අහරින් සුරක්ෂිත දැයක් උදෙසා නිදන ගොවිබිම් අවධි කරණ ජාතික මෙහෙයුම, එක මිටට – ගොවි බිමට ජාතික වැඩසටහනේ කලුතර දිස්ත්‍රික් සමාරම්භක උත්සවය අද (15) පෙරවරුවේ කලුතර නාගොඩ ගොවිජන සේවා බල ප්‍රදේශයේ අලුබෝගහලන්ද වසමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙම වැඩසටහන යටතේ වගාකර නොමැති කුඹුරු සහ ගොඩ ඉඩම් කාර්යක්ෂමව කඩිනමින් වගා කිරීමත්, දැනට වගා කටයුතු වල නිරත පිරිස් උදෙසා වැඩි දුර දැනුම සහ වගා කටයුතු සදහා අවශ්‍ය පොහොර ඇතුලු අනකුත් අත්‍යවශ්‍ය දේ සපයා දීමත් සිදු කිරීමට නියමිතය.

දේශීය කුසගිනි නිවාලන්නට හෙට දවසේ සරු ඵළ ලබන්නට තේමා කර ගත් කලුතර දිස්ත්‍රික් වැඩසටහන මෙලෙස  ආරම්භ වූ අතර ඒ යටතේ දැනට වගා කර නොමැති කුඹුරු  සහ ගොඩ බිම් හිමියන් දැනුවත් කිරීමත් අරඹයා  දැනුවත් කිරීමේ වැඩසටහන්ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඒමෙන්ම දැනට වගා කටයුතු වල නිරත ගොවියන්ගේ වගාවන් නිරීක්ෂණයට ද අමාත්‍යවරයා එක්විය. මෙම වැඩසටහන ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුව , කෘෂිකර්ම පශූ සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  එක්ව සංවිධානය කරනු ලැබීය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න