වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති වැවිලි සමාගම් ආශ්‍රිතව ඉඩම් හඳුනාගෙන එම ඉඩම් වල නව ව්‍යාපෘති රැසක් ආරම්භ කිරිමට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය තීරණය කොට ඇත. ඒ අනුව හලාවත වැවිලි සමාගම යටතේ ඇති වතු ආශ්‍රිතව ව්‍යාපෘති ගණනාවක්ම අලුතින් ආරම්භ කල බවත්, මූලික වශයෙන් වතු ආශ්‍රිතව පුවක් පැල 10,000ක් සහ තවත් ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කල බවත් හලාවත වැවිලි සමාගමේ සභාපති චන්දන දිසානායක මහතා සඳහන් කළේය.
පුවක් පැල සිටවීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස පැල 2,500ක් සිටුවීම පසුගියදා සිදු කරුන බවත්, අපේක්ෂිත කාලය තුල පැල 10,000 සිටුවා ප්‍රමණාත්මකව එය ඉහළ නංවන බව සභාපතිවරයා සඳහන් කළේය.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ උපදෙස් මත වතු ආශ්‍රිතව මෙම ව්‍යාපෘති ආරම්භ කෙරුනු බවත් හලාවත වැවිලි සමාගම ආශ්‍රිතව වගා කර නොමැති ඉඩම් එලිපෙහෙළි කර මෙම ව්‍යාපෘතියෙන් වැඩි දියුණු කරන බවත් චන්දන මහතා සඳහන් කළේය.
එමෙන්ම කුරුඳු පැල සිටුවීමේ ව්‍යාපෘතියක් වතු ආශ්‍රිතව ආරම්භ කර ඇති බවත් එහි මූලික අදියර ලෙස කුරුඳු පැල 8,356ක් සිටුවා අවසන් කල බවත් සඳහන් කල සභාපතිවරයා මීට අමතරව ටොම් ඇන්ඩ් ජේ.සි අඹ වගා කිරිමේ ව්‍යාපෘතියක්ද කටු අනෝදා වගා කිරිමේ ව්‍යාපෘතියක්ද ඉදිරි කාලයේදි ක්‍රියාත්මක කිරිමට සැලසුම් කරඇති බවත් කියා සිටියේය.
එමෙන්ම වැවිලි සමාගම් ආශ්‍රිතව ඇති වැව් ආශ්‍රිතව මත්ස්‍ය සම්පත වැඩි දියුණු කිරිම සඳහා මාලු පැටවුන් මුදා හැරිමක් සිදු කරන බවත් ව්‍යාපෘතිය අරම්භ කර මේ වනවිට තිලාපි මාලු පැටවු 60,000 ක් පමණ වැව්වලට මුදා හැර ඇති බවත් සභාපති වරයා සඳහන් කළේය.