අලි වැට නිසා ගෙඩි පිටින් පොල් ගස් 130කට විදුලි සැර වැදියි!
ගොවි සංවිධානයක් අලි අමාරුවක වැටෙයි!
දිවිනැගුම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මීට වසර පහලවකට ඉහතදී ලබාදුන් අලි වැටටත්, තම ගෙවත්තේ වගා කර තිබෙන පොල් ගස් එකසිය තිහකට ආසන්න සංඛ්‍යාවකට සහ අනෙකුත් බෝග වගාවන් සඳහා හානි වන අන්දමින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින්, ගම වටා විදුලි වැට ඉදිකිරීමෙන් තමන්ට මෙන්ම ගම්වාසීන්ට දැඩි අසීරුතාවයට පත්ව ඇති බව පොළොන්නරුව වැලිකන්ද රුහුණුකෙත ගම්මානයේ ඩබ්ලිව්.ඒ.ඩී.එච්. වනසිංහ ගොවි මහතා සඳහන් කරයි.
ගම වටා විදුලි වැට ඉදිකිරීමට විකල්ප ක්‍රම තිබියදී, තම අලි වැටට අඩි දෙකක් පරතරයෙන් මහවැලි අධිකාරියේ විදුලි
වැට ඉදිකර ඇති බවත්, වන අලි පැමිණි ගම වටා අලි වැටට හානි කළහොත් තමන්ගේ වැටට හානි සිදු වී, ගෙවත්තේ තිබෙන සියලුම පොල් ගස් මෙන්ම අනිකුත් බෝග වගාවන් විනාශ වීමේ අවදානමක් පවතින බවද වනසිංහ ගොවි මහතා හැඬූ කඳුළින් සඳහන් කළේය.
තමන් වෙළෙඳපොලෙන් මිලදී ගන්නේ ලුණු, තුනපහකුඩු, මස් මාළු, පමණක් බවත්, අන් සියල්ල තම ගෙවත්තේ වගා කරමින්ගම්මානයට, මෙන්ම පිටස්තර අයවලුන්ට ඉතා අඩු මිලට අලෙවි කරන බවත්, මහවැලියෙන් අලි වැට, ගම වටා ඉදිකිරීමේදී තම අලි වැටට අඩි දෙකක් දුරින් ඉදිකිරීම හේතුවෙන් වන අලි යම්කිසි හෙයකින් හානි කරහොත් තම විදුලි වැටට ද හානි සිදුව ගෙවත්තට කඩාවැදී පොල් ගස් 130 ත්, මාළු මිරිස්, කරවිල බටු, ඇතුළු අනෙකුත් සියලු භෝග විනාශ වීමේ අවධානමක් පවතින බවද වනසිංහ මහතා පෙන්වා දුන්නේය.
පොල් සංවර්ධන මණ්ඩලයෙන් ලබාදුන් පොල් ගස් තමන් සිටුවා ගත්තේ ඉතා වෙහෙස මහන්සි වී බවත්, එම පොල් පැලවලින් පොල්ගස් 75 ක පමණ අස්වැන්න නෙලන පොල් ගස් බවත්, අන් සියල්ල පොල් පැළ බවත්, මෙමම ගස් රැකගැනීමට ගම වටා ඉදිකරන විදුලි වැට තමන් ඉදිකර තිබෙන විදුලි වැටට අඩි හයක්වත් පිටතින් ඉදි කරන්නේ නම් පොල් ගස් ඇතුළු අනෙකුත් භෝග වගාවන්ට අලින්ගේ හානි නොවන බවද වනසිංහ මහතා කීවේය.
ගම වටා විදුලි වැට ඉදිකිරීමේදී ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් තමන්ට සිදුව ඇති අකට යුතුකම් සහ අසාධාරණකම් පිළිබඳව මහවැලි නිලධාරීන්ට ලිඛිතව හා වාචිකව කොතෙකුත් පැමිණිලි කළද ඊට කිසිදු විසඳුමක් නොමැති බවත්, මේ පිළිබඳ දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ දේශපාලන අධිකාරියද දැනුවත් කිරීමට කටයුතු කරන බවත්, ඉන් විසඳුමක් නොමැති වුවහොත් තමන් මානව හිමිකම් පවා යෑමට කටයුතු කරන බවද වනසිංහ මහතා වැඩිදුරටත් කීවේය.
අප මේ පිළිබඳව සේනපුර කොට්ඨාශ කළමණාකාරවරයාගෙන්, දුරකථනයෙන් කල විමසීමකදී එහි කොට්ඨාශ කළමනාකාරවරයා සඳහන් කළේම එම පුද්ගලයා ඉඩම බලහත්කාරයෙන් අල්ලා ගත් ඉඩමක් බවත්, ඇල රක්ෂිතයත් මාර්ග රක්ෂිතයත් අතර අඩි 48 ක් අතර කොටසකින් මහවැලියෙන් ඉදිකරන විදුලි වැට අත්පත් කර ගැනීමේදී එම ගොවියා අදාල චෝදනාව කරන බවයි. මේ පිළිබඳ අදාළ ගොවි මහතා සමග සාකච්ඡා කර ඉතා කඩිනමින් ඔහුට විසඳුමක් ලබාදීමට කටයුතු කරන බවයි.
(02) සෙවනගල පොලිසියට පොලිස් පොඩ්ඩන් ඕනෑ කර තිබේ.
සෙවනගල පොලිසිය සතුව ප්‍රමාණවත් පොලිස් කොස්තාපල් මහත්වරු නොමැතිකමින් දෛනික රාජකාරී කටයුතු කරගෙන යාමේදී විවිධ ගැටලු සහ බාධා පැන නැගී ඇති බවත් ගම්මාන වල පැමිණිලි විභාග කිරීම් දින ගණනක් ප්‍රමාද වෙමින් පවතින බවට සෙවනගල පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
පොලිස් ස්ථාන වර්ගීකරනයට අනුව A2 වර්ගයට අයත් මෙම පොලිසියේ 1995 මාර්තු මස නිකුත් කරනු ලැබු චක්‍රලේකණයට අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 12 ක් සිටිය උවත් සිටින්නේ 07 කි. පොලිස් සැරයන්වරු 53 ක් සිටිය යුතු උවත් සිටින්නේ 22 කි.පොලිස් කොස්තාපල්වරු 194 ක් සිටිය යුතු උවත් සිටින්නේ පොලිස් කොස්තාපල් මහතුන් 30 ක් පමණ බවත් නිසි අයුරු සිටින්නේ කාන්තා පොලිස් සැරයන්වරියන් සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් සහ රියදුරු මහතුන් පමණක් බව දැනගන්නට ඇත.
සෙවනගල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුල ග්‍රාම නිලධාරී වසම් 14 ක් ඇති අතර එහි ජනගහනය 57,000 ක් පමණ වේ. ඇතැම් ග්‍රාම නිලධාරී වසම් තුල පවුල් 1,800 – 2,000 ක් පමණ සිටින අතර වර්ගකිලෝමීටර් 27 පමණ විශාලය සෙවනගල පොලිස් වසම තුල මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 224.82 කි. පවුල් සංඛ්‍යාව 14,500 ක් පමණ වේ.
(03) අතේ ගෙනියන බෝම්බයක් ඒ නවය මා ර්ගයෙන් අල්ලයි!
මහනුවර – යාපනය ඒ නවය මාර්ගයේ සිට කිලෝමීටර් භාගයක් පමණ දුරින් නාලන්ද ප්‍රදේශයේ දී හමුවන ජල අමුණක් ආසන්නයේ දී ඊයේ (05) අත් බෝම්බයක් හමුවී ඇතැයි පොලිසිය කියයි.
ලද බුද්ධි තොරතුරකට අනුව මෙම අත්බෝම්බය සොගෙන ඇති අතර, මේ වන විට එම ස්ථානයට නාඋල පොලිසියේ ආරක්ෂාව යොදා ඇත.
ජලය කාන්දු නොවන ලෙස පොලිතින් වල අසුරා මෙම අත්බෝම්බය සගවා ඇති අතර කිසියම් අපරාධයක් සිදුකිරිම සදහා මෙය සගවා තැබුවේද යන්න සම්බන්ධයෙන් නාඋල පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය කියා සිටියේ අදාල බෝම්බය අධිකරණ නියෝග යටතේ විශේෂ කාර්ය බලකා නිලධාරින් මගින් නිෂ්ක්‍රීය කිරිමට නියමිත බවයි.
බෝම්බය හමුවු ශ්‍රී නාලන්දාරාම විහාරස්ථානය පසුකර අමුණ දෙසට ගමන් කරද්දි කුඩා වන ලැහැබ් ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අයුරුද දක්නට ලැබිනි.
නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටිරෝන් රත්නායක මහතාගේ උපදෙස් පරිදි ප්‍රධාන පොලිස් පරික්ෂක දීපාල් කුමාර මහතා ඇතුළු නාඋල පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් ආදාල සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂන සිදුකරති.
( 04) මැදිරිගිරිය පාසලේ සිසුවාගේ කනට ගැසු විදුහල්පති අල්ලයි!
පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු, හිසකෙස් කපා නොමැතිව පාසල් ආ සාමාන්‍ය පෙළ සිසුවෙකුට කණට පහරදීමෙන්, විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධීයෙන් පසු, විදුහලේ ඇති වූ සිද්ධියක් වාර්තා කිරීමට ගි‍ය මැදිරිගිරිය ප්‍රාදේශීය මාධ්‍යවේදිනි චාපා මදුෂානි මහත්මියට,විද්‍යාලයේ විශ්‍රාමික ගුරුවරයකු ඇතුළු දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් 05 වෙනිදා, යතුරුපැදියට පහරදී, ජංගම දුරකථනයේ තිබූ ඡායාරූප සහ වීඩියෝ බලහත්කාරයෙන් මකා, ඇයට පරුෂ වචනයෙන් බැන තර්ජනය කර තිබේ.
මේ පිළිබඳව තමන් මැදිරිගිරිය පොලිසියට සී.අයි.බී.[ 01 ] 204 /51 අංකය යටතේ පැමිණිල්ලක් යොමුකර ඇති බව චාපා මදුෂානි මහත්මිය පැවසුවාය.
අදාළ පාසලේ විදුහල්පතිවරයා, මැදිරිගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම විදුහල්පතිවරයා මේ මස 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හිඟුරක්ගොඩ බැල බලන මහේස්ත්‍රාත් නාලක මිහිර බණ්ඩාර මහතා නියෝග කර තිබේ.
මෙම සිද්ධියෙන් අනතුරුව 05 වෙනිදා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන් පිරිසක් ඔවුන්ගේ දෙමාපියන් විසින් විද්‍යාලයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කිරීමේ සිද්ධිය වාර්තා කිරීමට ගිය අවස්ථාවේදී තමාට එම විද්‍යාලයේ විශ්‍රාමික ගුරුවරයකු සහ දෙමව්පියන් පිරිසක් පරුෂ වචනයෙන් බැන තර්ජනය කර යතුරුපැදියට පහර දුන් බවත්, තම ජංගම දුරකථනයේ තිබූ වීඩියෝ දර්ශන සහ ඡායාරූප ඔවුන් විසින් බලහත්කාරයෙන් විසන්ධි කළ බවද චාපා මදුශානි මහත්මිය පැවසුවාය.
තමාගේ යතුරුපැදියට පහර දී බැන තර්ජනය පරුෂ වචනයෙන් බැණ වදිමින්, ප්‍රකෝපකාරීව හැසිරුණු විශ්‍රාමික ගුරුවරයාහා දෙමාපියන් තමා වට කරගෙන පහරදීමට උත්සාහ කර බවත්, මේ පිළිබඳව මැදිරිගිරිය පොලිසියට දුරකථනයෙන් පැමිණිලි කිරිමෙන් පසු, පොලිස් කණ්ඩායමක් පැමිණි ඔවුන්ට අවවාද කරමින් තමන්ව නිදහස් කර ගත් බවත් චාපා මදුශානි මහත්මිය කීවාය.
මාධ්‍යවේදනී චාපා මදුෂානි මහත්මිය සිදුකළ පැමිණිල්ලට, අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව මැදිරිගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඒ.කේ මනෝජ් පද්මලාල් මහතා අප කළ විමසීමකි සඳහන් කළේය.
(05) ලක්ෂ 70 ක රන් හා මුදල් ගත් දේව දරුවා හා මමා අල්ලයි!
නිවසක ආරක්ෂාවක් කරදෙන බවට සහ, පවුලේ සමගිය, දියුණුව ඇතිකර දෙන බවට පවසා, දිඹුලාගල බෝගස්වැව ප්‍රදේශයේ එක්දරු මවකගෙන් වරින්වර රුපියල් තිස්හත් ලක්ෂ පනස්දාහක් පමණ වටිනා රත්තරන් භාණ්ඩ සහ, රුපියල් ලක්ෂ තිස්පක මුදලක් වටිනා රන් භාණ්ඩ වංචා කර ලබාගත් වෙහෙරගල ප්‍රදේශයේ දේවගැතියෙකු සහ ඔහුගේ මාමා පස්වෙනිදාපෙරවරුවේ අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වෙහෙරගල ප්‍රදේශයේ පදිංචි 33 වියති දේවගැතියෙකු සහ පාලුගම, වලපනේ ප්‍රදේශයේ පදිංචි ඔහුගේ මාමණ්ඩිය වන 56 වියති අයෙකු බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.
දිඹුලාගල බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක වන 28 වියති මවක මනම්පිටිය පොලිසියට ඉකුත් 05 වෙනිදා කරන ලද පැමිණිල්ලක් අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

මෙම ඇදුරා නිවසේ ආරක්ෂාව කරදෙන බවට පළමුවෙන්ම එම මවගෙන් රුපියල් 70,000 ක මුදලක් ලබාගෙන ඇති අතර ඉන් අනතුරුව නිවසේ සංවර්ධන කටයුතු මෙන්ම ඇතිවී තිබෙන ආරවුල් සම්පූර්ණ විසඳා දෙන බවට පවසමින් ඇයගේත්, මවගේ, ස්වාමියාගේත්, දරුවාගේත් අතැති සියලු රන් ආභරණ දේව යහනක තබා පූජා කිරීමට කැමැත්ත පළ කරගෙන තිබේ.
ඒ අනුව මහත් පීඩනයට පත්ව සිටි එම මව තිස්හත් ලක්ෂ පනස්දාහක් වටිනා රන්ආභරණ දේවගැතියාට ලබාදී ඇති අතර දේවගැතියා මුදල් ද ඉල්ලීමෙන් අනතුරුව මව රුපියල් ලක්ෂ දාසයක පමණ මුදලක් ණය වී අවස්ථා ඔහුගේ ගිණුම්වලට බැර කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
මෙම දේවතියා සහ තවත් කිහිපදෙනෙකු වෙහෙරගල ප්‍රදේශයේ දීර්ඝ කාලෙක සිට මෙම දේවාලය පවත්වාගෙන යමින් විශාල පිරිසක් රවටා මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු තහවුරු වී ඇති බවත්, රුපියල් ලක්ෂ දෙසීයක් වටිනා වාහනයක් පරිහරණය කරන එම දේවගැතියා, තමන් ලබාදුන් මුදල් ඉල්ලූ විට වරින් වරෙන් තර්ජනය කර ත්‍රිශුලෙන් ඇනීමට උත්සාහ දරා ඇති බවද මව සිදුකර ඇති පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසයි.
පැමිණිලිකාරියගේ, මවගේ ස්ථිර තැන්පතු ගිණුමක තිබු රුපියල් ලක්ෂ දොළහක් වටිනා මුදලක්ද දේවගැතියා විසින් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි එම්.එස්.එම්. ජරූල් මහතාගේ මෙහෙයවීමෙන් මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් දේවගැතියා සහ ඔහුගේ මාමා‍ 05 වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.
(06) පළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්දය ඉල්ලුම් පත්‍ර භාර ගැනිම මේ මස (මාර්තු ) 12 දින දක්වා හැකියි!
මෙවර පැවැත්විමට යන පළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්ද සදහා ඉල්ලුම් පත්‍ර භාර ගැනිම මේ මස (මාර්තු ) 12 දින දක්වා සිදි කිරිමට නියමිත බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරන කොමසාරිස් ජි.එන්.විජය කුමාර මහතා පවසයි
මේ පිළිබද ලිඛිත නිවේදනය ඊයේ නිකුත් කිරිමට පියවර ගත් බවද ඒ මහතා පැවසිය
මේ අතර ගියවර මැතිවරනය සදහා තැන්පත් කරනු ලැබු ඇප තැන්පතු මේ දිනවල යළි ගෙවිම් සිදුකරමින් පවතින බවද මේ වනවිට ඒවායින් 50% කට වැඩි ප්‍රමානයක් ගාල්ල දිස්ත්‍රික්කය තුළ ගෙවා ඇතැයි ද පැවසිය.
(07) අන්තරේ නඩුව කල් යය! ලබන ජුලි මස 15 වැනිදාට කල් තබයි!
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු අට දෙනාට එරෙහිව පවරා තිබෙන නඩුව මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මියගේ ඉදිරියට පෙරේදා ( 04 වැනිදා ) පමුණුවනු ලදුව එය ලබන ජුලි මස 15 වැනිදාට කල් තබන ලදී.
මීට ඉහත නඩු දිනවලදී ඇතැම් සිසුන් අසනීපවීම හා විභාග නිසා අධිකරණයට පැමිණ නොසිටි අතර මෙදින සැකකාර සිසුන් අට දෙනාම අධිකරණයට පැමිණ සිටි නිසා මීළඟ නඩු දිනය මෙසේ දන්වා කල් තැබීය. .
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ , රන්කරව්වේ ජිනරතන හිමි , නුවන් ලහිරු හේමන්ත , බී.බී. වික්‍රමතුංග , පී.එම්. සේනාල් ධනුසා නෙත්මිණ , නිමේෂ් දිල්ශාන් බණ්ඩාර , කේ.එස් පී.. කලුආරච්ච් හා නලින් කුමාර ජයරත්න යන අට දෙනා මේ නඩුවේ වගඋත්තරකරුවන් වෙති.
රක්ෂිත බන්ධනාගාරයේ සිටි කැලණිය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීහු දෙදෙනෙකු නිදහස් කරන ලෙසට ඉල්ලා 2023 වසරේ මැයි මස 18 වැනිදා රාත්‍රීයේ එම විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කරමින් ප්‍රධාන මාර්ගයට පිවිසීමට තැත් කිරීමේදී මේ සිසුන් අට දෙනා කිරිබත්ගොඩ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇප මත මුදා හැරියේය.
කිරිබත්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල්වරුන් වන රත්නායක ( 90071 ) හා කුලසිංහ ( 10789 ) යන නිලධාරීහු විසින් මේ නඩුව මෙහෙයවුහ.
(08) කල්අඩි යේ අලි මෙහෙයුමක් කර අලි වැරදි කළ වෙළෙදුන් අල්ලයි!
මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අංශය බල ප්‍රදේශයේ ඇති කල්ලඩි මහජන සෞඛ්‍ය පරීක්ෂක වසමේ හෝටල්, අවන්හල්, ස්නැක් බාර්සිල්ලර වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල්වල ඊයේ රාත්‍රීයේ සිදු කරන ලද දැවැන්ත හදිසි සෝදිසි කිරීමකදී ව්‍යාපාරික ස්ථාන 20 ක් පරීක්ෂා කර ඇති අතර වෙළඳුන් 6 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බවයි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස්. මුරලීස්වරන් මහතාගේ උපදෙස් පරිදි සහ මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඊ. උදයකුමාර් මහතාගේ මඟ පෙන්වීම යටතේ, මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඒකකවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සෝදිසි කිරීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුමක් සිදු කළහ.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර නිෂ්පාදන අලෙවි කළ, හානි වූ, කල් ඉකුත් වූ, ප්ලාස්ටික් බහාලුම්වල ආහාර නිෂ්පාදන අලෙවි කළ සහ ලේබලය ප්‍රදර්ශනය නොකළ වෙළඳුන් හය දෙනෙකුට එරෙහිව නඩු පවරන ලදි
පැය 5 ක් පමණ පැවති මෙම වැටලීම්වලින් පසුව, මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වූ සහ කල් ඉකුත් වූ ආහාර නිෂ්පාදන විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම ද විශේෂත්වයකි.
(09) රණවිරුවා සමඟ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් දොඹගහවලින් අල්ලයි!
අයිස් මිලිග්‍රෑම් 60 ලඟ තබාගෙන සිටි යුදහමුදා සෙබලෙකු (04) වෙනිදා දොඹගහවෙල නගරයේදී පොලීසිය විසින් අත්අඩංගුවටගෙන ඇත.
අලිමංකඩ ශ්‍රීලංකා යුදහමුදා සිංහ රෙජිමේන්තුවේ සේවයකරන මෙම යුදහමුදා සෙබලා දඹගල්ල කෝට්ටගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සහ නඩුභාණ්ඩ සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
(10) මහියංගන පාසලට ඇලි ඇවිත් කලබල කර ගිහින් …අලි පාසල් යයි!
මහියංගණ ජාතික පාසලට වැදි වන අලි දෙදෙනෙකු පාතික පාසලේ ප්‍රධාන ගොඩ නැගිල්ල හා කාර්යාලය ඉදිරිපිට ඇති ෆාර්ම් ගස් පෙරලා දමා, පාසල් භූමියේ මැද ගේට්ටුවෙන් (කාර්යාලය අසල ගේට්ටුවෙන්) පෙරේදා 04 දින උදෑසන 6.30 ට පමණ පිටව ගොස් ඇත. මහියංගණ අධ්‍යාපන කලාපයේ වැඩිම දරුවන් පිරිසක් අධ්‍යාපනය ලබන පාසල වන්නේද, මහියංගණ ජාතික පාසලයි.
මෙලෙස වන අලි පාසල් භූමියට පැමිණිය ඇත්තේද ප්‍රථම වරටද නොවන බව ප්‍රදේශවාසින් ප්‍රකාශ කරති. මීට පෙර අවස්ථා කිහිපයකදීද වන අලි පාසල් භූමියට පිවිස දේපල, වගා භූමිවලට දැඩි හානි සිදු කර ඇත.
මේ වන විට පාසලට උදෑසනම දරුවන් පැමිණිම දැඩි අවදානම් හා භයානක තත්වයක් උදා වී ඇති බවට විද්‍යාලීය ගුරුවරුන්ගේ මතයයි.
උදෑසනම පැමිනෙණ දරුවන්, පාසලේ ක්‍රිඩා පිට්ටනියට යෑමද අනතුරු දායක තත්වයක් බවට පත්ව ඇත.
මහියංගණ රජමහා විහාරය හා ජලසම්පාදනයට පහළන් මහවැලි ගඟේ දිවා කාලයේ රැදිසිටින වන අලි රංචුව රාත්‍රියට ගම්වැදි, උදැසන යලි පාසල් භූමිය හරහා මහවැලි ගගට ගමන් කිරිම මෙම දැඩි අවදානම් තත්වය උදාකර ඇත.
දොඹගහවෙල පොලිස් ස්ථානාධිපති ඩී.එම් කුමාරසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.
(11) හීලෑ අලිය ගසා ඇත් ගොව්වා වැලිගම යයි!
හබරණ පුවක්පිටිය පාලම අසලදී හීලෑ ඇලියෙකු පහරදීමෙන් ඇත් ගොව්වෙකු 04 වෙනිදා සවස මියගොස් ඇති බව හබරණ පොලිසිය කියයි.
පුවක්පිටිය පාලම අසලට ගොස් අලියා නහවා ආපසු නිවස කරා රැගෙන එමින් සිටියදී මෙලෙස හීලෑ අලියා පහරදීමෙන් ඔහු මියගොස් ඇති බවද පොලිසිය කියයි.
හබරණ උප ඒකක පරණපොළ පාර හබරණ ලිපිනයේ පදිංචි සිටි රොෂාන් විරාජ් යන භාරයේ සිටින පොඩිරාජු යන හීලෑ අ ලියා මෙලෙස පහර දී ඇති බවද පොලිසිය සඳහන් කරයි.
එම හීලෑ අලියා පරණ පාර මීගොඩ පාර්ලිපිනයේ පදිංචි භාරත අමරතුංග යන අයට අයත් අලියකු බවද පොලිසිය කියයි.
ඔහුගේ සිරුර මේ වනවිට හබරණ රෝහලේ තැන්පත් කර තිබෙන අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ හබරණ ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාගේ උපදෙස් මත හබරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
(12) පොලිස් නිල ගෙදර කුණු ගොඩෙන් ගිනි අවි ජීව උණ්ඩ මතුවේයි!
පොලිස් නිළ නිවසේ කසළ ගොඩේ තිබු අවි ආයුධ කොටස් සහ ජීව උණ්ඩ සහ ජීව අත්බෝම්බ ඇතුළු කොටස් පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ නියෝගයක් මත අවි ආයුධ කොටස් සහ ජීව උණ්ඩ සහ ජීව බෝම්බ විනාශ කෙරේ.
ගලෙන්බිඳුණුවැව පොලිස් නිළ නිවාසයක කසළ ගොඩේ තිබූ අවි ආයුධ පිළිබද ගලෙන්බිඳුණුවැව පොලිසිය විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළදාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව ,වව්නියාව මඩුකන්ද කදවුරේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෝදිසි සහ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිළදාරීන් බොම්බ හමුවු ස්ථානයට පැමිණ එම ස්ථානය සහ එම අවි ආයුධ කොටස් සහ ජීව උණ්ඩ සහ ජීව බෝම්බ පරීක්ෂා කිරීමෙන්පසු එම ජීව අත්බෝම්බ 06 ඇතුළුව එම ස්ථානයේ තිබූ ටී 56 වර්ගයේ උණ්ඩ 281 සහ මැගසින් 5 ඇතුළු එම ස්ථානයෙන් සොයාගත් දෑ ( 03) දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් අධිකරණ නියෝගයක් මත ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ වෙල්යායකදී පුපුරවා විනාශ කිරීමට කටයුතු කලේය.
මෙලෙස පසුගිය (02) දින 119 පොලිස් හදිසි දුරකථන ඇමතුමකට අනුව සොයාගත් ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ යටතේ තිබෙන අංක 5 නිළ නිවසේ පිටුපස කසළ ගොඩක තිබී මෙම අවි ආයුධ කොටස් සහ ජීව උණ්ඩ සහ ජීව අත්බෝම්බ ඇතුළු තොගය සොයාගත් බව පොලිසිය පැවසීය..මෙම උපකරණ වසර 05 කටත් වඩා වැඩි කාලයක් පැරණි ඒවා බව පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නිළධාරින් අප කල වීමසීමකදී පැවසීය.එම නිසා මෙම ජීව අත්බෝම්බ සහ අවි ආයුධ කොටස් අනාරක්ෂිත බාවය සම්බන්ධව පොලිසිය මගින් අධිකරණයට කරුණු වාර්තාකර ලබා ගත් මහේත්‍රාත් නියොගය අනුව ඒවා පුපුරවා විනාශ කිරීමට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය පොලිසිය වෙත නියෝග කර තිබීණි.
(13) ඉන්දිය ජාතිකයා පන්කෝටියක කුෂ් සමඟ කටුනායකදී කොටු වෙයි!
රුපියල් පන් කෝටි විසි ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දිය ජාතික ගුවන් මගියෙකු 03/05 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙනතිබේ
මොහු ඉන්දියාවේ , බැංගලෝර් නුවර රැකියාවක නිරත 34 හැවිරිදි අයෙකි .
මොහු 03/05 දින අලුයම 01.00 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ආහාර අඩංගු පැකට් තුළ , මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 200 ක් සගවා ගෙන දී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු මේ වනවිට මේ පිළිබද වැඩිදුර විමර්ශන සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.
(14) සජිත් එක්ක කඳුරට ගමනක් යන්න අපි සුදානම්!
කඳුරට පක්ෂයක් කියයි!
මෙවර පැවැත්වෙන පලාත් පාලන මැතිවරණයේදි කදුරට ජනතා පෙරමුණ සමගි ජන බලවේගය සමග එක්ව තරග කිරිමට සකච්චා පවත්වමින් සිටින බව එහි නායක වි. රාධා ක්‍රිෂ්නන් මහතා පවසයි.
මෙවර පැවැත්වෙන පලාත් පාලන මැතිවරණය පිලිබදව කරන ලද විමසිමකදි වි. රාධා ක්‍රිෂ්ණන් මහතා මේ බව පැවසු අතර එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ඔහු මෙසේද පැවසිය.
මෙවර පැවැත්විමට නියමිත පලාත් පාලන මැතිවරණය සදහා අදාල නාම යෝජනා බාර දිම සදහා මේ වන විට දින නියම කර තිබෙනවා ඒ අනුව එම පලාත් පාලන මැතිවරණය සදහා කදුරට ජනතා පෙරමුණද අපේක්ෂකයන් ඉදිරිපත් කිරිමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා.
එම පලාත් පාලන මැතිවරණය සදහා කදුරට ජනතා පෙරමුණේ අපේක්ෂයන් සමගි ජනබල වේගය දුරකථනය ලකුණ යටතේ ඉදිරිපත් කිරිමට මේ වන විට කදුරට ජනතා පෙරමුණ තිරණය කර තිබෙන්නේ.
ඒ අනුව තම අපේක්ෂකයන් ඉදිරිපත් කිරිම පිලිබදව සමගි ජන බලවේගය සමග සකච්චා කරමින් සිටින අතර ඒ අනුව වීශේෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන සදහා ඉතාමත් ප්‍රබල කණ්ඩායම් ඉදිරිපත් කිරිමටත් අපි පියවර ගන්නවා.
(15) ශ්‍රිපාද රක්ෂිතය තුල අනවසරව ගස් කැපු දෙකක් අල්ලයි!
ශ්‍රිපාද රක්ෂිතය තුල අනවසරයෙන් නිති විරෝධි ලෙස ගස් කපමින් සිටි පුද්ගලයන් දෙදෙනකු නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ ශ්‍රිපාද රක්ෂිතයට ඇතුල්වි කිසිදු අවසරයකින් තොරව නිති විරෝධි ආකාරයෙන් ගස් කපමින් සිටි පුද්ගලයන් දෙදෙනකු 04වන දින අත් අඩංගුවට ගත් බවත්ය.
වයස අවුරුදු 38ත් 35ත් වයස්වල පසුවන මෙම දෙදෙනා නල්ලතන්නිය වතුයායේ පදිංචි කරුවන් බවත් නල්ලතන්නිට ශ්‍රිපාද මාර්ගයේ තාවකාලික වෙළද සැලක් ඉදි කිරිම සදහා මෙම ගස් කැපිම සිදු කරන්නට ඇතැයි සැක සිතන බවද එම නිලධාරියා පැවසිය.
මෙම දෙදෙනා අත් අඩංගුවට ගන්නා විට ඔවුන් ශ්‍රිපාද රක්ෂිතයේ ගස් දෙකක් කපා ඇති බවත් අත් අඩංගුවට ගත් එම දෙදෙනා හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
(16) කේරළ ගංජා කිලෝ එකසිය හැත්තෑ හතරයි රණ විරුවෝ අල්ලයි!
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ රෑගෙන විත් තිබු ගංජා තොගයක් ශ්‍රි ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව යාපනය කිලිනොච්චි වත්තිරායන්වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සොයා ගැනිමට හැකිව තිබේ.
ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව, උතුරු නාවික විධානයේ නාවික ස්ථානගත කිරීම් වෙත්තලකේනී ආයතනය, මරුතන්කර්නි පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව 2025 මාර්තු මස 04 වැනි දින උදෑසන යාපනය කිලිනොච්චි වත්තිරායන්වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළට ආසන්න කැලෑබඳ ප්‍රදේශයේ තිබූ සැකකටයුතු උර හතක් නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම උර හතෙහි පාර්සල් අසු හතරක අසුරන ලද කේරළ ගංජා කිලෝ එකසිය හැත්තෑ හතරයි ( ග්‍රෑම් එකසිය විසි හයක පමණ තොගයක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 69 කට අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරළ ගංජා තොගය ඉදිරි නිතිමය කටයුතු සඳහා මරුතන්කර්නි පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත වෙත භාරදීමට කටයුතු කෙරිණි.
(17) එතෙර සුදු කාන්තාවන්ට ආතල් ගන්න මෙතෙර අලින්ට බලි අරින අයට වාරණයක් !
දඹුල්ල ,හබරණ, සීගිරිය, මින්නේරිය, කවුඩුල්ලආදී ප්‍රදේශවලවන අලින් නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් පිනවීම සඳහා ජීප් රථ මගින් වන අලින්ට සිදුකරන හිරිහැරපිළිබඳව කඩිනම් අවධානය යොමු කොට ඊට නිසි නීතියක්ක්‍රියාත්මක කරන්නැයි මහජනතාව පරිසරසංවිධානවන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ වනජීවී දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිති.
මේ දිනවල විශාල වශයෙන් විදේශීය සංචාරකයන් වන අලින්නැරඹීම සඳහා හබරණ නගරයේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පාලනය වන හුරුලූ ජාතිකඋද්‍යානයට වනජීවී දෙපාර්තමේන්තුවෙන් පාලනය වන කවුඩුල්ලජාතික උද්‍යානයට, මින්නේරිය ජාතික උද්‍යානයට පැමිණෙමින්සිටිති, ඊට අමතරව දඹුල්ල දිගම්පත හා ප්‍රදේශයේ මෙන්ම ත්‍රිකුණාමලය හබරණා ප්‍රධාන මාර්ගයේදවන අලින් විදේශිකයන්ට පෙන්වීම සෆාරි ජීප්හිමියන්මගින් සිදුකරමින් සිටිති.
මහා පාර අසල ආහාර ගනිමින් සිටින වන අලියෙකු දුටුවිට කිසිදු ඉවක් බවක් නොමැතිවසෆාරිජීප් රථ හිමියන් එම වන අලියා අසලටම විදේශීය කණ්ඩායම්සංචාරකයන් රැගෙන යෑම වන අලින්ට නිදහසේ සැරිසැරීමට ඉඩලබා නොදීමෙන්ම අනෙකුත් වාහනවලට මාර්ගයේ ගමන් කිරීමටපවා නොහැකිවන පරිදි ඔවුන් මහමග අත්පත් කරගෙන විදේශිකයන් පිනවීම සඳහා දරණ උත්සාහය වහාමසොයා බලන ලෙස බලධාරීන්ගේ අවධානය යොමු කරන්න ලෙස ඉල්ලා සිටිති
අවස්ථා ගණනාවකදීම මේ බව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට වනජීවී දෙපාර්තමේන්තුවට සහ පොලිසියට දැනුම් දුන්නද කිසිදුක්‍රියාමාර්ගයක් නොගන්නා බවත්ජීප් රථ හිමියන්ඔවුන්ගේ කැමැත්ත පරිදි එය සිදු කරන බවද ඔවුහු පෙන්වාදෙති .
මේ ක්‍රියාවලිය නිසා වන සතුන්මෙන්ම සංචාරකයන්ටද අවධානමක් අත්වන බව කියති
මේ දිනවලවන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හබරණහුරුලුඋද්‍යානයේ වැඩි වශයෙන් මෙය සිදුවෙන නිසාම මේ පිළිබඳව විමසීම සඳහා උද්‍යානයේප්‍රවේශපත්‍ර නිකුත් කරන ස්ථානයට ගොස් විමසීමට උත්සාහ කළ ද එම නිලධාරින්මාධ්‍යවේදීන් හට තොරතුරු ලබාදීමක් හෝ එම ස්ථානයටගමන් කිරීමටප්‍රවේශපත්‍ර මිල ප්‍රදර්ශනයකර ඇති නාමපුවරුව පින්තුර ගැනීමටවත්ඉඩ හසරලබා නොදී අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන් අවසරය ලබාගෙන මාධ්‍යවේදීන් පැමිණිය යුතු බව ගෝරනාඩුනගන්නට වූහ
කෙසේ වෙතත් පසුව වන සංරක්ෂණදෙපාර්තමේන්තුවේ හබරන අඩවි වන ආරක්ෂකබි .ඒ .කේ . සි .බමුණුසිංහ මහතාගෙන් විමසීමේදී ඒ මහතා සඳහන් කළේ සපාරි ජීප් රථ හිමියන්ට විවිධනීති අණ පනත්ක්‍රියාත්මක කරන බවය, කෙසේ වෙතත්පවතින සේවක හිගය නිසාවෙන් ඇතැම් අවස්ථාවල ඔවුන්සිදු කරන අනීතික කටයුතු සොයා ගැනීමට නොහැකි බව හෙතෙම සඳහන් කළේය.
(18) උප්පැන්නයක් නැති අයෙක් වෙන් දේසී ඉඩමක කැලයක සැඟව සිටිය දී පොසියට කොටු වෙයි!
අංක තහඩු හා වර්ණය වෙනස්කර සකසා සඟවා තිබූහිමිකරුවෙකු නොමැති මෝටර් රථයක්කපුගම මධ්‍යම, කුරුඳුවත්ත පාරේ වෙන්දේසි ඉඩමක කැලෑ රොදක සඟවා තිබියදී සොයා ගත් බව ගන්දර පොලිසිය පවසයි.
ගන්දර පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී සොයාගත් මෝටර් රථයේ අංක තහඩුව වෙනස්කර මුළු රථයම අලුතින් තීන්ත ආලේප කර සකස් කර ඇති බවත් මෝටර් රථයේ ආලේප කොට ඇති තීන්ත මෝටර් රථයේ ඉදිරිපස හා පසුපස මෙන්ම දෙපස වීදුරු වලද ආලේප කොට එහි තුළ සිටින කිසිවෙකු නොපෙනෙන ලෙස කස් කර තිබූ බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පැවසුවේය.
අත්අඩංගුවට ගත් මෝටර් රථයේ පිටුපස ඩිකියේ කෑන් දෙකක පෙට්‍රල් ලීටර් හයක් ද තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත. එමෙන්ම පිටුපස ඩිකිය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී අංක තහඩු වෙනස් කිරීමට භාවිත කළ සුදු හා කළු පැහැති ස්ටිකර් හා ස්ටිකර් වලින් සැකසූ තවත් අංක කීපයක්ද සොයාගෙන තිබේ.
මෝටර් රථයේ ඉංජින් අංකය ග්‍රයින්ඩර් කර මකා දමා චැසි අංකයද මිටියකින් තලා වෙනස් කොට තිබූ අතර බොනට් එක තුළ මෝටර් රථය නිෂ්පාදනය කළ ආයතනය විසින් අලවන ලද මෝටර් රථයේ තොරතුරු සටහන් ස්ටිකරයද ඉරා දමා තිබූ බව පොලිසිය පැවසුවේය.
හිමිකරුවෙකු නොමැති මෙම මෝටර් රථය මෙලෙස සකස්කර සඟවා තැබුවේ කිසියම් අපරාධයක් සිදු කොට අංක තහඩු නැවත වෙනස් කොට පලායාමේ අරමුණින්ද යන්න සැකයක් පවතින පවතින බැවින් ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කොට ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් නිල සුනඛ අංශය මෙන්ම මාතර කොට්ඨාස අපරාධ ස්ථාන පර්යේෂණාගාරයේ නිලධාරීන්ද මෝටර් රථය පරීක්ෂා කොට වැඩිදුර පරීක්ෂාවන් සඳහා කොටස් රැගෙන ගොස් ඇත.
මේ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තාකොට මෝටර් රථය මෙලෙස සඟවා තබා තිබූනේ කිසියම් අපරාධයක් සිදුකිරීමේ අරමුණින්ද යන්න වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිත අතර මාතර හා තංගල්ල කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා, මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විකුම් ගිනිගේ මහත්වරුන්ගේ උපදෙස් හා ගන්දර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සලින්ත අමරසිංහ, උප පොලිස් පරීක්ෂක දිසානායක, පොලිස් සැරයෙන් 65161 ලක්මාල්, පොලිස් කොස්තාපල්වරුන් වන 97858 කුමාරසිංහ, 69774 නුවන් යන නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
(19) ව්‍යවස්ථාවට අනුව මට තනතුර දෙන්න හෙදියක් දුක කියන්ණීය!
තමන් රෝහල්වල වාට්ටු හා ඒකකයන්හි අවුරුදු 13 ක් ඉක්මවා හෙද නිලධාරි 1 ශ්රේිණිය / අධි ශ්රේලණිය (රෝහල් සේවා) තනතුරෙහි වාට්ටුභාර හෙද හෙදියන් ලෙස සේවය කරනු ලබන බවත් නමුත් කළමණාකරුවන් ලෙස වසර 05 ක සේවා කාලයක් සම්පුර්ණ කළ පසු හෙද ව්යුවස්ථාවට අනුව මීළග උසස් වීම වන විශේෂ ශ්රේලණියේ හෙද නිලධාරි තනතුර ලැබී තිබිය යුතු වුවත් එය තවමත් නොලැබී ඇතැයි හෙද නිලධාරින් පවසයි.
මේ හේතුව නිසා එම උසස්වීම නොලබා, වර්ථමාන තනතුරෙහිම සිට තමන්ට විශ්රා ම යාමට සිදුව ඇති බවත් මෙය බලවත් අසාධාරණයක් බවද ඔවුහු පවසයි.
හෙද ව්යදවස්ථාවට අනුව වසරකට 02 වරක් පුරප්පාඩු සඳහා උසස්වීම් ලබාදිය යුතු වුවත්, ව්ය වස්ථාවට අනුව මෙම බඳවා ගැනීම් සිදු නොවන බවත් ඉකුත් වසර 08 තුල බඳවා ගැනීම් සිදු කර ඇත්තේ 03 වරක් පමණක් බවත් අවසන් වරට මෙම බඳවා ගැනීම් සිදු කර ඇත්තේ 2021 වසරේදී බව ඔවුහු පවසයි
2023 වසරේ අගෝස්තු මාසයේදී මෙම උසස්වීම් සඳහා අයදුම් පත් කැඳවා මාස 15 ක් ගත වී සම්මුඛ පරීක්ෂණද සිදු කර ඇතත් මේ දක්වා එම බඳවා ගැනීම් සිදුකර නොමැති බවත් දැනට වෘත්තීය සමිති අවශ්ය තාවක් මත පවත්වා ගෙන යන නඩුවක් පාදක කරගෙන මෙම බඳවා ගැනීම සෞඛ්ය‍ අමාත්යං්ශය මගින් දිනෙන් දින කල් දමමින් සිටින බව ඔවුහු පවසයි
සුදුසුකම් සපුරණ ලද විශාල පිරිසක් සිටියදී ඔවුන් බඳවා නොගෙන විශ්රානමිකයින් රඳවා ගැනීමට උත්සාහ කිරීමෙන් නවකයින්ට බලවත් අසාධාරණයක් ද සිදුව ඇති බවත් සෞඛ්යට අමාත්යං්ශයෙහි ස්ථාවරය අනුව මෙම නඩු කටයුත්ත මෙම බඳවා ගැනීම් සඳහා කිසිදු බාධාවක් නොවන බවද ඔවුහු පවසයි.
(20) අලි වැට මට කරදරයක්! ගෙඩි පිටින් පොල් ගස් 130කට අලි අවුල් කරයි! ගොවි සංවිධානයක්!
දිවිනැගුම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මීට වසර පහලවකට ඉහතදී ලබාදුන් අලි වැටටත්, තම ගෙවත්තේ වගා කර තිබෙන පොල් ගස් එකසිය තිහකට ආසන්න සංඛ්‍යාවකට සහ අනෙකුත් බෝග වගාවන් සඳහා හානි වන අන්දමින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින්, ගම වටා විදුලි වැට ඉදිකිරීමෙන් තමන්ට මෙන්ම ගම්වාසීන්ට දැඩි අසීරුතාවයට පත්ව ඇති බව පොළොන්නරුව වැලිකන්ද රුහුණුකෙත ගම්මානයේ ඩබ්ලිව්.ඒ.ඩී.එච්. වනසිංහ ගොවි මහතා සඳහන් කරයි.
ගම වටා විදුලි වැට ඉදිකිරීමට විකල්ප ක්‍රම තිබියදී, තම අලි වැටට අඩි දෙකක් පරතරයෙන් මහවැලි අධිකාරියේ විදුලි
වැට ඉදිකර ඇති බවත්, වන අලි පැමිණි ගම වටා අලි වැටට හානි කළහොත් තමන්ගේ වැටට හානි සිදු වී, ගෙවත්තේ තිබෙන සියලුම පොල් ගස් මෙන්ම අනිකුත් බෝග වගාවන් විනාශ වීමේ අවදානමක් පවතින බවද වනසිංහ ගොවි මහතා හැඬූ කඳුළින් සඳහන් කළේය.
තමන් වෙළෙඳපොලෙන් මිලදී ගන්නේ ලුණු, තුනපහකුඩු, මස් මාළු, පමණක් බවත්, අන් සියල්ල තම ගෙවත්තේ වගා කරමින්ගම්මානයට, මෙන්ම පිටස්තර අයවලුන්ට ඉතා අඩු මිලට අලෙවි කරන බවත්, මහවැලියෙන් අලි වැට, ගම වටා ඉදිකිරීමේදී තම අලි වැටට අඩි දෙකක් දුරින් ඉදිකිරීම හේතුවෙන් වන අලි යම්කිසි හෙයකින් හානි කරහොත් තම විදුලි වැටට ද හානි සිදුව ගෙවත්තට කඩාවැදී පොල් ගස් 130 ත්, මාළු මිරිස්, කරවිල බටු, ඇතුළු අනෙකුත් සියලු භෝග විනාශ වීමේ අවධානමක් පවතින බවද වනසිංහ මහතා පෙන්වා දුන්නේය.
පොල් සංවර්ධන මණ්ඩලයෙන් ලබාදුන් පොල් ගස් තමන් සිටුවා ගත්තේ ඉතා වෙහෙස මහන්සි වී බවත්, එම පොල් පැලවලින් පොල්ගස් 75 ක පමණ අස්වැන්න නෙලන පොල් ගස් බවත්, අන් සියල්ල පොල් පැළ බවත්, මෙමම ගස් රැකගැනීමට ගම වටා ඉදිකරන විදුලි වැට තමන් ඉදිකර තිබෙන විදුලි වැටට අඩි හයක්වත් පිටතින් ඉදි කරන්නේ නම් පොල් ගස් ඇතුළු අනෙකුත් භෝග වගාවන්ට අලින්ගේ හානි නොවන බවද වනසිංහ මහතා කීවේය.
ගම වටා විදුලි වැට ඉදිකිරීමේදී ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් තමන්ට සිදුව ඇති අකට යුතුකම් සහ අසාධාරණකම් පිළිබඳව මහවැලි නිලධාරීන්ට ලිඛිතව හා වාචිකව කොතෙකුත් පැමිණිලි කළද ඊට කිසිදු විසඳුමක් නොමැති බවත්, මේ පිළිබඳ දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ දේශපාලන අධිකාරියද දැනුවත් කිරීමට කටයුතු කරන බවත්, ඉන් විසඳුමක් නොමැති වුවහොත් තමන් මානව හිමිකම් පවා යෑමට කටයුතු කරන බවද වනසිංහ මහතා වැඩිදුරටත් කීවේය.
අප මේ පිළිබඳව සේනපුර කොට්ඨාශ කළමණාකාරවරයාගෙන්, දුරකථනයෙන් කල විමසීමකදී එහි කොට්ඨාශ කළමනාකාරවරයා සඳහන් කළේම එම පුද්ගලයා ඉඩම බලහත්කාරයෙන් අල්ලා ගත් ඉඩමක් බවත්, ඇල රක්ෂිතයත් මාර්ග රක්ෂිතයත් අතර අඩි 48 ක් අතර කොටසකින් මහවැලියෙන් ඉදිකරන විදුලි වැට අත්පත් කර ගැනීමේදී එම ගොවියා අදාල චෝදනාව කරන බවයි. මේ පිළිබඳ අදාළ ගොවි මහතා සමග සාකච්ඡා කර ඉතා කඩිනමින් ඔහුට විසඳුමක් ලබාදීමට කටයුතු කරන බවයි.
(21)
සෙවන ගල පොලිසියට පොලිස් පොඩ්ඩෝ අඩුයි! නිතීය සාමය රකින්නට නිලධාරි නෑලු අනේ…
සෙවනගල පොලිසිය සතුව ප්‍රමාණවත් පොලිස් කොස්තාපල් මහත්වරු නොමැතිකමින් දෛනික රාජකාරී කටයුතු කරගෙන යාමේදී විවිධ ගැටලු සහ බාධා පැන නැගී ඇති බවත් ගම්මාන වල පැමිණිලි විභාග කිරීම් දින ගණනක් ප්‍රමාද වෙමින් පවතින බවට සෙවනගල පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
පොලිස් ස්ථාන වර්ගීකරනයට අනුව A2 වර්ගයට අයත් මෙම පොලිසියේ 1995 මාර්තු මස නිකුත් කරනු ලැබු චක්‍රලේකණයට අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 12 ක් සිටිය උවත් සිටින්නේ 07 කි. පොලිස් සැරයන්වරු 53 ක් සිටිය යුතු උවත් සිටින්නේ 22 කි.පොලිස් කොස්තාපල්වරු 194 ක් සිටිය යුතු උවත් සිටින්නේ පොලිස් කොස්තාපල් මහතුන් 30 ක් පමණ බවත් නිසි අයුරු සිටින්නේ කාන්තා පොලිස් සැරයන්වරියන් සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් සහ රියදුරු මහතුන් පමණක් බව දැනගන්නට ඇත.
සෙවනගල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුල ග්‍රාම නිලධාරී වසම් 14 ක් ඇති අතර එහි ජනගහනය 57,000 ක් පමණ වේ. ඇතැම් ග්‍රාම නිලධාරී වසම් තුල පවුල් 1,800 – 2,000 ක් පමණ සිටින අතර වර්ගකිලෝමීටර් 27 පමණ විශාලය සෙවනගල පොලිස් වසම තුල මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 224.82 කි. පවුල් සංඛ්‍යාව 14,500 ක් පමණ වේ.
සෙවනගල කලාපය තුල හෝටල් 73 ක් පමණ වන අතර මෙම ඇතැම් හෝටල් විදේශිකයන් පවා ලැගුම් ගනු ලබයි. යම් හදිසියකදී මර්මස්ථාන වශයෙන් සැලකෙල උඩවලව අභය භූමිය, සෙවනගල සීනි සමාගම විදේශිකයන් රැදී සිටින හෝටල් වැව් විදුලි බලාගාර ආදියට ආරක්ෂක කටයුතු සදහා එක් පොලිස් කොස්තාපල් වරයෙකුවත් යෙදවීමට හැකියාවක් නොමැත. ග්‍රාම නිලධාරී වසම් 02 ක් 03 ක් එක් පොලිස් කොස්තාපල් වරයෙකු ආවරණය කල යුතුව ඇත. සෙවනගල පොලිසියට අයත් වර්ග ප්‍රමාණය, භූ විෂමතාවය, වර්ථමාන අපරාධ ප්‍රමාණය, විවිධ පැමිණිලි ආදිය සැලකිල්ලට නොගෙන පොලිසියට අවශ්‍ය නිලධාරීන් පොලිස් කොස්තාපල් මහතුන් නොමැතිකමින් දැනට සිටින නිලධාරීන් දැඩි අපහසුතාවයට මෙන්ම මානසික ආතතියට ලක් විය හැක. එසේ උවහොත් පොලිසියත් මහජනතාවත් අතර ඇති සම්බන්ධය තව දුරටත් ඈත් වීම තුලින් ප්‍රදේශයේ හොර මැර කම්, හොර සුරා ජාවාරම්, ආරවුල් ආදිය වැඩි විය හැක. මේ පිලිබදව අවධානය යොමු කර සෙවනගල පොලිසියට අවශ්‍ය කොස්තාපල් මහතුන් ලබා දීමට කටයුතු කිරීම පොලිසිය අයිති බලධාරීන්ගේ වගකීම නොවන්නේද?
මේ පිලිබදව සෙවනගල පොලිසියෙන් කල විමසීමකදී ඔවුන් කියා සිටියේ ඒ පිලිබදව තමන්ට කිසිවක් කීමට නොහැකි බවයි.ජනතාව විසින් පැමිණි විභාග කිරීම පොලිස් වාර්ථා ලබා ගැනීම පමාද වන බවට නගන චෝදනා පිලිබදව විමසූ විට කියා සිටියේ සිටින නිලධාරින් ප්‍රමාණවත් නොවන බැවින් යම් ප්‍රමාද වීම් සිදු විය හැකි බවයි.
(22)
දිඹුලාගාල සෙල්ල ලිපිය බලන්න ගිය සුද් දෝ අතර මං වෙති!
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුමුදුණින් 2023 වසරේ සොයාගත් ශ්‍රී ලංකාවේ විශාලතම සෙල්ලිපිය දැකබලා ගැනීමට 05 වෙනිදා ප්‍රංශ ජාතිකයන් පිරිසක් පැමිණියද,සෙල්ලිපිය දැකබලා ගැනීමට ගමන් කිරීමට නිශ්චිත මාර්ගයක් නොමැති නිසා එම සංචාරකයින් පිරිස,දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලලංකාර නාහිමියන් බැහැදකිමින් සුහද කතා බහකින් පසුව පිටව ගියහ.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුමුදුනින් ශ්‍රි ලංකාවේ විශාලතම සෙල්ලිපිය සොයාගත්තද, එය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයින් බොහෝ පිරිසක් පැමිණියද, එම සෙල්ලිපිය නැරඹීමේ අවස්ථාව ඔවුන්ට අහිමිවන්නේ ඒ සඳහා යෑමට ගමන් මාර්ගයක් නොමැතී වීම බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.
ප්‍රංශ ජාතිකයන් සමඟ පැමිණි මඟ පෙන්වන්නා සඳහන් කළේ මෙම ප්‍රංශ ජාතිකයන් පිරිස් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳු මුදුනින් හමුවූ සෙල්ලිපිය දැක බලාගැනීමට ඉමහත් ආශාවෙන් පැමිණි පිරිසක් බවත්, එය දැකබලා ගැනීමට නොහැකි වීමශ්‍රී ලංකාවේ සංචාරක හා සංස්කෘතික අමාත්‍යාංශයේ විශාල අඩුපාඩුවක් බවයි.
2023 සැප්තැම්බර් මාසයේදී සොයා ගන්නා ලද සෙල්ලිපිය ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ බොහෝ දෑ කියැවෙන අතර උසින් අඩි නමයක් සහ දිගින් අඩි පනස් හතරකින් යුත් මෙම සෙල්ලිපිය වසර 2200 ක් පැරණි එකක් බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කරන ලද පරීක්ෂණ වලින් සනාථ වී ඇති බවද නාහිමියන් සඳහන් කළහ.
මෙම සෙල්ලිපිය පිළිබද ශ්‍රි ලංකාවේ මෙන්ම ලෝකය පුරා ප්‍රචාරය වීමත් සමඟ විදේශිකයන් විශාල වශයෙන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට පැමිණෙන බවත්, එය රජයට මෙන්ම පළාතට ඩොලර් ඉපයීමේ ප්‍රධාන මාර්ගයක් කරගත
හැකි හෙයින් එම ස්ථානය පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට එම සෙල්ලිපිය දැක බලා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට රජයේ අවධානය යොමු කරන ලෙසද දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරියගෙන් මෙන්ම ආගමික බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළහ.
(23)
වර්ජනය මාර්තු 17 වෙනිදා උදෑසන 8 දක්වා තාවකාලිකව කල් තබයි! හ්…..ලංකාවේ ජනපතිවරු හමුවන වන විට මේ හෙම් වෙනවාලු …?
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය 06.03.2025 වන දින සිදුකිරීමට යෝජනා කර තිබූ දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සාකච්ඡාවේ ලිඛිත එකඟතාවන් මත තාවකාලිකව අත්හිටුවීමට සම්මේලනයේ සියලු නායකයන්ගේ එකගතාවය ලබාදෙන ලදී. ඒ අනුව එම වර්ජනය මාර්තු 17 වෙනිදා උදෑසන 8 දක්වා තාවකාලිකව කල් තබන ලදී.
චානක ධර්මවික්‍රම සම කැදවුම්කරු සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය.
@ තිරිගු පිටි මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තිරිගු පිටි ටොන් 750 කට (අසුරන 30 000) ක් ගුල්ලොත් එක්ක අල්ලයි!

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තිරිගු පිටි ටොන් 750 කට (අසුරන 30 000) ක් වෙළෙද පොළට නිකුත් කිරීම සඳහා උස්වැටකෙයියියා ප්‍රදේශයේදී පාරිහෝගික සේවා අධිකාරිය ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇත.
පාරිහෝගික අධිකාරියට ලැබුණු තොරතුර්ක් මත පිටකොටුව ප්‍ර දේශයේ කරනලද වැටලීමකදී අනාවරණය වූ තොරතුර අනුව මෙම පරිභෝජනයට නුසුදුසු තිරිගු පිටි තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල තිරිගු පිටිවල නිෂ්පාදිත දිනය පසුගිය වසරේ මාර්තු / මැයි මාසය ලෙසත් කල් ඉකුත්වන දිනය මෙම වසරේ මාර්තු / මැයි ලෙසත් සදහන්කර තිබු අතර එම තොගය දැඩි ලෙස කෘමි ආසාදනයට ලක්ව තිබු බැවින් තවදුරටත් ඉදිරියේදී මෙම තොග වෙළදපොලට නිකුත්වීම වැලැක්වීම සදහා අදාළ භාණ්ඩ තොගය නිලධාරීන් භාරයට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.
පසුගිය කාල සීමාව තුල ස්ථාන ගණනාවකින්ම මෙවැනි මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තිරිගුපිටි තොග සම්බන්ධව වැටලීම් සිදුකරන ලද අතර ඒ සම්බන්ධව නීතිමය පියවයර ගනිමින් පවතී.
එමෙන්ම මෙවැනි භාණ්ඩ තදුරටත් නැවත සකස්කර මනුෂ්‍ය පරිභෝජනයට නිකුත්කිරීමට ඉඩ ඈති බැවින් එවැනි ක්‍රියාවන් වැලැක්වීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිරන්තරව කටයුතු කරන අතර එවැනි වංචනික වෙළදුන් සම්බන්ධව තොරතුරු වෙතොත් අධිකාරිය දැනුවත් කරන කරන ලෙස ජනතාවගේ ඉල්ලා සිටී.
එමෙන්ම මෙම ගැටලුව අඛණ්ඩව වෙළදපොල තුල වාර්තා වන බැවින් තිරිගු පිටි මිලදී ගැනීමේදී සැපයුම් කරුවන් සහ අදාල භාණ්ඩ වල තත්වය සම්බන්ධව දැඩි සැලකිල්ලක් දක්වන ලෙසත් අතරමැදි පුද්ගලයින් විසින් වෙළදපොලට භාණ්ඩ සැපයීමේදී ඔවුන් සම්බන්ධව විමසිලිමත් වෙමින් මිලදී ගැනීම් සිදුකරන ලෙසත් ව්‍යපාරිකයින් දැනුවත් කරනු ලැබේ.
මෙවැනි කෘමි ආසාදිත තිරිගු පිටි බේකරි සහ ආහාර නිෂ්පාදනය සදහා භාවිතකරන්නේද යන්න සම්බන්දව මෙන්ම සහ වෙළදපලේ අලෙවියට ඉදිරිපත් කරන්නේද යන්න සම්බන්ධවද සොයාබලමින් ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න