රාජයේ නිලධාරින් 62 000 ක්!

15 දින රට වඳුරට..!  රිලව් රටට..

රට එකට! … අටට රටම එකට…එක් වෙයි!

රිලා වඳුරු සංගනණ මෙහෙයුමට 15 දින සියලු ජනතාවගේ සහයෝගය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යංශයේ තාක්ෂණික අධ්‍යක්ෂ හේමන්ත අමරසිංහ මහතා පැවසීය.

භෝගවලට හානි සිදු කරන වන සතුන් සංගණනය කිරීමේ ජාතික වැඩ සටහන ලංකාව පුරාම මේ මස 15 වන දින උදෑසන 8.00 සිට 8.5 දක්වා කාලය තුළ රටම එක කුටුම්භයක් ලෙස සලකා සිදු කිරීමට නියමිත බව ද ඒ මහතා කීය.

මෙම සංගනනය සඳහා අවම වශයෙන් රාජ්‍ය නිලධාරින් 62 000 කට ආසන්න පිරිසක් එක්වන අතර නිවාස  70 000 මුලික කරගෙන පැවැත් වෙන බව ද හෙතෙම කීය.

මෙයට අමතරව,පොදු ස්ථාන රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන, විශ්ව විද්‍යාල හා පාසල් පරිශ්‍රයන්, වගාබිම්, ගොවිබිම් ආදි විවිධ ස්ථාන 13 ලක්ෂ ක් ද මුලික කරගෙන සංගනනය පැවැත් වෙන බවද ඔහු පැවසීය.

ඒ අනුව මෙම  සංගනනය ස්ථාන  83 00000 ක එකම දිනක දී විනාඩි පහක් තුළ සිදුකරන බව ද ඒ මහතා කීය.

සංගනනයේ දී තොරතුරු සටහන් කරන්නට දැනට පත්‍රිකා 70 000 අද (14) දින සවස් වන විට ලංකාවේ සෑම නිවසකටම ලැබෙන්නට සලස්සන අතර අමතර සංගණන පත්‍රිකා ලබා දෙන්නට රාජ්‍ය නිලධාරින් සුදානමින් සිටින බව ද ඒ මහතා පැවසීය.

කාෂිකර්ම,පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය විසින් සිදු කරන මෙම ජාතික වැඩ සටනක්සේ සලකා සියලුම ජනතාවගේ සහයෝගය ලබා දිය යුතු බවත් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලින් මේ සඳහා දැවැන්ත සහයෝගයක් ලබා දෙන්නට පියවර ගන්නා ලෙස ද ඒ මහතා සියලුම ජනමාධ්‍ය ආයතන ප්‍රධානින්ගෙන් ඉල්ලිමක් කරන බව ද පැවසීය.

මෙම වන සත්ව සංගණනය රටේ කෘෂි කර්මාන්තයේ නව දිසාවකට ගමන් කරමින් රටේ ආහාර සුරක්ෂිතාවයට නව ජවයක් එක් කරමින් රටේ අභිමානවත් ගොවි ජනතාවගේ වගාවන් සුරක්ෂිත කරන ජාතික වැඩටහනක් සේ සලකා මෙම ජාතික වැඩ සටහනට සහයෝගය ලබා දෙන මෙන් සියලුම ජනතාවගෙන්  ඉල්ලා සිටින බව ද  කෘෂිකර්ම අමාත්‍යංශයේ තාක්ෂණික අධ්‍යක්ෂ හේමන්ත අමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න