මහා බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රසන් ඇතුළු සැකකරුවන් නව දෙනෙකුට එරෙහිව පැවැත්වෙන විමර්ශන කටයුතුවලට අදාළ මහ බැංකු වාර්තා කැඳවන ලෙස කොළඹ ප්රපධාන මහෙස්ත්රායත් තනූජා ලක්මාලි මහත්මිය අපරාධ පරීක්ෂ්ණ දෙපාර්තමේන්තුවේ මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළාය.මහ බැංකු භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට පාඩු සිදු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන බවත් එම විමර්ශන සඳහා පර්පචුවල් ටෙෂරීස් සමාගම මහ බැංකුවේ පවත්වාගෙන යනු ලබන ගිණුම් පිළිබඳ වාර්තාවක් ගැනීමට අවශ්යාව ඇති බැවින් ඊට අදාළ නියෝගයක් ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්යව අපරාධ විමර්ශන කොට්ඨාශය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව අධිකරණයෙන් එසේ නියම කෙරුණි.2015 පෙබරවාරි 27 වැනිදා මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී රජයට රුපියල් මිලියන 688කට අධික පාඩුවක් කිරීමට එරෙහිව සිදු කරන විමර්ශනවලට අදාළව මෝෂමක් ඉදිරිපත් කරමින් එම විමර්ශන ඒකකය අධිකරණයෙන් එම ඉල්ලීම ඉදිරිපත් කර කළේය.මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්රකන් ඇතුළු සැකකරුවන් 09 දෙනෙකුට එරෙහිව මෙම විමර්ශනය කරන බවත් පර්පර්චුවල් සමාගම එම විමර්ශනයේ තුන්වෙනි සැකකරු ලෙස නම් කර තිබෙන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.මූල්යර අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සැකකාර සමාගම ශ්රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යන ගිණුම සම්බන්ධයෙන් විස්තර වාර්තා අවශ්ය වී ඇති බවයි.ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්රරධාන මහේස්ත්රාවත්වරිය මෙම නියෝගය නිකුත් කරමින් විමර්ශන ප්ර ගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන්න ලෙස විමර්ශන නිළධාරීන්ට වැඩිදුරටත් නියෝග කළාය.(02) ගව හොරකමට නිසා පරිදි රාජකාරි නොකළ පොලිස් පොඩ්ඩාට අවුලක්කිසියම් පිරිසක් විසින් රුපියල් දහ හතර ලක්ෂයක් පමණ වටිනා එළ ගවයන් පස් දෙනෙක් සොරකම් කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් තොරතුරු සටහන් නොකර කඩදාසි කැබැල්ලක සටහන් කොට එකී අපරාධය සම්බන්ධයෙන් විමර්ශන නොකර ඒ සම්බන්ධයෙන් උසස් පොලිස් සිටි බවට චෝදනා ලැබූ නාරම්මල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු කුලියාපිටිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් පෙරේදා (08) වැඩ තහනමට ලක් කොට ඇත.නාරම්මල දෑතවවත්ත දීකිරිකෑව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් රුපියල් දොළොස් ලක්ෂයක් වටිනා එළ ගවයන් සිව් දෙනෙක් සහ එම ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගයෙකුට අයත් රුපියල් දෙලක්ෂයක් වටිනා එළ ගවයයෙකු මෙසේ සොරකම් කොට ඇත.එම් එළ ගවයන් සොරකම් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට එම ගවයින් හිමිකරුවන් දෙදෙනා නාරම්මල පොලීසිය වෙත ගොස් වැඩබලන ස්ථානාධිපතිවරයා හමුවී ඇත.එම අවස්ථාවේ අදාළ පැමිණිල්ල සටහන් කරන ලෙසට ස්ථානාධිපතිවරයා විසින් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයා වෙත යොමු කොට තිබේ.ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරයා විසින් බරපතළ ගනයේ අපරාධයක් බවට දැන දැනම විමර්ශන කටයුතු වසන් කිරීමේ අරමුණින් තොරතුරු සටහන් පොතක සටහන් නොකර කඩදාසි කැබැල්ලක සටහන් කරගෙන විමර්ශන නොකර සිටීමේ සහ ඒ සම්බන්ධයෙන් උසස් නිලධාරින් දැනුම්වත් නොකිරීම හේතුවෙන් මෙලෙස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කොට ඇත.(03) අනවසර විදුලි රැහැණට ගැටුණු දෙමටකන්ද අයෙක් මියයයි!වන සතුන් දඩයමට යොදා තිබූ, අනවසර විදුලි රැහැනක ගැටීමෙන් මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක්, ගරාවැටී තිබූ ළිඳකට දමා සැඟවීමේ සිද්ධියක් සම්බන්දයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇල්පිටිය අධිකරණයට 07දා, ඉදිරිපත් කළ පුද්ගලයන් දෙදෙනෙකු මාර්තු 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන්නේ දෙමටගහකන්ද, ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකි.නවදගල, දෙමටගහකන්ද ප්‍රදේශයේ පදිංචි වලව්දුරගේ චන්ද්‍රතිලක නැමැති 42 හැවිරිදි තම ස්වාමිපුරුෂයා අතුදරුදන් වී ඇති බවට දන්වමින්, බිරිඳ විසින් ඇල්පිටිය පොලීසියට පසුගිය පෙබරවාරි 14 වෙනිදා, පැමිණිල්ලක් කර තිබේ. ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ පොලීසිය, දෙමටගහකන්ද ප්‍රදේශයේ ඉඩමක පාලු ළිඳකට දමා ඒ මතින් පස් දමා තිබියදී අතුරුදන් පුද්ගලයාගේ මළ සිරුර 06 වැනිදා, සොයාගෙන තිබේ. ඇල්පිටිය මහෙස්ත්‍රාත් මදුශිකා වාසලමුදලි ඉදිරියේ මළ සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය රෝහලට යොමු කර තිබිණ,සතුන් දඩයම් කිරීම සඳහා අදින ලද විදුලි රැහැනක ගැටීමෙන් එකී පුද්ගලයා මිය යෑම හේතුවෙන්, තවත් අයෙක් සමග එක්වී මෘත ශරීරය ගරාවැටුණු ළිඳට දමා වසා දැමූ බවට අදාළ ඉඩමේ හිමිකරුගෙන් සිදු කළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී තිබේ. ඉඩමේ හිමිකරු සහ සහයදුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සිද්ධිය පිළිබඳව ඇල්පිටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.(@ 4) කුඩාඔය වැවෙන් බොම්බ හමුවෙයි! ජල බෝම්බයක්ද නෑ කුඩාඔය පොලිසිය කුඩාවට ජල බෝම්බය නිෂ්ක්‍රීය කරයි!කුඩාඔය පොලිස් වසමට අයත් ඇතිලිවැව ප්‍රදේශයෙන් ගලායන කිරිඳිඔයේ ඉවුරේ තිබී (08) වෙනිදා හමුවූ ජීව අත්බෝම්බය නිෂ්ක්‍රීය කළ බව කුඩාඔය පොලීසිය පවසයි.ප්‍රදේශවාසීහු කළ දැනුම්දීමක් මත හමුවූ මෙම ජීව අත්බෝම්බය ඉතාම පැරණි එකක් බවට අනාවරණය වූ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ බුත්තල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් (09) වෙනිදා බෝම්බය නිෂ්ක්‍රීයකර ඇත.කුඩාඔය වැඩබලන පොලිස් ස්ථානාධිපති එච්.එම්.ඩී.කේ හේරත් මහතා පරීක්ෂණ පවත්වයි.( @ 5) පොලිස් පොඩ්ඩා අයිස් ගහන විට පොලිසියට කොටු !අනුරාධපුර පොලිස් ස්ථානයේ භට නිවස්නයක අයිස් මත් ද්‍රව්‍ය භාවිතා කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු පෙරේදා (08) අනුරාධපුර පොලීසිය විසින් අත්අංගුවට ගෙන ඇත.එම කොස්තාපල්වරයා මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට පොලීසියේ උසස් නිලධාරීන්ට තොරතුරු ලැබී තිබිණි.එම අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් එකසිය හැත්තෑවක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.(@ 6 ) කැම්පස් පැටික්කි බස් රථයේ ගැටී මියයයි!අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ශ්‍රාවස්තිපුර පහේ ඇල ප්‍රදේශයේදී පෙරේදා (08) පෙරවරුවේ ඉදිරියෙන් ගමන්ගත් යතුරු පැදියක පසුපසින් ධාවනය කළ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් සිදුවූ මාරක රිය අනතුරකින් යතුරු පැදියේ පසු පස ගමන් කළ විසි හැවිරිදි බාහිර උපාධි අපේක්ෂිකාවක් මරුමුවට පත්ව ඇත.

එප්පාවල කිරලෝගම ගැටදිවුල ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව්. ජී.සදරේකා සුබෝධනී හේමන්තා නමැති තරුණියක් මෙසේ මියගොස් ඇත.
සිය නිවසේ තිබූ රූපවාහිනී යන්ත්‍රය අළුත්වැඩියා කිරීම සඳහා ඇය තම පියා සමග යතුරු පැදියෙන් අනුරාධපුර නගරයේ රූපවාහිනී යන්ත්‍ර අළුත්වැඩියා කරන ස්ථානයකට රැගෙන යමින් සිටියදී පෙරේදා (08) පෙරවරු 8.00 පමණ මෙම අනතුරට ලක්ව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ඇය ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇත.
මෙම අනතුර සම්බන්ධයෙන් බුල්නෑව තොරනේගම ප්‍රදේශයේ පදිංචි තිස් පස් හැවිරිදි බස් රථයේ රියැදුරු සැකපිට අනුරාධපුර පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
බස් රථයේ රියැදුරු ඊයේ (09) අනුරාධපුර පොලීසියේ රථවාහන අංශය මගින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මෙම අනතුර සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශෂික කුමාර සහ උප පොලිස් පරීක්ෂක හැරල්ඩ් ශාන්ත ඔබේසේකර යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සැරයන්වරුන්වන සෝමසිරි (56656) සහ ධර්මපාල (47844) යන නිලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වති.
(07) හැටන් නගරයට දැඩි නියඟයෙන් ජලට සීමා කෙරේ!
මධ්‍යම කදුකරෙය් බටහිර බැවුම් ප්‍රාදේශයට මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණය හේතුවෙන් හැටන් නගරය හා ඒ ආශ්‍රිත ගම්මාන රැසක් සදහා පානීය ජලය සැපයීම විශාල ගැටළුවක් බවට පත්ව ඇති බවත් බෙදා හරින ජලය වඩාත් අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙස ජාතික ජලසම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ හැටන් මධ්‍යස්ථානයේ ස්ථන බාර නිලධාරි වරයා පවසයී.
හැටන් නගරයේ ජල පාරිභෝගික පවුල් 4100 පමණ වන අතර දෛනිකව බෙදාහරින ජල ප්‍රමාණය ජල ඝන මීටර් 3400 පමණය.
එම ජල ප්‍රමාණය සපුරා ගනු ලබන්නේ සිංගිමලේ රක්ෂිතයේ පිහිටි ස්වභාවික ජල උල්පත් වලින් ජල තටාකය වෙත රැස් කර ගන්නා හා ඉන්වරි ජල මුලාශ්‍රයෙන් ලබා ගන්නා ජලයෙනි.
සිංගිමලේ රක්ෂිත ජල මුලාශ්‍ර වියලීයාමත් සමග එම තටාකයේ ජලය සීග්‍රයෙන් පහත බැස තිබේ.එහි ජල ප්‍රමාණය අඩි 4 ක් දක්වාපහත බැස ඇති අතර ඉන්වරි ජල මුලාශ්‍රයෙන් ලැබෙන ජල ප්‍රමාණය ද හීන වී තිබේ.එම තත්ත්වය හමුවේ ජලය බෙදා හැරීම ගැටළුකාරි බැවින් හැකි තරම් අරපිරිමැස්මෙන් ජලය පරිහරණය කරන ලෙසත් ජලය ලැබෙන කාලවකවානු වල දී එක්රැස් කර ගැනීමට කටයුතු කරන ලෙසත් ජල පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටි.
පවතින වියලි කාලගුණය ඉදිරියටත් පැවතියහොත් හැටන් ,දික්ඔය හා කොටගල යන හැටන් පාරිභෝගික මධ්‍යස්ථානයට අයත් ප්‍රාදේයේ වු ගම්මාන කලාප වශයෙන් වෙන් කර දිනක් හැර දිනක් ජලය බෙදාහැරීම ට කටයුතු කරන බවද පාරිභෝගික ජනතාව වෙත දන්වා සිටියි.

(@ 8) 8) ලංගම බස් චණ්ඩි නිසා බස් මගින් නොණ්ඩි වෙයි!
හැටන් ලංගම ඩිපෝවේ සේවය කරන සමහර චන්ඩි රියදුරන් හා කොන්දොස්තරවරුන් හේතුවෙන් සීසන් ලබා ගෙන ඇති පාසල් දරුවන් ඇතුළු බස් මගින් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි ජනතා පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
හැටන්හි පිහිටි ඔහුගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
මේ වන විට හැටන් ලංගම ඩිපෝවේ සේවය කරන සමහර රියදුරන් හා කොන්දොස්තරවරුන් චන්ඩින් බවට පත් වෙලා ඉන්නේ ලංගම බස් රථ පොදු ජනතාවගේ බදු මුදලින් නඩත්තුවන සේවාවක් වුනත් මේ සමහර රියදුරන් හා කොන්දොස්තරවරුන් සිතා සිටින්නේ එම බස් රථ ඔවුන්ගේ බුදල් කියලා එම නිසායි අර සිසන් ලබා ගත් පාසල් සිසුන්ට බස් රථයෙන් බහින්න කියන කොන්දොස්තර කියන්නේ එම බස් රථය ඔහුගේ කියලා.
මේ සමහර රියදුරන් කොන්දොස්තරවරුන් මෙම ප්‍රදේශයේ සීසන් ලබා ගත් පාසල් සිසුන් ඇතුළු බස් මගින් මහමග දමා යන අවස්ථා බොහෝ පවතිනවා මේ එලිවුනේ එක් සිද්දියක් පමනයි මෙම තත්වයන් මෙම ප්‍රදේශයේ හැටන් ගිනිගත්හේන, හැටන් බගවන්තලාව, හැටන් මස්කෙළිය, හැටන් තලවාකැලේ යන මාර්ගවල බොහෝ අවස්ථාවල පවතිනවා.
(0@@@ )9) ලංගම බස් රියදුර කොන්දා කරටි කැඩෙන්නට අඩියක් ගහයි. සූර් බුස් එක පනගන්නන්න බැරි වෙයි!
පොලිසිය පාසල් ළමයි එක්ක පාසල් ගිහින්!
පාසල් බස් රථයේ ලංගම රියදුරු හා කොන්දා මධු විත පානය කර සිටිය දී පොලිසිය ඇවිත් ළමයි පාසල් පාසල් රැගෙන යැයි!
ලංකා ගමනා ගමන මණ්ඩලයේ පොළොන්නරුව ඩිපෝවට අයත් වැලිකන්දේ සිට ගල්කන්ද දක්වා ගමන් කරන බස් රථයේ රියැදුරු සහ රිය සහායක බීමතින්, වැලිකන්ද ඩිපෝවේ විවේකාගාරයේ වැටී සිටීම හේතුවෙන් වැලිකන්දේ සිට ගල්කන්ද දක්වා ගමන් කිරීමට බස් රථයක් නොමැති කමෙන් සාමාන්‍ය පෙළට පෙනී සිටි සිසුන් සහ මගින් පිරිසක් 08 වෙනිදා වැලිකන්ද පොලිසියේ ජීප් රථයකින් රැගෙන යෑමට කටයුතු කළහ.
ගල්කන්ද ප්‍රදේශයට, වෙනත් කිසිදු බස් රථයක් ගමන් නොකරන අතර එම ප්‍රදේශයේ ජනතාවට ගමන් කිරීමට තිබුන එකම බස් රථය මෙය වේ.
එම බස් රථයේ කොන්දොස්තරවරයා විවේකාගාරයේ සිටියදි රියැදුරු බස් රථයේ යතුරද දමා පැනගොස් ඇති බවද ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
මෙම බස් රථය වැලිකන්ද නගරයෙන් ගල්කන්ද ප්‍රදේශයට සවස දෙකයි තිහට පිටත් වීමට නියමිත තිබු අතර රියදුරු සහ බස් රථයේ කොන්දොස්තරවරයා බීමත්ව සිටීම නිසා අවස්ථා දෙකකදී මගි ජනතාවට එම ප්‍රදේශයට යෑමට සහ වැලිකන්ද නගරයට ඒමට නොහැකි වූ බවද පොලිසිය කියයි.
මෙම සිද්ධිය හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සම්මන්ත්‍රණයකට මනම්පිටිය විද්‍යාලයට ගොස් ආපසු වැලිකන්ද නගරයට පැමිණි මුස්ලිම් සිසුන් පිරිසකට නිවෙස් වෙත යෑමට, ප්‍රමාද වීමෙන් ඉස්ලාම් ආගම ඇදහීමේ කටයුත්තද බස් නැවතුම්පොළේ සිදු කිරීමට සිදුවු බව වාර්තා වේ.
(@@@ 10)
බාලිකාවන් 8 දෙදෙනාට ලිංගික සුත්තරය කියාදුන් ගනිත ගුරා මැයි මස 1 4 දක්වා රිමාන්ඩි !
දහය වසරේ ඉගෙනුම ලබන සිසුවියන් අට දෙනෙකුට ලිංගික අතවර කර ඇතැයි කියන පැමිණිල්ලකට අනුව සැකපිට 07 වෙනිදා අරලගංවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගත්,ගණිත ගුරුවරයා 08 වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එහි වැඩ බලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා කරුණාරත්න මහත්මිය ඔහු මේ මස14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.
අධිකරණයට ඉදිරිපත් කළ ගණිත ගුරුවරයා මානසික සෞඛ්‍ය පිළිබඳ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කරන ලෙසට පොලිසියෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර, ඒ අනුව ඔහු බන්ධනාගාර නිලධාරීන් හරහා මානසික සෞඛ්‍ය පිළිබඳ අධිකරණ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අරලගංවිල පොලිසියේ පොලිස් සැරයන් 66073 ඩබ්ලිව්.පී.එස්.වීරක්කොඩි මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.
දිඹුලාගල අධ්‍යාපන කලාපයේ අරලගංවිල අධ්‍යාපන කොට්ඨාශයේ මහා විද්‍යාලයක ගණිත ගුරුවරයෙකු, දහය වසරේ ඉගෙනුම ලබන සිසුවියන් 8 දෙනෙකුට වරින්වර ලිංගික අතවර කර ඇතැයි ඔවුන්ගේ මව්පියන් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව
අදාළ ගණිත ගුරුවරයා ඉකුත් 07 වෙනිදා අරලගංවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේය.

ලිංගික අතවරයට පත්ව ඇතැයි කියන සිසුවියන්ගේ මවුපියන්ට අධිකරණ පෝරම ලබාදීමෙන් පසු සිසුවියන් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඉදිරිපත් කර ඇති බව අරලගංවිල පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රදීප් සෙනෙවිරත්න මහතා අප කළ විමසීමකදී පැවසීය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න