මෙවර පළාත් පාලන මැතිවරණයේ දී නුවරඑලය දිස්ත්‍රික්කයේ පලාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කිරිමේදි ගැටලු රැසක් මතු වි ඇති බව පලාත් පාලන මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කිරිමට අපේක්ෂාවෙන් සිටින දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති නායකයින් පැවසීය.

කොට්ටාශ මට්ටමින් නාමයෝජනා ඉදිරිපත් කිරිමේදි එම නාම යෝජනා පත්‍රයට 50% කාන්තා නියෝජනය අනිවාර්ය කර තිබියදි තවත් 50% තරුණ ප්‍රජාව නියෝජනය අනිවාර්ය කිරිම තුල එම දේශපාලන පක්ෂ වල මීට ප්‍රථම පළාත් පාලන ආයතන වල සභික ධූර දැරු වැඩි පිරිසකට මෙවර නාම යෝජනා ලබා දීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවයි එම පිරිස කියා සිටියේ.

කොට්ටාශයෙන් දිනන්නට පුළුවන් අපේක්ෂකයින් නාම යෝජනා පත්‍රයට ඇතුලත් කරන ලෙසට පක්ෂ නායකයින් උපදෙස් ලබා දී ඇති බවත් පවත්නා තත්වය මත නාමයෝජනා ඉදිරිපත් කිරිමට පත් කර ඇති කමිටු නිළධාරින් ගැටළු රැසකට මැදිහත් වී ඇත.
පළාත් පාලන ආයතන වල සභික ධූර දැරු වැඩි පිරිසකට නාම යෝජනා මෙවර නොලැබෙන්නේ නම් එම පිරිස පක්ෂ දේශපාලනයෙන් සහ වෘත්තීය සමිති සාමාජිකත්ව වලින් ඉවත් වන බවට දැනුම් දී ඇති බවද වතුකරයේ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති නායකයින් පැවසීය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න