දසවැනි පාර්ලිමේන්තුව යටතේ ආංශික අධීක්ෂණ කාරක සභා 7 ක් ස්ථාපිත කිරීමටත් ඉන් 3 ක සභාපතිධුර විපක්ෂයටත් 4ක සභාපතිධුර ආණ්ඩු පක්ෂයටත් ලබා දීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එකඟත්වය පළවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (27) පාර්ලිමේන්තුවේදී පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත.
ආංශික අධීක්ෂණ කාරක සභාවල ක්‍රියාකාරීත්වය පිළිබඳව සමාලෝචනය කිරීමට පත්කරන ලද කමිටුවේ නිර්දේශ මත මෙලෙස දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් සියලු අමාත්‍යාංශවල විෂය පථයන් ආවරණය වන පරිදි පිහිටුවීමට තීරණයවී තිබේ.
තවද දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආබාධිත ප්‍රජාව වෙනුවෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තු සංසදයක් පිහිටුවීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුගත් වසන්ත ද සිල්වා සහ වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්වරුන් විසින් කර ඇති ඉල්ලීමට ද කාරක සභාවේ අනුමතිය හිමිවූ බව මහලේකම්වරිය සඳහන් කළාය.









