(08)
මඩකලපුව මහජන පරික්ෂක වරු වැඩට බසී!
මඩකලපුව, කොට්ටමුනේ සහ පුලියන්තීව් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශවල විශේෂ ආහාර සුරක්ෂිතතා පරීක්ෂණ පවත්වන ලදී. අවන්හල්, අයිස්ක්‍රීම් විකුණුම් ස්ථාන සහ ආහාර භාව්තාකරන් ස්ථාන ඇතුළුව ස්ථාන එකොළහක් පරීක්ෂාවට ලක් කරන ලදී.
සොදිසි මෙහෙයුමෙදී වෛද්‍ය නිලධාරියෙකුගෙ වෛද්‍ය සහතිකයක් නොමැතිව ආහාර ද්‍රව්‍ය භාවිතාකිරීම , නිසි ආරක්ෂිත ඇඳුම් නොමැතිව ආහාර ද්‍රව්‍ය හැසිරවීම, මිනිස් පරිභොජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සහ ආහාර ලේබල් කිරීම උල්ලංඝනය කරමින් ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම යන චොදනා යටතෙ නීතිමය පියවර ගෙන ඇත.
මෙම පරීක්ෂාවට දිස්ත්‍රික් අධීක්ෂණ පරීක්ෂක, අධීක්ෂණ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහභාගී වූහ.
තවද, ඉදිරියෙදී අඛණ්ඩ පරීක්ෂණ සිදුකරන බව මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය. ඊ. උදයකුමාර් මහතා පැවසීය


(09)
බදුල්ලෙන් අයිස් අල්ලයි.
අයිස් මත්ද්‍රව්‍ය මිලිග්රැම් 5400 ක් සමග පුද්ගලයෙකු ඊයෙ (25) දින රාත්‍රි අත්අඩංගුවට ගැනිමට හැකිවු බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තෙ 24 හැවිරිදි වියේ පසුවන අංක 38, සුවිනිතගම ,බදුල්ල යන ලිපිනයේ පදිංචි අයෙකිි.
බදුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් හට ලද තොරතුරක් මත බදුල්ල නගරයේ රැදි සිටියදි රාත්‍රි නවයට පමණ මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවද පොලිසිය පවසයි.


(10)
පොළෙන්නරුවේ වී සරවට වරුෂාව හරහට!
දින දෙකක කාලයක් තිස්සෙ පොළොන්නරුව ඇතුළු මහවැලි බි කලාපයට ඇදහෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙවර මහ කන්නයේ වගා කරන ලද වී අස්වනු නෙළා ගැනීමට මහත් බාධා එල්ල වී ඇති අතර ඇතැම් ගොවීන් නෙලාගත් වී අස්වනු වර්ෂාවට හසුවීමෙන් වී කිලොවක මිලද පහළ දැමීමට පොළොන්නරුව මහා පරිමාණ වී මොල් ව්‍යාපාරිකයින් කටයුතු කර ඇති බව මහවැලි බි කලාපයෙ ගොවි සංවිධාන නියොජිතයින් සහ ගොවීන් පවසති.
ගත වූ දින දෙකක කාලය තුළ මහපාරේ වී වෙලීමට දැමූ වී අස්ව්නු විශාල වශයෙන් වර්ෂාවට හසුව ඇති අතර වැලිකන්ද, අරලගංවිල, මනම්පිටිය, දිඹුලාගල, ඇතුළු අවට ප්‍රදේශවල ගොවීන් මේ හේතුවෙන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති.
කෙසේ වෙතත් රජයෙ සහතික වී මිල අභිබවා පොළොන්නරුවේ පෞද්ගලික වී මොල් හිමිකරුවන් වෙලපු සහ අමු වී සැලකිය යුතු මට්ටමේ මිලකට ලබාගන්නා බවද ගොවී සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් කියති.


(11) මෙන්න බොලේ ගාල්ලේ සමනල ගැහැල්ලක් !
විදෙශ සේවා නියුක්ති කාර්යංශය විසින් ගාල්ල සමනළ ක්‍රිඩාංගනයේ පැවති වැඩසටහනක් සදහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරිමකින් තොරව වෙළද කුටියක් රුපියල් 170,000 බැගින් වෙළද කුටි 30ක් මිලදි ගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
මෙකි වෙළද කුටි පුද්ගලික ආයතනයක් මගින් මිලදි ගෙන තිබු අතර 2022 වසරේ ඔක්තොබර් මස 15 හා 16 යන දෙදින තුල ගාල්ල සමනළ ක්‍රිඩාංගනයෙ දි මෙකි වැඩසටහන පැවැත්විණි. වෙළද කුටි මිලදි ගැනිමේ දි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකිරිම සම්බන්දයෙන් විශේෂ පරික්ෂණයක් සිදුකළ යුතු බවට විගණනය මගින් නිර් දේශ කොට ඇත.
මේ පිළිබද විදේශ කාර්යාංශයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන්කොට ඇතේ මෙකි වැඩසටහනට අදාළ වෙළද කුටි ලබාදිම සදහා ප්‍රසම්පාදන කාර්යය සිදුකොට ඇත්තේ රෙඛ්ය අමාත්‍යංශය විසින් බවය.
ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා ලෙස අමාත්‍යංශ ලේකම් විසින් යොමුකරණු ලැබු 2023 මැයි 29 දිනැති ලිපිය අනුව කටයුතු කර ඇති බවද කාර්යංශයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.


(12)
මඩකලපුව දිස්ත්‍රික්කය ලාඳුරුවලින් දෙවන ස්ථානය හිමිවෙයි!
මඩකලපුව දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගීන් 140 දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, මසකට රොගීන්600 ත් 700 ත් අතර සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා පැමිණෙන බවත්, එමඟින් ලංකාවේ වැඩිම ලාදුරු රෝගීන් සංඛ්‍යාවක් සිටින දෙවන දිස්ත්‍රික්කය බවට මඩකලපුව හැදින්විය හැකි බවට මඩකලපුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස්. මුරලීස්වරන් මහතා පවසයි
මඩකලපුව දිස්ත්‍රික්කයේ සීඝ්‍රයෙන් ඉහළ යන ලාදුරු රෝගය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම යටතේ මඩකලපුව දිස්ත්‍රික් ප්‍රා දේශීය සෞඛ්‍ය සේවාවා කාර්යාලය විසින් සංවිධානය කරනලද මහා දැනුවත් කිරීමේ පාගමනක් පසුගිය දා කල්ලඩි පාලම අසලින්දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මුරලීස්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.


(13) පණ පිටින් මිනිස්සු 3 ක් කූඩුවකට දමා ගිනි තියයි!
මාවනැල්ල මුරුතවෙල ප්‍රදේශයේ පුද්ගලයෙක් තම නිවසකට ඉන්දන දමා ගිනි තැබීමෙන් තිදෙනෙක් පිළිස්සුම් තුවාල ලබා 25 වැනිදා අලුයම රෝහල් ගත කර ඇතැයි මාවනැල්ල පොලිසිය පැවසීය.
මාවනැල්ල මුරුතවෙල ප්‍රදේශයේ 57 හැවිරිදි පස් දරු පියෙක් සිටින බවත් වැඩිමහල් දියණිය විවාහ වී වව්නියාව ප්‍රදේශයේ වෙනම පදිංචිව සිටින බවත් පොලිසිය පැවසීය. සෙසු දරුවන් බිරිද සමග ජීවත් වෙමින් සිට ඇති පස් දරු පියා ඉකුත් 24 වැනිදා රාත්‍රි 11 ට පමණ ඉන්දන කෑන් එකක් රැගෙන පැමිණ නිවසට පැමිණ තිබේ. පසුව බිරිද හා දරුවන් සිව් දෙනා අසල්වැසි නිවසකට දිව ගොස් තිබේ. පසුව පස් දරු පියා නිවස ඇතුළතට හා පිටත ඉන්දන හලා ගිනි තබා තිබේ.
පසුව අසල්වැසි නිවසකට දිව ගොස් සිටි පිරිමි දරුවෙක් නිවසට පැමිණෙමින් සිටි අවස්ථාවේ දී පස් දරු පියා පිරිමි දරුවාගේ ශරිරයට ඉන්දන හලා තිබේ. පසුව ඔහුගේ ශරිර ගිනි ගනිමින් තිබුණු අවස්ථාවේ දී අසල්වැසි නිවසක පුද්ගලයෙක් පැමිණ පිරිමි දරුවා බේරා ගැනීමට ගිය අවස්ථාවේ දී ඔහුගේ කකුල් දෙක පිළිස්සී තිබේ. ගින්නෙන් ගෙහිමියා ද පිළිස්සුම් තුවාල ලබා ඇති බවත් පොලිසිය පැවසීය. පිළිස්සුම් තුවාල ලැබූ තිදෙනාම මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබේ. නිවසේ තිබුණු බඩු මුට්ටු පාසල් දරුවන්ගේ පොත් පත් ඇද ඇතිරිලි පාපැදි දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බවත් පොලිසිය පැවසීය. පසුව පස් දරු පියාගේ බිරිද 119 හදිසි දුරකතන අංකයට කරන ලද ඇමතුමකට අනුව විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.


14) ටයර් හොරෙක් සපුගස් කන්දෙන් අල්ලයි!
පුද්ගලික ආයතනයක් මගින් ගොනවල පෙලෙන්ගහහෙන ප්‍රදේශයේ පවත්වා ගෙන යන ගබඩා අංගනයකින් රුපියල් විසිතුන් ලක්ෂ තිස්පන් දහසක් පමණ වටිනා ටයර් 10 ක් සොරකම් කරන ලද එම ආයතනයේ හිටපු සෙවකයෙකු සපුගස්කන්ද පොලිසිය මගින් ( 25 වැනිදා ) පස්වරුවේ හෙයියන්තුඩුව පවර් හවුස් හන්දියේ දී අත් අඩංගුවට ගෙන ඇත.
ඒ සමගම මොහු විසින් සොරකම් කරන ලද එම ටයර් 10 න් 08 ක් අකුරැස්ස හා කඹුරුපිටිය යන ප්‍රදෙශවලට විකුණා තිබි සොයා ගැනිණි.
මෙම ගබඩා අංගනයෙ කන්ටෙනර් පෙට්ටියක් තුල එම ටයර් තිබු අතර මොහු රාත්‍රී කාලයෙ ගබඩා අංගනය වසා තිබු අවස්ථාවක කුලී පදනම මත ලබා ගත් ලොරියකින් පැමිණ එම කන්ටෙනර් පෙට්ටිය හොර යතුරකින් විවෘත කොට එම ටයර් රැගෙන ගොස් තිබේ.
මොහු එම ආයතනයේ කළමනාකාරිත්වය සමග ඇති කර ගත් ආරාවුලක් මත ඔහු දැනට මාස දෙකකට පමණ ඉහත සේවයෙන් අස්කර ඇතැයි ද කියති.
මෙහි ටයර් අඩුවීම සම්බන්ධව එම ආයතනය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් විමර්ශනය කර එම ගබඩා අංගනයෙ සී.සී.ටී.වී. කැමරා වල රූපරාමු නිරීක්ෂණය කොට මොහු මෙසෙ අත් අඩංගුවට ගැනීමට හැකිවිය.


(15) ගව පල්ලාට අලියකු හදිකර මරා දමයි!
ගවයින් ගාල්කොට නිවසට එමින් සිටි පුද්ගලයෙකුට (25) රාත්‍රී වන අලියෙකු පහරදීමෙන් මියගොස් ඇතැයි සාම්පූර් පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ තෝපූර් ,සාම්පූර් , පාඨලීපුරම් ප්‍රදේශයේ පදිංචි එස්.සුරේෂ් (37) නමැති එක්දරු පියෙකි.
ගවයින් ගාල්කිට සිය පාපැදියෙන් නිවෙස් බලා එමින් සිටියදී අතුරු මාර්ගයකදී මෙම වන අලියා පහරම සිදුකොට ඔහුගේ පාපැදියද පාගා විනාශ කර ඇත.
සිද්ධිය සැලවූ මොහොතේම සම්පූර් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එම්.පාලිත සමරසිංහ මහතා ඇතුළු නිළධාරී පිරිස් හා ප්‍රදේශ වාසීන් එක්ව තුවාල කරු රාත්‍රියේම මූතූර් රෝහලට ඇතුලත් කලද හෙතෙම රෝහලේදී මිය ගොස් ඇත.


(16) පැන පැන සිටි කෝමාන්ඩෝ බටයා පෑලියගොඩ දී කොටු වෙයි!
පෑලියගොඩ බියගම පාරෙ කලුපාලම අසලදී බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශයෙ පොලිස් නිලධාරින් කංඩායමක් විසින් සිදුකල වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 100ක් සමග අත් අඩංගුවට ගත් සැකකරු යුධහමුදාවේ 3න් වන කොමාන්ඩෝ රෙජිමේන්තුවේ වසර පහක පමණ කාලයක් සේවය කර ඉන් පසුව සේවය හැර ගිය අයෙකු බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කුලතුංගගේ සසිත් මධුශාන් පෙරේරා නැමති 25ස් පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි
සැකකරු ගෙන් සිදුකල ප්‍රශ්ණ කිරීමේදී ඔහු ඉකුත් 2019 වසරේ යුධහමුදා 03වන කොමාන්ඩෝ රෙජිමේන්තුවට එක්ව සේවය කල බවත් 2023 වසරේ රැකියාව හැර ගිය බවත් ප්‍රකාශ කර ඇත.
සැකකරු කැලණිය කිරිබත්ගොඩ ඇතුළු ජනාකීර්ණ නගරවලට
අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමේ නිරත වී ඇති අතර ඔහු අයිස් මත්ද්‍රව්‍ය පානයට තදින්ම ඇබ්බැහි වී සිටින්නෙකු බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
25ස් වනදා අළුත්කඩේ අංක5 අධිකරණයට ඉදිරිපත් කල සැකකරු ගෙන් වැඩිදුර ප්‍රශ්ණ කිරීම සදහා දින හතක රැඳවුම් නියෝග ලබා ගෙන ඇති අතර ඔහු වටා ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සහ අනෙකුත් නීතිවිරෝධී සබඳතාවයන් සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්ණ කිරීමට නියමිතය.


(17) සුළඟ ඇවිත් ගසාගෙන ගිහින්
දොඩම්පෙ මිල්ලකඩේ ප්‍රදේශය හරහා හම ගිය දැඩි සුළඟකින් මිල්ලකඩේ චිත්තානන්ද පිරිවෙන් විහාරස්ථානය ඇතුලු ගොඩනැගිලි රැසකට හා විදුලි රැහැන් වලටත් හානි .
මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කය ඇතුලු දිවයිනේ ප්‍රදේශ ගනනාවකට දැඩි වියළි කාලගුණයක් පවතින අතර, 25 වනදින පස්වරු පහට පමන කුරුවිට හා කිරිඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ හරහා හමා ගිය දැඩි සුළගකින් එම ප්‍රදේශ වලට අයත් දොඩම්පේ මිල්ලකඩේ , පාතගම ආදි ප්‍රෙද්ශ වල නිවාස ගනනාවක වහලවල් ගැල වී ගොස් හානි සිදුව ඇති අතර, ඒත් සමගම දැඩි වර්ෂවක් පතිත විය.
එම දුඩි සුළගින් මිල්ලකඩේ චිත්තානන්ද පිරිවෙන් විවේකාරාම විහාරස්ථානයේ ගොඩනැගිලි ඇතුළු එම ප්‍රදේශයේ නිවාස 20ට අධික ප්‍රමාණයකටද හානි සිදුව ඇතැයි විහාරාධිපති කොටපොල සුධම්ම නා හිමියන් පැවසූහ. මේ සමගම ප්‍රදේශයේ විදුලි, දුරකථන රැහැන්වලට හානි සිදුව තිබේ. එම අවස්ථාවේ රත්නපුර – පානදුර මාර් ගයට ගස් කඩා වැටිමෙන් ප්‍රවාහන කටයුතු ඇනහිට තිබූ අතර ප්‍රදේශවාසින් විසින් එම ගස් කපා ඉවත්කිරීමට කටයුතු කිරීම හේතුවෙන් පැයක පමනකාළයක් ඇණ ිහිට තිබූ ගමනා ගමන කටයුතු යලි ආරම්භ විය. ස්තාන කිහිපයක ගස් කඩා වැටීම හේතුවෙන් විදුලි රැහැක් වලටද හානි සිදුව තිබූ අතර, පැය දෙකක පමන කාළයක් ඇණහිට තිබූ විදුලියද යථා තත්වයට පත් කිරීමට විදුලි බළ මණ්ඩළයේ සේවකයින් විසින් කටයුතු කර තිබිනි.

(19)
අලි වලියකට ආණ්ඩුව ගමක් ම යොදවයි! ඉඩම් හෙට්ටයාර් 102 ක් දී පහසුකම්ද සපයයි!
වන අලියන් විශාල ලෙස ගැවසෙන හා ඔවුන්ගෙ ගමන් මාර්ගයන් වැටී ඇති යෝජිත වන්දම දෙමලිය රක්ෂිතයෙන්,කැලෑ ඉඩම් හෙක්ටයාර 102ක්, ගොවියන් අතර බෙදාදිමට රජයේ සුදානමක් ඇතැයි සොබා පදනම සංවිධානය පවසයි.
ඔවුන් පවසන්නේ එසේ උවහොත්, ප්‍රදේශයේ පවතින වනඅලි ගැටලුව, තව තවත් උග්‍රවී,ඉන්, අලි මිනිස් දෙපාර්ශවයටම විශාල බලපෑමක් ඇතිවිය හැකි බවයි.
ඉකුත් ආන්ඩු සමයේථ හිටපු අමාත්‍ය ජගත් පුෂ්ප කුමාර, ආනන්ද කුමාරසිරි යන මහතුන් මෙන්ම, ප්‍රදේශයේ තවත්, පළාත් සහ ප්‍රාදේශීය සභා මංත්‍රිවරැන්, මෙම කැලැ ඉඩම් ගොවියන් අතර බෙදාදීමට උත්සහකලද , වන සංරක්ෂණ හා වනජිවි නිළධාරින්ගේ මෙන්ම පරිසර සංවිධාන වල විරෝධතා නිසා එම උත්සහයන් වැලකී ගිය බවද, සොබාපදනම සංවිධානය පෙන්වා දෙයි.
මොණරාගල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙන්, ප්‍රදේශවාසින් පිරිසක් සිදුකල ඉල්ලීමකට අනුව, දිස්ත්‍රික් සංවර්ධන කමිටුව විසින් මෙම යෝජිත රක්ෂිතයෙන් මිනිසුන්ට කුඹුරු ඉඩම් බෙදාදීම සදහා ඉඩම් හෙක්ටයාර 102 ක ප්‍රමාණයක් නිදහස් කිරිම සදහා ඇති ඉඩකඩ සොයාබලා වාර්තාවක් ඉදිරිපත්කරන ලෙස, එම කමිටුව විසින් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම්වරිවරියට උපදෙස් ලබා දි තිබුනේ මීට සතියකට, දෙකකට පමන පෙරය.
ඒ අනුව ඒ පිලිබදව සොයා බැලීමට,පසුගියදා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම්වරිය, බුත්තල ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුලුව,රාජ්‍ය ආයතන නිළධාරින් රැසක් එම රක්ෂිත ප්‍රදේශයේ, සංචාරයක නිරත වු අතර, එම ඉඩම්වල හිමිකම ඇති, වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුව මෙන්ම, මෙම ඉඩම් බෙදාදිම නිසා, වනජිවින්ට ඇතිවිය හැකි බලපෑම පිලිබදව සොයා බැලීමට වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, නිළධාරින් පිරිසක්ද එක්ව සිට ඇත.


(20) කතරගම රිය ගැටුමෙන් 15කට තුවාල
තිස්ස කතරගම මාර්ගයෙ 07 කණුව සුබොධාරාම විහාරස්ථානය අසලදී (25) වෙනිදා මොටර්රථයක් සහ කුඩා ලොරිරථයක් ගැටීමෙන් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.
තිස්ස සිට කතරගම ප්‍රදේශයට ගමන් කරමින් තිබූ මෝටර්රථයක් ඉදිරියෙන් පැමිණි කුඩා ලොරිරථයක බඳ ප්‍රදේශයේ ගැටී ඇත.
ලොරිරථයේ සිටි 10 දෙනෙකු සහ මෝටර්රථයේ 05 දෙනෙකු තුවාල ලබා දෙබරවැව මූලික රෝහලට ඇතුලත්කර ඇත.
ඔවුන්ගේ තත්වය බරපතළ නොවන බව රෝහල ආරංචි මාර්ග පවසයි.
මෝටර්රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රියධාවනය මෙම අනතුරට හේතුවී ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.තිස්සමහාරාම පොලීසිය පරීක්ෂණ පවත්වයි.


(21) පිං දෙිනියේ කසිප්පුවාට ලක්ෂ 04ක් දඩ ගසයි!
කසිප්පු පෙරීම, බොතල් 69 සන්තකයේ තබාගෙන සිටිම ඇතුළු චොදනා තුනකට වැරදිකරු වු පුද්ගලයෙකුට කෑගල්ල මහෙස්ත්‍රාත් සශිකා මිතුන ආරච්චිගේ මහත්මිය 25 වැනිදා රුපියල් තුන් ලක්ෂ හැත්තෑ පන් දහසක (3 75 000) දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළාය.
මෙලෙස දඩ මුදල් ගෙවීමට නියම වී ඇත්තෙ පිංදෙනිය පොලිස් වසමේ පරාවත්ත අංක 04 ලැයිමේ පදිංචිව සිටින 51 හැවිරිදි පුද්ගලයෙකුටය.
2017 වර්ෂයේ පිංදෙනියේ නිලධාරින් කණ්ඩායමක් විසින් පිංදෙනිය පොලිස් වසමේ පරාවත්ත ප්‍රදේශයේ කැලෑවක සගවා තිබුණු නීති විරෝධී මත්පැන් තොගයක් සමග සැකකරු අත් අඩංගුවට ගෙන තිබුණි. පසුව සැකකරුට එරෙහිව කසිප්පු පෙරීම, කසිප්පු බෝතල් 69 ක් සන්තකයේ තබා ගැනීම හා ගෝඩා බැරලයක් සන්තකයේ තබාගෙන සිටීම සම්බන්ධයෙන් සැකකරු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. පසුව සැකකරු අධිකරණයේ දී නිවැරදිකරු බව ප්‍රකාශ කිරීමෙන් පසුව නඩුව විභාග කිරීම ආරම්භ කෙරිණ.
වසර 7 ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පෙරේදා 25 වැනිදා විත්තිකරු වැරදිකරු කර කල අධිකරණය පෙර වැරදි 25 සමග චෝදනා තුනට රුපියල් තුන් ලක්ෂ හැත්තෑ පන් දහසක දඩ මුදලක් ගෙවන ලෙස නියොග කළාය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න