ඒ එම රූපවාහිනියේ “Head to Head” විශේෂාංගයේ ආරාධිතයා වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වූ අවස්ථාවේදීය. 

මෙම සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ බ්‍රිතාන්‍ය – ඇමරිකානු මාධ්‍යවේදියෙකු වූ මෙහ්දි රාසා හසන් නම් මාධ්‍යවේදියෙකි.

අල්ජසීරා විකාශය කළ වැඩසටහනේ දී හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉවත් කළ අරගලය, පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයා තෝරා ගැනීම, උතුරු නැගෙනහිර යුධ අපරාධ,  ජාත්‍යන්තර ක්ෂමා ආයතනය, යුරෝපා සංගමය, කතෝලික සභාව, රාජපක්ෂ පාලනය, බටලන්ද කොමිසම පිළිබව ඇතුලු අධි සංවේදී කාරණාද සමඟය. එම කාරණා රටේ පැවැත්මට, ස්ථාවරත්වයට ඉතා වැදගත් වෙයි.

හිටපු ජනාධිපතිවරයාගෙන් අල්ජසීරාව කළ සකච්ඡාවේදී දුන් පිළිතුර පිළිබඳවද විවිධ අදහස් සමාජයේ සාකච්ඡා වෙයි.

ඒ සමඟම එකී සම්මුඛ සාකච්ඡාව ප්‍රචාරය වීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා දේශපාලන පසුතලයක සිට එකී සාකච්ඡාවේ අභ්‍යන්තර සිදුවීම් ගැන සිංහල භාෂාවෙන් තමන්ගේ ස්ථාවරය ප්‍රකාශකළ අතර එය නිදහසට කරුණු දක්වන ස්වරූපයක් ගත්තේය.

එය සැබවින්ම යුක්‍රේනයේ ජනාධිපති සෙලන්ස්කි ඇමෙරිකාවේ ධවල මන්දිරයේදී ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ උප ජනාධිපති වෑන්ස් සමග ඉංග්‍රීසියෙන් වූ අප්‍රසන්න සාකච්ඡාවෙන් පසු ඒ ගැන සමාව ගැනීමක් මෙන් විය.

“මේ සම්මුඛ සාකච්ඡාවේදී මම කරපු සමහර හොඳ කතා තිබුණා ඒවා දාලා නෑ. ඒ ඔක්කොම ප්‍රචාරය කරා නම් මීට වඩා වෙනස් තත්ත්වයක් තියේවි. එම සාකච්ඡාවේදී මට නම් තුනක් දුන්නා. අම්බ්‍රිකා සත්‍යනාදන් මැතිනිය මෙහි හිටියේ. මම එතුමිය එයි කියලා මම බලාපොරොත්තු වුණා. පස්සේ ලබාදුන්නේ රාසරත්නම් නමැති කාන්තාවක්. ඇයගේ ස්වාමි පුරුෂයා ඇන්ටන් බාලසිංහම්ගේ උපදෙස් දුන්නු පුද්ගලයෙක්. ඇත්ත වශයෙන්ම එල්.ටී.ටී.ඊ. එකේ හිටපු දෙන්නෙක් දාලා හිටියා. මේ රටේ බහුතරයක් ඉන්නේ බෞද්ධයෝ. අපේ බෞද්ධයන්ගේ ප්‍රධානියා මල්වතු නාහිමියන්. අනෙක් ආගමික නායකයන් කාදිනල්ලා වෙන්න පුළුවන්, බිෂොප්ලා වෙන්න පුළුවන් ඔවුන් ඉන්නේ ඒ යටතේයි. මොකක් හරි හේතුවකට එය පළවුණේ නෑ’’ යැයිද රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා එහිදී සිංහලෙන් පවසා තිබෙන බව මාධ්‍යද වාර්තා කර ඇත.

තමන්ගේ අවස්ථාව අතපසු කරගැනීම හෝ වරදවා ගැනීමෙන් පසු යුක්‍රේනයේ ජනාධිපති සෙලන්ස්කි පසුව ඒ ගැන සමාව ගත්තේය. ශ්‍රි ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුව ඒ ගැන මාධ්‍ය හමුවේ තමන්ගේ නිදහසට කරුණු කීවේය.

මෙම ලිපිය මගින් මතු කරන්නේ රටක ආරක්ෂාව, අභිමානය සහ පැවැත්ම සමඟ භාෂාවේ වැදගත්කම ය. එය දන්නා රටවල් ස්ථාවර වන අතර දියුණු වෙයි.

ඉංග්‍රීසියෙන් වැඩකරන්න යන ඉංග්‍රීසි මව් භාෂාව නොවන රටවලට වනදේ 
ගැන යුක්‍රේනයේ ජනාධිපති ව්ලැඩිමීර් සෙලන්ස්කි සහ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා දෙන පාඩම පැහැදිලිය.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න