රජයේ අනුමත මත්පැන් බෝතල් වලට ඇල්වතුර යොදා සැර බාලකල ආගරපතන පසුමලේ නගරයේ පිහිටි මත්පැන් අලෙවිසැලක් (12) දින රාත්‍රියේ මුද්‍රා තබා එම වෙලදසැලට ලබා දී තිබූ මත්පැන් අලෙවි බලපත්‍රය තාවකාලිකව තහනම් කල බව මධ්‍යම පළාත් විශේෂ සුරාබදු වැටලීම් අංශයේ ස්ථානාධිපති සරත් ජයවීර මහතා පැවසීය.
සුරාබදු ජෙනරාල්වරයාට ලද තොරතුරක් මත (12) දින රාත්‍රියේ එම අලෙවිසැලට ගිය අවස්ථාවේ එහි සේවකයන් දෙදෙනෙකු විසින් එම මත්පැන් බෝතල් ගලවා එම මත්පැන් බෝතල්වලට ඇල්වතුර මිශ්‍ර කර සැර බාල කරමින් සිටි බවයි සරත් ජයවීර මහතා කියා සිටියේ.
වැටලීම සිදු කරන අවස්ථාවේ එම සේවකයන් විසින් මිලි ලීටර් 750 බෝතල් 51 ක්, මිලි ලීටර් 375 බෝතල් 48 ක් සහ මිලි ලීටර් 180 බෝතල් 7ක් වතුර යොදා කවලම් කර තිබූ බවත්, කවලම් කරමින් සිටි සියලු මත්පැන් බෝතල් තමන් භාරයට ගත් බවයි සරත් ජයවීර මහතා කියා සිටියේ.
මෙම වැටලීමේදි මත්පැන් බෝතල් ගැලවීමට උපයෝගි කරගත් උපකරණ රැසක් තමන් භාරයට ගත් බවත්, (12) දින ආගරපතන පසුමලේ ප්‍රදේශයේ පැවති තේරු උත්සවයකදී කලවම් කළ මත් පැන් අලෙවි කිරීම සදහා එම සේවකයන් සූදානම්ව සිටි බවයි සරත් ජයවීර මහතා තව දුරටත් කියා සිටියේ.
මෙම වැටලීමට සුරාබදු කෝප්‍රල් ප්‍රදීප් බණ්ඩාර මහතා, සුරාබදු කෝප්‍රල් අසංක බණ්ඩාර මහතා සහ සුරාබදු රියදුරු සමන් රෝහණ මහතා සහය වී තිබුණි.