රජයෙන් වී වලට සහතික මිලක් ලබා දුන්නද ගබඩා පහසුකම් නොමැතිව කතරගම ජනතාවගේ වී ලබා ගැනීමට නොහැකි බරපතල ගැටළුවකට මුහුණ දී ඇති බව මයිලගම ගොවි සංවිධානයේ ලේකම් කේ.ඩි විමලතිස්ස මහතා පැවසීය.
කතරගම ප්‍රදේශයේ සියලු ගොවි සංවිධාන නියෝජනය කරමින් ගොවි සංවිධානවල නිලධාරින් ඊයේ ( 25) මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙසේ අදහස් ප්‍රකාශ කළේය.
මයිලගම ගොවි සංවිධානයේ ලේකම් කේ.ඩි විමලතිස්ස මහතා මෙසේ ද කීය.
රජය ලබාදුන් වී මිල සම්බන්ධයෙන් සතුටු වන බවත් එය ඔවුන්ට ප්‍රමාණවත් වන බවත්, තවදුරටත් අපගේ වී ලබා ගැනීමේ ගබඩා පහසුකම් කතරගම ප්‍රදේශයේ පිහිටවන්නේ නම් වී ලබාදීම ගැන කිසිදු ගැටලුවක් නැ.
එසේම වී අස්වනු වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් මෙන්ම ඒ සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ගොවි සමිති වශයෙන් හෝ ලබා දෙන්නේනම් එය ඔවුන්ට මේ මිල තවත් පහළ නංවා ගැනීම සඳහා උපකාර වනවා.
අපේ මයිලගම ගොවි සංවිධානය ඇතුලු ගොවි සංවිධාන 20ක් පමණ තියනවා. අක්කර 2000 ක් පමණ මේවර වගා කර තියනවා. අපට වී ගබඩා පහසුකම් නෑ. අපට ගබඩාවක් දෙන්න. වී කිලෝවක් සකස් කරන්න වැය වන මුදල් රුපියල් 85ක් පමණ වෙනවා. ආණ්ඩුව වී කිලෝවක් රුපියල් 120 ට ගන්නවා. මේක හොඳයි. අපට මෙහි දී වී ලබා දන්න පහසුකම් ලබා දෙනන යැයි අප ඉල්ලා සිටිනවා.