ලෝකයේ ජාත්‍යන්තර භාෂා 6ක් ඇත. ඒ ප්‍රංශ, ස්පාඤ්ඤ, චීන, රුසියා, ඉංග්‍රීසි සහ අරාබි යන භාෂාය.

බ්‍රිතාන්‍යය යටත් විජිත ලෙස තිබූ රටවල් ලෙස සැළකෙන වර්තමාන ඇමෙරිකා එක්සත් ජනපදය, ඉංදියාව, ශ්‍රී ලංකාව ඇතුලු රටවල් ඉංග්‍රීසි භාෂාවට විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය ලබා දී ඇත. එසේ වුවත් ජපානය, කොරියාව, චීනය, රුසියාව, ප්‍රංශය වැනි දියුණු රටවල් ඒ රටවල භාෂාවෙන් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ක්ෂේත්‍රයේ  කටයුතු සිදු කරයි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන රාජ්‍ය භාෂාවෙන්, අධිකරණ භාෂාවෙන් කටයුතු සිදු නොවන අතර ඉංග්‍රීසි භාෂාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැති ප්‍රමුඛස්ථානයක් ලබා දී ඇත.

යුක්‍රේනය යනු අසල්වැසි රුසියාව සමඟ සම්බන්ධතා නොපවත්වා නේටෝව, යුරෝපීය සංගමය ඇ.එ.ජ. සමඟ සම්බන්ධතා පවත්වන්නට ගොස් සිය රටේ භූමියද, සම්පත්, දේපළ සහ ජීවිත අහිමි කරගනිමින් සිටින රටකි.

තමන්ගේ රටේ නොමැති යුධ අවි වෙනත් රටවලින් ලබා ගෙන ණයට යුද්ධ කිරීමේ අනුවණකම යුක්‍රේනය සහ එහි ජනාධිපති සෙලන්ස්කි පසුගියදා ඇ.එ.ජ ජනාධිපති ට්‍රම්ප් සහ එහි උපජනාධිපති වෑන්ස් අතර ධවල මන්දිරයේ වූ අප්‍රසන්න සාකච්ඡාවේදී ලොවට ප්‍රදර්ශනය කළේය.

එම සාකච්ඡාවේදී ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් යුක්රේන ජනාධිපතිවරයා “අගෞරව කළ බවට” මෙන්ම “තුන්වන ලෝක යුද්ධය සමඟ සූදුවේ නියැලෙන” බවට චෝදනා එල්ල කළේය. එම සාකච්ඡාව ඉංග්‍රීසි භාෂාවෙන් පැවති අතර එහිදී යුක්‍රේන ජනාධිපතිවරයාගේ නොහැකියාව සහ ආධුනික බව සහ පෞරුෂය ගිලිහීම තමන්ගේ භාෂාව භාවිතා නොකිරීමෙන් පෙන්නුම් කළේය.

රුසියාවේ හෝ චීනයේ හෝ ජපානයේ හෝ කොරියාව වැනි රටවල රාජ්‍ය නායකයන් සිය භාෂා අයිතිය යුක්‍රේනයේ ජනාධිපති සෙලන්ස්කි මෙන් අත්හරින්නේ නැත.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු මෙම ලියුම්කරු ඒ ගැන ලිපියක් ලියමින් (2022 පෙබරවාරි 25 දින) ii වන ලෝක යුද්ධයේදී ජර්මනිය සහ ජපානය මෙන්  වැරදි  නොකරනු ලැබුවහොත් රුසියාව යුක්‍රේනයේදී පරාජය නොවන බව පැහැදිලි කළේය. ඒ වැරදි නම් අමානුෂික ලෙස යුදෙව්වන් ඝාතනය කිරීමත්, රුසියාවට පහර දීමත්, සීමාව ඉක්මවා යුද්ධය පැතිරවීමත් ය. ජපානය කළ වැරැද්ද පැසිපික් සාගරයේ හවායිහී පර්ල් වරායට බෝම්බ හෙළීමය.

එම ලිපිය ස‍ඳහා අන්තර්ජාල සැබැඳිය..

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න