විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය එක් ව විද්‍යුත් විකාශන සමුළුවක් (Broadcasting Symposium) ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම තිරණය කර තිබේ. 2025 වසරේ ජුනි මස මෙම සමුළුව පැවැත්වීමට නියමිතව ඇත.
මෙම විද්‍යුත් විකාශන සමුළුව ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ට,මාධ්‍ය විද්වතුන්ට, මාධ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග වගකීම් සහ අනාගත අපේක්ෂාවන් ආමන්ත්‍රණය කිරීම සඳහා වේදිකාවක් වනු ඇති බවත්,සාදාචාරාත්මක මාධ්‍ය කලාවේ ගුණාත්මකභාවය සහ විනෝදාස්වාදය යන අංශ දෙක සදහා හොඳම භාවිතයන් ප්‍රවර්ධනය කරනු ඇති බව ද අමාත්‍යංශය පෙන්වා දෙයි.
එහිදී ඉදිරි වසර 05 දී විකාශණ කර්මාන්තයේ අනාගතය,පවතින ගැටළු නිරාකරණය,ප්‍රකාශණ අයිතීන් පිළිබදව සාකච්ඡා කිරීමට ද නියමිතය.
යෝජිත විද්‍යුත් විකාශන සමුළුව සැසි 04 කින් සමන්විත එක්දින වැඩමුළුවක් ලෙස පැවැත්වීමටත් සමුළුවේ සැසි මාතෘකා තේමා 04 කින් සමන්විතව පැවැත්වීමට තීරණය කර තිබේ.
සැසි මාතෘකා අවසානාත්මකව ලෙස සාකච්ඡා කිරීමෙන් පසු අනු කමිටු පත් කිරීමටත් විකාශණ සමුළුව පැවැත්වීමේ දී ඉටු කළ යුතු කාර්යයන් යටතේ ප්‍රචාරණ කටයුතු,මුල්‍ය සම්පත් දායකයන් හා උපකාරක සේවා වැනි එක් එක් කාර්යයන් සදහා අනුකමිටු පත්කිරීමට ද මෙහිදී කර ඇත.
සමුළුව සදහා සහභාගිවීමට නොහැකි විකාශන සමුළුව සදහා ඇල්මක් දක්වන පාර්ශ්වයන් සඳහා මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ ඊට සම්බන්ධවීමට අවස්ථාව ලබාදීමේ වැදගත්කම විදුලි සංදේශ නියාමන සභාවේ මූල්‍ය සහයෝගය මෙම කාර්යය සදහා ලබාගැනීමේ හැකියාව සොයා බැලීම මෙන් ම විකාශන සමුළුව පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය ක්ෂේත්‍රයේ මාධ්‍යවේදීන් සඳහා පමණක් වැඩමුළුවක් පැවැත්වීම සම්බන්ධව ද මෙහි දී කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ උපදේශකත්වය යටතේ මීට අදාළ ඉදිරි කටයුතු සැලසුම් කිරීමට නියමිත ය.
මෙම සාකච්ඡාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එන්.ඒ.කේ.එල් විඡේනායක, අධ්‍යක්ෂ (සංවර්ධ) ඩබ්.පී. සෙව්වන්දි මිය, අධ්‍යක්ෂ (මාධ්‍ය) කේ.ජී ජයන්ත, නීති නිලධාරී යුරේකා වේලාරත්න, සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හර්ෂ බී අබේකෝන්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හෙරත්, ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ සභාපති අසංග ජයසූරිය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ආයතනයේ මාධ්‍ය විශ්ලේෂක චතුරංග හපුආරච්චි, Factum ආයතනයේ උපදේශක මන්දනා ඉමයිල්, කලාපීය උපදේශක (ආසියානු) ආචාර්ය රංග කලන්සූරිය, මාධ්‍ය විශ්ලේෂක හා උපදේශක නාලක ගුණවර්ධන යන මහත්ම මහත්මින් ඇතුළු ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ සාමාජික පිරිසක් ද එක්ව සිටියහ.