මෙරට සුවහස් ප්රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමින් උඩරට වෙස් නැටුම් සම්ප්රදායෙන් කෙළ පැමිණි ප්රවීණයෙකු ලෙස ගෞරවාදරයට පාත්ර වූ නර්තනවේදී පීටර් සූරසේන මහතා දිව සැරයෙන් සමුගෙන තිබේ. ඊයේ (25) මිය යන විට 85 වන වියේ පසුවිය.සූරසේන මහතා පුතුන් තිදෙනකුගේ දියණියන් දෙදෙනකුගේ පියෙකි.සුමනාවතී උඩගෙදර බිරිදයි.කලා පරපුරවල් දෙකකින් පැවැත එන මේ දරුවන්ද කලාකාමීන්ය.හෙතෙම සමනල නැට්ටුවා (Butterfly dancer) ලෙස විරුදාවලිය ලබන්නේය. ඒ අන් කවරකුවත් නොව “පීටර් සූරසේන” නම් වූ අප අතරින් නික්ම ගිය නර්තනවේදියාය.ලංකාවේ කලා කෙත අස්වද්දන්නට නැටුමෙහි සූර සුරසේන නම් වු රසවිත වූ කලා කරුවාගේ වියෝව සත්තකින්ම රටට මහා පාඩුවකි.1940 ජනවාරි මස 13 වන දින මහනුවර හගුරන්කෙත අරුප්පල ගමෙහි උපන් ඒ මහතා මව්බිම නියෝජනය කරමින් රටවල් 80 තම නර්තන ප්රතිභාව දික් විජය කළේය.1958 වසරේ සිට අපේ කාලයේ මේ මහා කලා කරුවා දළඳා පෙරහරට දායකත්වය දැරු සුන්දර කලා කරුවෙකි.ගුරු තරුවකි.ඒ මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
නිමල් අල්ගෙවත්ත