ආහාර ආශ්රිත ව රෝගාබාධ වලට ගොදුරුවන ප්‍රමාණය ඉහළට, සියලු දෙනාගේ ඒකාබද්ධ මැදිහත්වීමෙන් එම අභියෝගය ජයගත හැකි යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
ආහාර ආශ්‍රිතව රෝගාබාධ වලට ගොදුරුවන ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බවත් එක් අංශයකින් උපත් ප්‍රමාණය අඩු වනවිට,අනෙක් අංශයෙන් ආහාර ආශ්රිත රෝගාබාධ ඉහළ යාම රටක් ලෙස අභියෝගයක්ව ඇති ඒ මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා පාලන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් පාර්ශ්වකරුන් අතර ආහාර සුරක්ෂිතතා වත්මන් අභියෝග, සහයෝගිතා විසදුම් මෙන්ම සුදුසුම භාවිතයන් පිළිබද අවබෝධය වැඩිදියුණු කිරීම සදහා වූ විද්වත් කථීකාවකට සහ ජනමාධ්‍යවේදීන් අතර දැනුම බෙදාගැනීමේ වැඩසටහනට එක් වෙමිනි.
එම වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 02, Marriot Courtyard හෝටල් පරීශ්‍රයේ පැවැත්විණි.
අප අමාත්‍යාංශය ආහාර ආශ්රිත රෝගාබාධ පිළිබදව නිරන්තර අවධානයෙන් සිටින බවත් සියලු දෙනාගේ ඒකාබද්ධ මැදිහත්වීමෙන් මෙම අභියෝගය ජයගත හැකි බව ද ඒ මහතා පැවසීය.
ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව සියලු පාර්ශ්වයන්ගේ අවධානයක් යොමු කිරීමට ක්‍රියා කිරීම ඉතා වැදගත් වන බව ද එමෙන් ම නිෂ්පාදනය, සංඛ්‍යා, දත්ත සහ නියාමනය යන සියලු අංශ එක් ව මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ යුතු බවත්
පැවසීය.
ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සදහා විද්‍යුත් මුද්‍රිත සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය වලට වගකීමක් පැවරෙන බව ද ඒ පැවසීය.
මාධ්‍ය දැන්වීම් මගින් ජනතාවට දෙන උපදෙස් කෙරෙහි ජනතාව විශ්වාවසය තබන බවත් ඒ අනුව එම ආහාර වර්ග දෙමාපියන් දරුවන්ට ලබාදෙන බැවින් වගකීම් සහගතව මාධ්‍ය කටයුතු කිරීම අතිශය වැදගත් බව ද පැවසීය.
මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත සහ අධ්යක්ෂ විමලේන්ද්‍ර ශරන්, යුරෝපීය සංගම් නියෝජිත පිරිස සඳහා මෙරට වැඩසටහන් කළමනාකරු චන්දන හේවාවසම්, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆ්‍රැන්චේ (Marc-André Franche)ඇතුළු මෙරට පෞද්ගලික ව්‍යවසායන්, මාධ්‍ය ප්‍රධානීන් සහ මාධ්‍යවේදීන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්, ඇතුළු පිරිසක් එක්ව සිටියහ.