රටේ ජාතික ආරක්ෂාව  බරපතල අනතුරක ඇති නිසා මේ සම්බන්ධයෙන් ආණ්ඩුව වහාම කඩිනම් පියවර පියවර ගත යුතු බව ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර් ය තිස්ස විතාවරණ මහතා පැවසීය.
ලංකා ඉතිහාසයේ අධිකරණ පරිශ්‍රයක් තුළ මේ ආකාරයට ඝාතනයන් සිදුකරන්නට නිතීවේදීයෙකු ලෙස වෙස් ගත් පාතාල මැර පිරිස් පැමිණෙන්නට හැකි පරිසරයක් තිබිම ඉතා බරපතල තත්ත්වයක් බව ද ඒ මහතා කීය.
ඒ අනුව ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්ණයක් රට හමුවේ ඇති බව ද ඒ මහතා කීය.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ රජයෙන් ගත් අඳුරු ක්‍රමවේද  නිසා ලංකා ඉතිහාසයෙ සිදු වූ අවාසනාවන්ත තත්ත්වයන් සම්බන්ධයෙන් ජනතාවට භුක්ති විදින්නට වූ අමිහිරි අද්දැකීම් ප්‍රමානය සුළු කළ නොහැකි බව ද හෙතෙම කීය.
ඒ නිසා මිය ගිය හා දැනටද ඒ නිසා  අසරණ වු ජනතාව හා විපතට පත් පිරිස් අතවමත් කඳුළු සලමින් සිටින බව කවුරුන් ආණ්ඩු කළත් තරයේ මතක තබා ගතයුතු බව ද ඒ මහතා කීය.
මේ නිසා රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මේයට වඩා ජාතික ජන බලවේග ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු බව තම පක්ෂය විසින් පාලකයන්ට තරයේ මතක් කර සිටින බව තිස්ස විතාරණ මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ පසුගිය (21) වන දින කොළඹ ලංකා සමසමාජ පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දීය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න