ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැදිහත් වීමෙන් ඉදිකිරීමට යෝජිත මාතර පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල හා ක්‍රීඩාංගණය ඉදිකිරීම ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මාසයක් ඇතුළත නිම කොට කඩිනමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අද දින(13) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් හා පැවති සාකච්ඡාවේදී තීරණය කල අතර, මෙහිදී අමාත්‍යතුමා අවශ්‍ය සියළු රාජ්‍ය ආයතන, ක්‍රීඩා අමාත්‍යතුමා සහ ක්‍රීඩා අමාත්‍යංශය මැදිහත් කරගනිමින් මසක් ඇතුළත සියළු කටයුතු නිම කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය. මෙම අවස්ථාවට එම යෝජිත ඉඩමෙහි භාරකාරත්වය හිමිව ඇති අමරපුර ධර්‍මරක්ෂිත නිකායේ අතිගරු මහානායක ධූර තැන්පත් අති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මාහිමියන්ද, ආනන්ද මාහිමියන්ද, ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ශම්මි ද සිල්වා මහතා, සනත් ජයසූරිය මහතා සහ සුජීව ගොඩලියද්ද මහතාද, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය නිළධාරින් සහභාගී විය. මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වෙන්කර තිබියදීත් මෙතෙක් අළුත්වැඩියා නොකළ සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය ඉක්මනින් අළුත්වැඩියාව ආරම්භ කිරීමටත් තීරණය කලේය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න