මිලියන 535 ස්මාර්ට් යූත් වංචාව පිළිබඳව කෝප් කමිටුවේ දී අනාවරණය වූ අතර එය සම්බන්ධයෙන් මෙම පැමිනිල්ල සිදුකළ බව අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා පැවසී ය.ඊයේ (25) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිනිල්ල සිදු කිරීමෙන් පසුව මාධ්‍යවලට අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.2025/02/20 වන දින කෝප් කමිටුවේ දී හෙලිදරව් වූ පරිදි 2024 ජනවාරි සිට අගෝස්තු දක්වා කරන ලද වැඩසටහන් නවයක විතර (දළ වශයෙන්) පැවැත්වීම සඳහා මාස අටක කාලයක් සඳහා මිලියන 535 ක මුදලක් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හා හිටපු සභාපති පසිඳු ගුණරත්න වැය කර ඇති බව අනාවරණය වී තියනවා.ස්මාර්ට් යූත් අවුරුදු උත්සවය,තර්ටිෆස්ට් නයිට් යූත් සෙලිබ්‍රේසන් වැඩසටහන, ස්මාර්ට් යූත් සංගීත ප්‍රසංග,සිහිනය වැඩසටහන් කිහිපයක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ කැබිනට් මණ්ඩලය සාපරාධී සාවද්‍ය මුදල් පරිහරණය සිදුකර මහජන බදු මුදල් අවභාවිතාව සිදුකර ඇති බැවින් මේ සඳහා කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර අදාල දේශපාලන අධිකාරියට හා නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර එම මුදල් නැවත රජයට පවරා ගැනීම හා ඔවුන්ට දඬුවම් ලබාදෙන මෙන් අප සංවිධානය ඉල්ලා සිටින බව අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා පැවසීය.
කෝප් කමිටුවේ නිමල් අල්ගෙවත්ත