අපරික්ෂාකාරීව ගිනි අවිය පාවිච්චි වීම,මහියංගනය දම්බරාව ගම්වාසින් හා මාපාකඩවැව අලි පාලන ඒකකයේ නිලධාරින් එක්ව සිදු කල අලි මෙහෙයුමක දී වන ජීවී නියාමකයකු අත තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වී මලවීකන්ද ගොවි ගම්මානයේ පුද්ගලයෙකුට වෙඩි වැදී බරපතල තුවාල ලබා මහියංගන රෝහලට ඇතුලත් කර තිබේ.අපරික්ෂාකාරි ආකාරයට තම රාජකාරි ගිනිඅවිය ක්‍රියාත්මක කළ වනජීවි ආරක්ෂක නියාමකවරයා මහිංයගන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පසුගිය 25 වන දින මහියංගන ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ. නඩුව 2025 හත්වන මස 22 යළි කැඳවීමට නියමිතය.සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ අංක 99,අලකොලයාය, මලවීකන්ද ගම්මානයේ පදිංචි විජේතුංග මුදියසේලාගේ නදීෂ නැමැති (33) හැවිරිදි දෙදරු පියෙකි.වෙඩි වැදුනු පුද්ගලාගේ දකුණු පස පාදයේ උණ්ඩ කොටස් හතරක් ඇති බව වෛද්‍ය පරික්ෂණවලින් තහවුරු වී අතර ශ්‍යලකර්මයක් තුළින් උණ්ඩ කැබලි ඉවත් කළ හොත් පාදයේ යම් දුර්වලතාවයක් ඇතිවිය හැකි බව තමාට වෛද්‍යවරු පැවසූ බව නදීෂ විජේතුංග මහතා පැවසීය.ගොවිතැන තම ජීවිකාව කරගෙන යන හෙතෙම පාදයේ යම් ආබාධිත තත්ත්වයක් ඇති වුව හොත් තමා හා තම දරු පවුල දැඩි අපහසුතාවයකට ලක්වන බව පැවසීය.ඒ නිසා මේ සම්බන්ධයෙන් සාධාරණව සලකා බලා වන ජීවී අමාත්‍යාංශයෙන් හෝ රජයෙන් හෝ සහනයක් ලබා දෙන මෙන් හෙතෙම ඉල්ලා සිටියේ ය.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ මහියංගන පොලිසිය මගින් සිදු කෙරේ.