මැදින් පුන් පොහෝ දින ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනිමත් සමග නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ දැඩි තද බදයක් පවතින බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ. වීරසේකර මහතා පවසයි.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු වීරසේකර මහතා පවසන ලද්දේ ශ්‍රිපාද වන්දනා සමයන් තුලදි සැම වර්ෂයකම මැදින් පුන් පොහෝයට ශ්‍රිපාදය වන්දනා කිරිමට වැඩි වශයෙන් වන්දනා කරුවන් පැමිනිම සිදුවන බවත් එම තත්වයන් මත මෙවරද මැදින් පුන් පොහෝ දින ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනෙන බවත්ය.
12වන දින රාත්‍රියේ සිටම විවිධ ප්‍රදේශවල සිට වන්දනාකරුවන් රැගෙන පැමිනෙන රථ වාහන හේතුවෙන් නල්ලතන්නිය රථ ගාල් පිරි පවතින බවත් තවත් රථ වාහන නල්ලතන්නිය මස්කෙළිය මාර්ගයේ නතර කර තැබිමට පියවර ගත් බවද ඔහු පැවසිය.