ව්‍යවස්ථාව මෙන්ම අධිකරණය විසින් විවිධ නඩු තීන්දුවලින් වලින් ජනතා අයිතීන් ආරක්ෂා කළ ආකාරය අදාළ තොරතුරු ඉදිරි පත් කරමින් ඇය පාර්ලිමේන්තුවේ කළ කතාවට සවන් දූන් මා හට දැනුනේ ඉහ වහා ගිය සතුටකි

මා තිස් හත් වසරක් පාර්ලිමේන්තුවේ සේවය කළ අයෙකි. ඇය පාර්ලිමේන්තුවේ අද පැවැත්වූ කතාව ඉතාමත්ම අගනා එකක් බව මා මෙහි සටහන් කරන්නේ ඉමහත් සතුටිනි.

පාර්ලිමේන්තුව පිළිබඳ ජනතා ආකල්පය වෙනස් කිරීම මෙන්ම දශක කිහිපයක් තිස්සේ පාර්ලිමේන්තුව තෝරා පත් වූ අසමතුන් කළ හානියට තිත තැබීම සඳහා කාලය පැමිණ ඇත.

ඒ සඳහා අත්‍යවශ්‍ය වන්නේ කෞශල්‍යා වැනි නවකයන් වහ වහා පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ වටිනාකම ඉහල දැමීමට නම්, එකම පිළියම මෙවැනි සුපිරි ගණයේකතා පැවැත්වීමට මන්ත්‍රීවරු සමත් විය යුතුවේ.

ඇයට හදවතින්ම අප සුබ පැතීම අත්‍යවශ්‍ය වේ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න