උපතේ සිට අවුරුදු 19 දක්වා වන ළදරුවන් ළමුන් හා යොවුන් වියේ දරුවන් අතර හට ගන්නා පිළිකා තත්ත්වයන් ළමා පිළිකා ලෙස හැඳින්වෙන අතර මෙවර ජ්‍යාත්‍යන්තර පිළිකා දිනය එළැඹෙන පෙබරවාරි 15 වන දින ලොව පුරා සමරන අතර උද්යෝගිමත්ව ක්‍රියාත්මක වෙමු යන්න එහි මෙවර තේමා පාඨය වන බවට අද 11 වන දින මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතික පිළිකා මර්දන වැඩ සටහනේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ලොව පුරා වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් ලක්ෂ 04 ක් පමණ හදුනා ගන්නා අතර වාර්ෂිකව එහි වැඩිවීමක් දක්නට ඇතිවා සේම ළමා පිළිකා සුව කර ගැනීමට ඇති හැකියාව වැඩි බවත් ලියුකේමියාව වසා ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා මොලයේ පිළිකා සහ අස්ථි පිළිකා ඒ අතර බහුලව දක්නට ඇති බවත් ළමා පිළිකාව පිළිබදව සමාජය දැනුවත් කිරීමට සහ පිළිකාවෙන් පීඩා විදින දරුවන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ ඔවුන්ට සෞඛ්‍ය හා සෞඛ්‍ය නොවන සේවා සපයන්නන් සඳහා සහයෝගය ප්‍රකාශ කිරීම අරමුණු කර ගනිමින් මෙවර ජ්‍යාත්‍යන්තර පිළිකා
දිනය සමරනු බවටද ප්‍රකාශ කරන ලදී.

තවද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සදහා ජාතික පිළිකා මර්දන වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහරගම ජාතික පිළිකා ආයතනයේ වසා පිළිකා විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෝමතිලක මහතා ජාතික පිළිකා ආයතනයේ ළමා පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර මහතා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාවේ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ. 2025.02.12. උද්යෝගිමත්ව ක්‍රියාත්මක වෙමු. ජ්‍යාත්‍යන්තර ළමා පිලිකා දිනය 15 දා. උපතේ සිට අවුරුදු 19 දක්වා වන ළදරුවන් ළමුන් හා යොවුන් වියේ දරුවන් අතර හට ගන්නා පිළිකා තත්ත්වයන් ළමා පිළිකා ලෙස හැඳින්වෙන අතර මෙවර ජ්‍යාත්‍යන්තර පිළිකා දිනය එළැඹෙන පෙබරවාරි 15 වන දින ලොව පුරා සමරන අතර උද්යෝගිමත්ව ක්‍රියාත්මක වෙමු යන්න එහි මෙවර තේමා පාඨය වන බවට අද 11 වන දින මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතික පිළිකා මර්දන වැඩ සටහනේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ලොව පුරා වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් ලක්ෂ 04 ක් පමණ හදුනා ගන්නා අතර වාර්ෂිකව එහි වැඩිවීමක් දක්නට ඇතිවා සේම ළමා පිළිකා සුව කර ගැනීමට ඇති හැකියාව වැඩි බවත් ලියුකේමියාව වසා ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා මොලයේ පිළිකා සහ අස්ථි පිළිකා ඒ අතර බහුලව දක්නට ඇති බවත් ළමා පිළිකාව පිළිබදව සමාජය දැනුවත් කිරීමට සහ පිළිකාවෙන් පීඩා විදින දරුවන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ ඔවුන්ට සෞඛ්‍ය හා සෞඛ්‍ය නොවන සේවා සපයන්නන් සඳහා සහයෝගය ප්‍රකාශ කිරීම අරමුණු කර ගනිමින් මෙවර ජ්‍යාත්‍යන්තර පිළිකා දිනය සමරනු බවටද ප්‍රකාශ කරන ලදී. තවද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සදහා ජාතික පිළිකා මර්දන වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහරගම ජාතික පිළිකා ආයතනයේ වසා පිළිකා විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෝමතිලක මහතා ජාතික පිළිකා ආයතනයේ ළමා පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර මහතා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාවේ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න