ලව් පොළොන්නරු අනුරාපුර පෙදෙස !
සිතව් සිහල ජාතියෙ පෙර පැවති යස !
නගව් තව තවත් එඩිතර තරුණ ගොස !
වරෙව් යමව් නැගිටිව් නොපියව් දෙ ඇස !
1948 පෙබරවාරි 04 යනු ජාතියම මුලාකර, නිදහස දුන්නා යැයි කියා කළු සුදු වහල් හිමියන් විසින් ජන පීඩක රාජ්‍ය ක්‍රමය ඇරඹූ දිනයයි…!
- පූර්ණ නිදහස අපට අහිමි වූ දිනය 1815 මාර්තු 02
- අවසන් වශයෙන් අපි පූර්ණ නිදහස භුක්ති විඳි දිනය 1815 මාර්තු 1 !
- අපි අපේ හැබෑ නිදහස් දිනය ලෙස මාර්තු 1 !
2025 මාර්තු 1 දින රුවන්වැලි මහා චෛත්‍ය රාජයාණන් අභියස උදෑසන 8 සිට ••• අපේ සැබෑ නිදහස් සටන ඇරඹීමේ කතිකාවතට රොද බැඳුමට, රටට, දැයට, දහමට හිතැති ඔබ සැමට කරන ගෞරවණීය විවෘත ආරාධනාවයි…!
卍⚔️☸️ සිව්හෙළ ජාතික සංසදය ☸️⚔️卍
1815 මාර්තු 02 කුප්‍රකට ගිවිසුමකින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ශ්‍රී ලංකාව අත්පත් කරගන්නා ලදී.කිසි දින ඔවුහු ගිවිසුමේ කොන්දේසි ආරක්ෂා කරනු නොලැබූහ. වසර 133ක්, 1948 පෙබරවාරි 04 දක්වා අඛණ්ඩව කඩ කරනු ලැබූ ගිවිසුමක් මගින් අපේ සිහෙලේ රාජ්‍යයේ වටිනාකම් භෞතිකව හා මානසිකව කඩා බිද දැමූහ.1948 ඔවුන් පිටව යද්දීත් මේ පින් බිම කඩා බිඳ වැටීම අඛණ්ඩව පවත්වා ගැනීමට කළු සුද්දන් හා ක්‍රම විධි නිර්මාණය කර පිටව ගියහ … මෙබව අවබෝධකොට ගෙන විවිධ ස්වරූප වලින් අබණ්ඩව අදටත් ක්‍රියාත්මක මේ කුමණ්ත්‍රන හඳුනාගෙන අපගේ සැබෑ නිදහස දිනා ගනිමු.
1815 මාර්තු 2 වන දින කන්ද උඩරට රාජධානිය ඉංග්‍රීසි ආධිපත්‍යයට යටත්වීමෙන් ලංකාවේ ස්වාධීනත්වය පිළිබඳ සලකුණ අතුරුදහන් වී ගියේය. සිංහල ජාතික ධජය වෙනුවට ඉංග්‍රීසි කතිර කොඩිය සෙංකඩගල නුවර මඟුල්මඩුවේ කොඩි ගහ මුදුනේ ලෙළ දුන්නේ විශේෂයෙන් සිංහල ජාතියේ අභිමානය නැතිකරමිනි. මෙවන් අවස්ථාවක සිංහලයන් විසින් ඉංග්‍රීසීන්ට පවරාදීමට කලින් ඉංග්‍රීසි කොඩිය ලෙළදීමේ නීති විරෝධීභාවයත්, ඉංග්‍රීසි පාලකයන්ගේ විෂමාචාරභාවයත් පෙන්වීමට පෙරමුණ ගත් ජාතික හැඟීමෙන් ඔද තෙදවත්වූ වාරියපොල ශ්‍රී සුමංගල මාහිමියන් ඉංග්‍රීසි කොඩිය ඉරා දමා සිංහල කොඩිය එසවීමෙන් සමස්ත මානව වර්ගයාටම ක්‍රියාවෙන් දුන් ආදර්ශය ඉතිහාසයේ නොමැකෙන සටහනක් වන්නේය.
අහිමිවූ ස්වාධීනත්වය බිඳුනු අභිමානය, විසිරී ගිය සමඟිය, ආගමික ශ්‍රද්ධා භක්තිය යළි ඇතිකර ගැනීමේ පරම අධිෂ්ඨානය පැවිදි උතුමන්ට මෙන්ම සිංහල ජන නායකයන්ටද ඇතිවූයේ වාරියපොල මාහිමියන්ගේ මග සළකුණු අනුවය. එමග සළකුණු ඔස්සේ වඩිමින් දැය අවදි කරනා පූජ්‍ය මැදිරිගිරියේ සිඛී ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනාවෙන් අපි යලි එක්වෙමු !
卍⚔️☸️ සිව්හෙළ ජාතික සංසදය ☸️⚔️卍
☎️ වැඩි විස්තර සඳහා,
🙏🏻පූජ්‍ය මැදිරිගිරියේ සිඛී හිමි : 0701432755
- සාගර කැටිපෙආරච්චි මහතා : 0715417817
- දුලාර ගුණතිලක මහතා : 0766483664
- ජාලිය කළුආරච්චි මහතා : 0777889978
[ https://wa.me/94777889978 ]
අමතන්න.
🙏🏻ඔබ සැමට ☸️තිසරණ සරණයි !
දෙව් රැකවරණයි !