.. “ඉන්දියාව, චීනය ඒ ගොල්ලන්ගේ ගේම් එක ප්ලේ කරනවා, අපිත් පුළුවන් උපරිමයෙන් ලංකාව වෙනුවෙන් ඒ ගේම් එක ප්ලේ කරනවා”

රනිල් නමැති “දේශපාලන කපටි නරියාගේ” උත්තරය කොහොමද!සුපිරි 👍

ඒ කපටිකම දැන් උපරිමයෙන් රටට අවශ්‍ය මොහොතක් මේක.

ලංකාවට කොහොමත් අවාසියි කවුරු බලයේ හිටියත්.. නමුත් ලංකාවට අඩුම අවාසියක් සහිතව ” ගේම් එක ප්ලේ කරන්න ” මේ මොහොතේ සුදුසුම නායකයා රනිල් විතරයි.
වෙන කිසිම සුදුස්සෙක් පේන තෙක් මානයක නෑ.

අන්තිම දුෂ්කර මොහොතේ පෝලිම් තුළ මිනිස්සු මැරෙද්දි, ජනතාව කුපිත වෙලා ඉන්දැද්දි බයේ, ඇඟ බේරගන්න විවේචනය විතරක් කරමින් ඉන්නේ නැතිව රට බාරගත්ත මිනිහා, රනිල්!

ඒ වගේම අවුරුදු දෙකෙන් රට යහපත් ආර්ථික පීල්ලට දාපු මිනිහා රනිල්,

වැඩේ ප්‍රායෝගිකව කරලා පෙන්නුව මිනිහා රනිල්, ලෝකයම මවිතවුනා රනිල් මේ ආර්ථික අවුල නමැති මහා ගින්න මැඩපවත්වපු උපාය සහ නායකත්වය ගැන…

ඒ වගේම රනිල් හැමෝගෙම සහාය ඉල්ලුවා.. ඉදිරි අවුරුදු දහයක්තුළ මේ ආර්ථික අවුල සහමුලින්ම අඩුකරගන්න හවුලේ ආණ්ඩු කරන්න එන්න කියලා.. කවුරුවත් ආවෙ නෑ. ” “නෑ අපට පැය විසිහතරෙන් විසඳන්න පුළුවන්, එක පෑන් පහරින් විසඳන්න පුළුවන්” කියලා මාලිමාව රට බාරගත්ත 🙄

.. ඒ දක්ෂ, හිටපු ටීම් එකේ වැඩ පෙන්නපු නායක රනිල් ගෙදර යැව්වා “😪

දැන් කවුද ලංකාවේ ටීම් එක සහ කැප්ටන්? ” අත්දැකීම්, පළපුරුද්ද නැති, ඉංග්‍රීසි බැරි, ලෝක නායකයින් සහ තානාපතිනිලා ඉදිරියේ බයාදුලෙස හැසිරෙන, විසුළුකාර වැඩ කරන,කයියනායක, මම වගේ ගමේ බයියෙක්!!😄

ටීම් එකේ ඉන්නේ,ඇත්ත විභාග සහතික ( සමග බොරු උපාධි ) තියෙන,නමුත් විභාග සහතික තිබුනත් නූගත්, ඒ වගේම බුද්ධියක් නැති, නැහැදිච්ච,කට වාචාල,
ගමේ බයියෝ සහ නගරයේ පාදඩ මිනිස්සු සහ ගෑනු ටිකක්.

මේ මං වගේ ගොබ්බ වාහෙලා සෙට් එක තමයි දැන් ලංකාව වෙනුවෙන් ඉන්දියාව සහ චීනය සමග ” දේශපාලන – ආර්ථික ගේම් එක ප්ලේ කරන්නේ “.. හොඳට හිටියි නේද? 😜

ඉතිං එහෙව් මුන්ට ( මේ මට )පුළුවන් ද මේ ලෝක බලවතුන් එක්ක ඒ ” ගේම් එක ප්ලේ කරන්න “…

අඩු ගානේ ඕකුන්ට ” ලෝක දේශපාලන ගේම් එක ප්ලේ කරන්න තියා ගමේ කෝපි කඩේ දාම් ලෑල්ලේ දාම් අදින ගේම් එක ප්ලේ කරන්නවත් බෑ..😄
මටනම් අඩුගානේ ඒකවත් පුළුවන්.. හැක් හැක් 😜

එහෙව් අංජබජල් සෙට් එකකට ලෝක දේශපාලන- ආර්ථිකයට අදාළ මොන ගේම් ප්ලේ ද අනේ..

රටට දෙයියන්ගේම පිහිටයි!”🙏

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න