අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට ඇති සියලු වෙළඳ සල් අද (13 ) වැනිදා සිට මින් ඉදිරියට පස්වරු 6.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා වසා දැමීමට අනුරාධපුර මහා නගර සභාව තීරණය කර තිබේ.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් (13) උදෑසන 7.00 පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී රැස්වී ගත් තීරණයකට අනුව මෙම පියවර ගෙන තිබේ.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස ,අනුරාධපුර නාගරික කොමසාරිස් එන්.එච්.ආර්.නිශාන්ත , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සම්පත් තෙන්නකෝන් , එහි ලේකම් වෛද්‍ය එස්. විතානගේ , අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් විතානගේ යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් මෙම සාකච්ඡාවට එක්ව තිබේ.
කාර්ය මණ්ඩල සහ රෝගීන්ගේ ආරක්ෂාව මුල් කරගෙන අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපස වූ සියලු වෙළදසල් සවස 6.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා වසා දැමීමට තීරණය කළ බව අනුරාධපුර නාගරික කොමසාරිස් එන්.එච්.ආර්.නිශාන්ත මහතා පැවසීය.