රෝගින්ට අබ සරණයි! ආණ්ඩුවට තෙරුවන් සරණයි!
සෞඛ්‍ය වෘත්තීය සමිති විස්සකට ආසන්න ප්‍රමාණයක් 18 වන දින රට පුරා සියලුම රෝහල් අවරණයවන පරිදි පැය 24 ක වැඩ වර් ජනයක් දියත් කරන බව සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.
අද (16) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා එසේ කීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය ඇමතිවරයා සමඟ සාකච්ඡාවට අපි සුබවාදීව සහභාගී වෙනවා යැයි රවී කුමුදේශ් මහතා පැවසීය.
නලින්ද ජයතිස්ස ඇමතිවරයත් දේශපාලනය පැත්තකින් දාලා වෘත්තිමය වශයෙන් මේ ගැටලුව විසඳන්න මැදිහත් විය යුතු ඇති බවද හෙතෙම කීය.
ඒ වගේම ඔහු සහ අප අතර තියන සාකච්ඡාවල සුභවාදී තත්ත්වයන් ආරක්ෂා කර ගනිමින් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමටත් ජයතිස්ස ඇමතිවරයා වගකිය යුතු වෙනවා.
ඇමතිවරයාගේ පහළින් ඉන්න දේශපාලන කාඩර්වරුන් වෘත්තීය සමිතියි වලට එරෙහිව සිදුකරමින් තිබෙන කුමන්ත්‍රණ වහාම හකුලා ගත යුතු බවද ඇමතිවරයාට මෙන්ම කාඩර්වරුන්නට ද අප මතක් කරක්නට කැමැතියි.
සාකච්ඡාව අසාර්ථක වුණොත් දහ අටවෙනිදා උදේ අටට තීරණය කරගත් පරිදිම සංකේත වර්ජන ක්‍රියා මා ර් ගයක් ආරම්භ කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.
එය අනුව දිවයිනේ සියලුම රෝහල්වලින් පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සහ අතුරු වෛද්‍ය වෘත්තිකයන් පැය විසි හතරක සංකේත වර් ජනයකට එක්වීමට නියමිත වෙනවා.
මෙම වර්ජන කාලය අතරතුරු හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගන්නා අතර, ළමා රෝහල් පිළිකා රෝහල් මාතෘ රෝහල් වකුගඩු රෝහල්හි ව ර් ජනය ය ක්‍රියාත්මක වන්නේ නැති බවද අප වගකීමකින් ප්‍රකාහශ කරන බවද ඒ මහතා කීය.
එමෙන්ම මානසික සෞඛ්‍ය විද්‍යායතනයේද සම් පු ර් ණ සේවාව පවත්වා ගැනීමට තීරණය කොට තිබෙනවා යැද ඒ මහතා ප්‍රකාශ කළේය.
වෘත්තීය සමිති විස්සකට ආසන්න ප්‍රමාණයක් මෙම ක්‍රියා මාර් ගයට සඳහා ඒකමතිකව එකඟ වී තිබෙන බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.