නලින්දගේ පල්ලෙහා කාඩර් එක වෘත්තීය සමිති හදමින්, බොරු කියමින් අපිත් එක්ක යුද්දෙකට ලෑස්ති වෙනවා. නලින්ද අපේ ප්රශ්නෙ තේරුම් අරගෙන සුහදව සාකච්ඡා කරනවා යැයි රවි කුමුදෙශ් කියයි.
නලින්දගේ ලිඛිත පොරොන්දුව අපි විශ්වාස කරා. ඒ නලින්ද අනිත් අයට වඩා වෙනස් නිසා නෙමෙයි, නලින්ද කලින් පොරොන්දු කඩ කරල නැති නිසා. කඩ කරන්න පොරොන්දු දෙන්න අවස්ථාවක් ලැබිලත් නෑනේ. එනිසා එක පාරක් හරි නලින්ද පොරොන්දු කඩ කරනකන් අපි නලින්දගේ පොරොන්දු විශ්වාස කරනවා.
අරගලය කරපු අය දිනලා නෑ. හැබැයි අරගලයෙන් ඉල්ලුවේ ක්රම වෙනසක්. ඒ ක්රම වෙනස් වෙනුවෙන් අපි එදත් අදත් පෙනී සිටිනවා. වැටුප් වැඩි කරන්න ජාතික ප්රතිපත්තියක් ඕන. අනුරට අරගලේ හිටපු අය ගහන්න එනකොට අනුර ළඟම හිටිය කෙනෙක් මම.
රාජ්ය සේවය අතර තියෙන වෘත්තීය සමිති ක්රියාමාර්ගවලින් සියයට අනූපහක් නවත්තන්න පුළුවන් ක්රම වෙනස තමයි ඒක. එහෙම නැතුව වැඩිම ගානකින් වැටුප වැඩි කරා කියලා මිනිසුන්ගේ හිතවත්කම බොරුවට දිනාගන්නේ එක, පරණ දේශපාලන ක්රමයට අයිති එකක් නිසා අලුත් එකක් නෙවෙයි.