ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල (NHDF) ඉදිරියේ දී පුළුල් කිරීම සඳහා අවශ්‍ය නව්‍ය දැනුම ලබා ගැනීම, එම සංවර්ධන අරමුදල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රගමණය සදහා යෙදවීම පිළිබදව අදහස් යෝජනා ලබා ගැනීමේ විද්වත් කතිකාවතක් එම අරමුදලේ වත්මන් සභාපති සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය් ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම අරමුදලේ භාරකාර මණ්ඩලයේ සහභාගීත්වයෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්විණි.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල (NHDF) ඉදිරියේ දී පුළුල් කිරීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ග පිළිබදව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
ඒ සදහා දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය ලබා ගැනීම, ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ආදායමෙන් මුදලක් ලබා ගැනීම, ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල පිළිබදව සහ එයින් මහජනතාවට සිදුවන සේවාව පිළිබදව මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීම කරුනි වලට අවධානය යොමු විය.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලෙහි පරිපාලන, කළමනාකරණ සහ අධීක්ෂණ කටයුතු සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රධාන භාරකාර මණ්ඩලයක් විසින් සිදු කරනු ලබයි.