ලංකාවේ ඇස් ඇති අය ඇස් පරික්ෂා කර ගන්න ලඟම තිබෙන රෝහලේ අක්ෂි සායනයට අදම දැන්ම ගමන් කරන ලෙස අක්ෂි වෛද්‍ය විශේෂඥ දිල්මිණි ආරියසිංහ මහත්මිය පැවසුවාය.
ලෝක ග්ලුකෝමා දිනයට සමගාමීව ග්ලුකෝමා සතිය මේ මස මා ර් තු 9 සිට 15 දක්වා පැවැත්වෙන අතර ලංකාවේ සියලුම රෝහල් මූලික කරගෙන ජනතාව දැනුවත් කරමින් ජනතාවගේ ඇස් ආරක්ෂා කරන්නට ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවයේ නාමයෙන් සියලුදෙනා කටයුතු කරන බව ද ඇය කීවාය.
ලෝකයේ ඉතා දරුණු හා භයානකම රෝගයක්වන ග්ලුකෝමා රෝගය ලංකාවට ද සෞඛ්‍ය හා සමාජ ප්‍රශ්ණයක් වී ඇති බව ද ඇය කීවාය.
ග්ලුකෝමා රෝගය යනු ඇසේ රෝගයක් වන අතර මොලයට සම්බන්ධ ඇස් ස්නායුවට හැනි සිදුවීම මගින් මෙම රෝගය වැළදෙන බව ද ඇය කීවාය.
ලෝකයේ ඇස් ඇස් අන්ධවීම බිය ජනක භයානක රෝගයක් වෙනවා. ලෝකයේ ඇස් අන්ධ වීමේ රෝග අතරේ මෙම රෝගය දෙවන ස්ථානය ගන්නවා. මෙම රෝගය නිසා ක්‍රම ක්‍රමයෙන් කම ඇසේ පෙනීම නැති වෙනවා. මෙය තවත් බිය කරු වන්නේ මෙය වැළදීම නිසා ඇස් අන්ධ වූ පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීමෙන් රෝගය සුවපත් පත් කර ගත නොහැකි වීමයි.
නමුත් මුල් අවදියේ දී රෝගය හදුනාගත හොත් එය යම් පාලනයක් ඇතිව සිදුකර ගත හැකියාව තිබෙනවා.
ඒ නිසා ඔබ තමාගේ ඇසැ පරික්ෂා කරගන්න කියා අපි අපේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
2020 වසරේ දී ලෝකයේ ජනතාවගෙන් මිලියන 79 කට ග්ලුකෝමා රෝගය වැළදීමේ ප්‍රවනතාවයක් දැකියි හැකියි. එවැනි විශාල පිරිසක් මේ නිසා ලෝකය දකින්න නොහැකිව දුක් විදිනවා.
2040 වන විට මෙම රෝගින් ප්‍රමානය මිලියන 111 දක්වා වැඩි වනු ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ලෝකයේ මේ වන විට මෙම රෝගය නිසා ඇස් දෙකම අන්ධ වූ පිරිස මිලියන 10ක් පමණ වෙනවා.
ලොව දියුණු රටවල ජනතාවගෙන් සියයට 50ක් මේ රෝගය තමාට වැළ දී ඇති බව නොදන්නා අතර ලංකාවේ නම් සියයට 90 ක්ම තමාට මෙම රෝගය වැළ දී ඇති බව නොදන්නා බව ද මෙහි ඇති බිය කරුභාවය සම්බන්ධයෙන් ගණන් බලා තිබෙනවා.
ලොව ළදරු උපත් 10 000 කට එක් අයෙකු ඇස් අන්ධ වීමේ ප්‍රවනතාවයෙන් මෙම රෝගයෙන් මෙලොවට බිහි වන බව ද දැකි හැකි වෙනවා.
දියවැඩියාව රෝගීන් වැඩිත් මෙම රෝගය සම්බන්ධයෙන් පරිස්සම් විය යුතුව තිබෙනවා.
පවුලේ ජානමය තත්ත්වය මත ද, සමහරු පුද්ගලයන්ගේ දුර පෙනීම අඩු අයට ද, තම ඇසේ යමක් ගැටීම නිසා වැදීම නිසා ද වයසට යන විට ද මෙම ග්ලුකෝමා රෝගය වැළ දී ඇස් පෙනීම නතර විය හැකි වෙනවා.
මෙම රෝගය මුල් අවධියේදි හදුනාගෙන ප්‍රතිකිර කිරීමෙන් රෝගය සුව පත් කර ගත නොහැකි වුව ද එය පාලනය කර ගත හැකියාව තියනවා.
මෙම රෝගය ලංකාවේ ප්‍රතිකාර තිබෙනවා. එය නොමිලයේ ජනතාවට ලබා දෙන්නට ආණ්ඩුව විශාල වියදම් දරා අවශ්‍ය වූ බෙහෙතේ හා උපකරණ වෛද්‍යවරු මෙන්ම වෛද්‍ය කා ර් ය මණ්ඩල ද සිටිනවා.
ජීවිතය මෙන් ඔබේ ඇස ආරක්ෂාකර දෙන්නට මේ රටේ වෛද්‍යවරු මෙන්ම ආණ්ඩුව ද නිරතුරුවම සහයෝගය දක්වන බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.