විවිධ මත්ද්‍රව්‍ය රැගෙන (12) දින හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණි 14 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් කොට්ටාශ භාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා පැවසීය.

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා හැටන් දුම්රිය ස්ථානය ඇතුළු ශ්‍රීපාදස්ථානයට පිවිසෙන මාර්ගවල මෙහෙයුම් දියත් කල බවත්, එම ‍මෙහෙයුමේදී මෙම පිරිස සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකි වු බවයි පොලිස් අධිකාරිවරයා පැවසුවේ.

සැකපිට අත්අඩංගුවට ගත් 14 දෙනා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් අවුරුදු 25-35 වයස් ඛාණඩ වල පසුවන අය බවත්, එම සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් අධිකාරිවරයා පැවසීය.

මේ අතර 2024-2025 වර්ශය සදහා ශ්‍රීපාද වන්දනාවාරය ආරම්භ වු 2024 උදුවප් පොහෝ දින සිට 2025 මැදින් පෝ දින දක්වා හැටන් මාර්ගය ඔස්සේ හෙරොයින්,  අයිස්, කෘෂ්, නීති විරෝධි දුම්වැටි ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය රැගෙන පැමිනි 393 දෙනෙකු සැක පිට අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් තර දඩ මුදල් අයකර ඇති බවත්, එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩි පිරිස බස්නාහිර පළාතේ සහ මධ්‍යම පළාතේ අය බවයි පොලිස් අධිකාරිවරයා කියා සිටියේය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න