හෙඳ නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන්ගේ නිවාඩු දින හා අතිකාල දීමනා ප්‍රශ්ණය සම්බන්ධ ගැටළුවට සතියක් ඇතුලත රජය විසදුම් ලබා නොදුන හොත් ලබන 25 වන දින සිට සියලුම රෝහල් ආවරණය වන පිරිද අඛණ්ඩ වූ වැඩ වර් ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ හෙඳ නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
ඇමතිවරයා මේ සම්බන්ධව අපට සතියක කාලයක් තුළ විසදුම් දෙන බවත් අපි සතියක කාලයක් එතුමාට අපි ලබා දෙන බවත් එහෙම ලබා දෙන කාලයෙ මේ මස 18 වෙනිදා සිට 25 දින දක්වා බව අපි සෞඛ්‍ය විෂයභාර ඇමතිවරයාට හා ආණ්ඩුවට සිහිපත් කර සිටින බව ද ඒ මහතා කීය.
යහපත් ප්‍රතිචාරයක් ආණ්ඩුව ලබා නොදෙන්නේ නම් මා ර් තු 25 සිට වැඩ වර්ජනය සිදු කරන බව ද ඒ මහතා කීය.
හෙඳ නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන්ගේ වැටුප් ගැටළුවට විසදුම් ලෙස විෂයභාර ඇමතිවරයා සමඟ කළ සාකච්ජා අනුව සා ර් ථක වූ බව ද ඒ මහතා කීය.
අප ගන්නා වූ වෘත්තිය ක්‍රියාමර්ගය ඉතාම පැහැදිලියි. රටේ වෛද්‍යවරුන්ගේ හා වෛද්‍ය වෘත්තිකයන්ගේ දීමනා මේ ආණ්ඩුව මෙවර අය වැය ප්රකාශනය මගින් දිගින් දිගටම කප්පාදු කර තිබෙනවා.
අතිකාල දීමනා ද මේ ආණ්ඩුව විසින් කප්පාදු කර නැති කර දමා තිබෙනවා.
කප්පාදු කළ දීමනා නැවත ලබා දෙන්න. ඒ සඳහා පා ර් ලි මේන්තුවට නව යෝජනාවක් ඉදිරිපත් කර මෙම දීමනා ලබා දෙන්න කියා අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
නැති නම් මෙම් වැඩ වර් ජනය නොනවත්තාම ඉදිරියට ක්‍රියාත්මක කරන්නට අප තීරණය කර ඇති බව ද රජයේ හෙඳ නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.