාව, අස්ථි පිලිකාව, මොළය ආශ්‍රිත පිළිකාව . ප්‍රමුකව වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්ධන වැඩ සටහන වාර්ථා කර තිබෙනවා