මෙරට ඖෂධ නිෂ්පාදන ක ර් මාන්තය දියුණු කිරීම සඳහා බාධාවක්ව තිබූ 18 % ක ආනයනික ඇසුරුම් ද්‍රව්‍ය සදහා වූ වැට් බද්ධ මෙවර අයවැයෙන් සම්පූර්ණයෙන් ම ඉවත් කර දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීමට සහ රට තුළ ඖෂධ සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා රජය ලබාදුන් සහයෝගය අගයකරන බව බටහිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති නලීන් කන්නන්ගර මහතා පැවසී ය.
රජය ලබා දුන් එම සහනය යළිත් ජනතාවටම ලබා දෙන ඒ මහතා කියා සිටියේ ය.
මේ වන විට රජයේ රෝහල්වල ඖෂධ අවශ්‍යතාවයෙන් 30% පමණ සපයනු ලබන්නේ අප සංගමයෙන් බව ද ඒ මහතා කීය.
අප සංගමය රට තුළ ඖෂධ නිෂ්පාදන කර් මාන්ත ශාලා 27 ක් පවත්වා ගෙන යන බවත් ඒවා තුළින් තත්ත්වයෙන් උසස් ගුණාත්මකභාවයෙන් ඉහළ නිෂ්පාදනය වෙළද පොළ වෙත බෙදා හරින බව ද ඔහු පැවසීය.
බටහිර ඖෂධ දේශීය නිෂ්පාදක සාමාජිකයන්ගේ කර් මාන්ත ශාලා වලින් නිපදවන ඖෂධ වලින් 35% රජයේ රෝහල්වල භාවිතයට ගනු ලබන බවත් ඒ මහතා කීය.
පෞද්ගලික අංශයේ ඖෂධ ශාලාවල අලෙවි කරනු ලබන ඖෂධ වලින් සියයට 95 ක් විදේශයෙන් ගෙන්වනු ලබන ඖෂධ වන අතර මෙරට නිෂ්පාදිත දේශිය ඖෂධ සියයට 5 ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ ඖෂධ ශාලාවල අලෙවිකරනු ලබන බව ද ඔහු කීය
ව ර් ත මානය වන විට මෙරට නිෂ්පාදනය කරනු ලබන බටහිර ඖෂධ ව ර් ග ප්‍රමාණය 350 ක අධික බවද ඔහු ප්‍රකාශ කළේය.