සමස්ත ලංකා වෘත්තිය සමිති මධ්යස්ථානයේ සමකැඳවුම්කරු සුමිත් කොඩිකාර පවසයි.
15 වන දිනයේ පැවැත්වෙන සත්ව සංගණනය සඳහා ග්‍රාම නිලධාරීන්, කෘෂිකර්මපර්යේෂණ සහකාර නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන හා ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය ලැබෙන බව සමස්ත ලංකා වෘත්තිය සමිති මධ්යස්ථානයේ සමකැඳවුම්කරු සුමිත් කොඩිකාර පවසයි.
මහනුවරදී 14 දින පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේඇතැම් පුද්ගලයෝ මෙම සංගණනය හාස්‍යට ලක් කළද මෙහි වැදගත්කම තේරුම් ගෙන ඇති සමස්ත රාජ්යනිලධාරීහු සහ මෙරට බහුතර ජනතාව ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට මේ වන විටද සූදානමින්සිටින බවය.
තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද කීය. මෙරට කෘෂි භෝග නිෂ්පාදනයේදීඅති විශාල ප්‍රමාණයක් වන සතුන් නිසා විනාශයට ලක් වෙනවා. මේ වගේ කෘෂි ආර්ථිකය මූලික කරගත්රටකට එය විශාල ගැටලුවක්. මේ ප්‍රශ්නය දිගු කාලයක සිට පැවතුනත් ඒ සඳහා විසඳුමක් ලබාදීමටකිසිම රාජ්ය ආයතනයක් හෝ කෙනෙක් ඉදිරිපත් උනේ නෑ. මේ අවස්ථාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, රාජ්ය පරිපාලන අමාත්‍යංශය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඉදිරිපත්ව මෙම සංගණනය කිරීමහාස්‍යට කරුණක් වශයෙන් අපි දකින්නේ නෑ. මේ සංගණනයෙන් පසු පූර්ණ වශයෙන් නොවුනත් යම්ආකාරයකින් මේ සතුන් පිළිබඳව අවබෝධයක් ලබාගන්න පුළුවන්. ඉන්පසු ඒ සම්බන්ධයෙන් ඉදිරික්‍රියාමාර්ග ගන්නත් පුළුවන්. ඒ නිසා මේ කෘෂි හානි සිදුකරන සත්ව සංගණනය සඳහා සහාය ලබාදෙන්න කියලා අපි සියළුම දෙනාගෙන් ඉල්ලනවා. අඳුරේම ඉන්නවාට වඩා එක පහනක් හෝ දැල්වීමයහපත් කියලයි අපි හිතන්නේ. රජය ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳවඅපි අවධානයෙන් ඉන්නවා.