මං පහරන්නන්, මාල කඩන්නන්, ස්ත්‍රී දූෂකයන්, මස් පිණිස සතුන් මරන්නන්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් ආදී බොහෝ අපරාධකරුවන්ගේ අපරාධවලට නිදහස් තෝතැන්නක් බවට මිහින්තලා පූජාභූමිය පත්වෙමින් තිබීම හේතුවෙන් ඉවත් කළ පොලිස් ආරක්ෂාව යළි මිහින්තලා පුදබිමට ලබාදෙන ලෙස මිහින්තලා රජමහා විහාරාධිපති භාරකාර වලවාහැගුනවැවේ ධම්මරතන නාහිමියන් පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

 මිහින්තලා පුද බිමට සපයා තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කිරීම   පිළිබඳව උන්වහන්සේ   අතිශය කණගාටුවට පත්වන බවත් අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමන්ගේ දැනුවත් කිරීම් මත පූජා භූමිය තුළ සවි කර තිබූ ‘රථ වාහන නවතා තැබීම තහනම් – රථ වාහන ඇතුළු වීම තහනම්’ ආදී දැනුවත් කිරීමේ පුවරු පවා මේ වන විට පූජාභූමිය තුළ නොමැති බවක් උන්වහන්සේ සඳහන් කරති.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න