පොල් පැලයක් සිටු වන්නට වියදමි කළ පුදුම මුදලකි. ඒ අනුව පොල් පැලයක් සිටුවන්නට ලංකාව නම් රටේ වැයකර ඇති මුදල රුපියල් 23,75 75 80 කි. ලංකාවේ වැඩක් මෙන්න!
අහුන්ගල්ල,හෑගල්ල, කොස්ගොඩ ප්‍රදේශයේ පිහිටි පුරන්වු කුඹුරු අක්කර 30ක සෝජාන් ක්‍රමය යටතේ පොල්වගා කිරිමේ ව්‍යාපෘතිය සදහා උත්සව පැවැත්විම, ඉන්ධන,ගමන්වියදම් සහ විවිධ පරිපාලන වියදම් ලෙස රුපියල් දහ අටලක්ෂ,අසුහයදහස්,හැටහතරක මුදලක් (1,886,064) වැයකොට ඇතත් පාත්ති පහක් තුල වගාකොට ඇත්තේ පොල්පැල 125ක් පමණක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ අක්කර 05ක් බිම් සකස්කර පොල්වගා කිරිම සදහා රුපියල් මිලියන 4.2ක ඇස්තමේන්තුවක් සකස්කොට කොන්ත්‍රාත්කරුවෙකු වෙත පවරා තිබුණි. ව්‍යාපෘතිය තුල කොන්ත්‍රාත්කරු විසින් කරණු ලැබු වැඩසහතික කරවාගෙන කොන්ත්‍රාත්කරුට රුපියල් හත්ලක්ෂ, විසිඑක්දහස්,දෙසියහතලිස්එකක (721,241) මුදලක් ගෙවා තිබුණි. කොන්ත්‍රාත්කරු විසින් ඉතිරි වැඩකොටස් අතරමග නවතා දමා තිබු අතර ඒ අනුව තවත් පොල්පැල 1,375ක් සිටුවිම සදහා පාත්ති 55ක් සකස්කළ යුතුව ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මෙකි ව්‍යාපෘතිය යටතේ පුරන්ව ඇති අක්කර 30ක පහත්බිම්වල පොල් වගාකටයුතු කිරිම සහ වාරිපද්ධතියක් සකස්කරගැනිම සදහා පොල් වගාකිරිමේ මණ්ඩලය විසින් 2021 වර්ෂයේ දි රුපියල් එක්කෝටි,පනස්දෙලක්ෂ,හතලිස්තුන්දහස්,නමසියහතලිස්පහක මුදලක් (15,243,945) ගාල්ල කලාප වාරිමාර්ග අධ්‍යක්ෂක කාර්යාලය වෙත ලබාදි තිබුණි. මින් රුපියල් එක්කෝටි,විසිපන්ලක්ෂ,නමදහස්තුන්සිය පනස්හතරක මුදලක් (12,509,354) මේ දක්වා අදාළ කාර්ය සදහා යෙදානොගෙන වාරිමාර්ග අධ්‍යක්ෂක කාර්යාලයේ තැන්පත් ගිණුමේ රදවාගෙන ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
ලැබෙන ප්‍රතිපාදන පොදු තැන්පත් ගිණුමේ දිගුකාලිනව රදවා ගැනිමට කටයුතු නොකළයුතු අතර අදාළ කාර්යයන් සදහා නොපමාව යොදවාගතයුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත.
මේ සම්බන්දයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත්තේ මෙකි ව්‍යාපෘතිය සමාජිය හා පාරිසරික බාදාවන් හේතුකොට ගෙන තාවකාලිකව නතර වි ඇති බවය. පසුව නව ඇස්තමෙන්තු අනුමත කිරිමෙන් පසු ව්‍යාපෘතිය ආරම්භකළද ඉඩම් ගැටළුවක් නිසි මෙකි ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකිවි ඇති බවය. පොල්වගා කිරිමේ සෘජු මැදිහත්විම තුලින් ඉඩම් ගැටළුව නිරාකරණය කරණ ලෙස නැතිනම් පොදු තැන්පත් ගිණුමේ පවතින මුදල් ආපසු ලබාගැනිමට කටයුතු කරණ ලෙස පොල්වගා කිරිමේ මණ්ඩලයට දන්වා ඇති බවද ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත.