😌 Message එක දැක්කාමම, මේ මොකක්ද කියලා තේරුම් ගන්න තරම් Online Scam ගැන පරිණත නිසා හිනාත් ගියා. 😁
ඊට පස්සේ මම hi කියලා දාලා බලන්න ගියා. පසුගිය දවසුවල සිදුවූ කතාව මෙන්න:
🔍 Scam එකේ ආරම්භය
💬 Scammer: කොහොමද ඉතින්?
😊 මම: හොඳින් ඉන්නවා. ඔයාට කොහොමද?
👉 Scammer හොඳයි කියලා, හැබැයි දුකින් කියලා පිළිතුරු දෙයි.
🙄 මට අයියා වෙලා දුක අහන්න වෙලා! 😅
Scammer කියනවා:
- “මම ස්වීඩන් හරි නෙදර්ලන්තේ හරි තනියෙන් ඉන්නේ. හස්බන්ඩ් මැරිලා. දරුවෝ කසාද බැඳලා වෙන රටවල් වල.”
- “එනිසා මම තනියම ඉන්නේ. ඒ නිසා මට දුකයි!” 😢
🎁 තෑගි යවනවා කියන කොටස
දවස් කිහිපයකට පසු, Scammer කියනවා:
“මට ලංකාවට එන්න ආසයි! එන්න කලින් මට ඔයාට තෑගි ටිකක් එවන්න පුළුවන්!”
👉 අර “තෑගි” වලට iPhone, Laptop, Perfume, Watch වගේ දේවල් පින්තූර සහිතව එවනවා.
🎁 සමහරවිට ඩොලර් මිටියකුත් ඒ පෙට්ටියේ දාලා එවන්න පුළුවන් කියලාත් කියනවා!
(😆 මං දැන් ඇදිලා ඉවරයි!)
📦 පාර්සලේ පැමිණීම
Scammer මගේ ඇඩ්‍රස් එක ඉල්ලනවා.
- 🏠 “පෙට්ටියෙ මගේ ඇඩ්‍රස් එක ගහපු Photo කිහිපයක් මට එවනවා, විශ්වාසය වැඩි කර ගැනීමට!”
- 🏤 “අදම පාර්සලේ පෝස්ට් කරනවා! හැබැයි සාමාන්‍ය පෝස්ට් එකෙන් එවන්න බැහැ, ලංකාවේ AirPort එකේ කෙනෙක් ඔයාට ගෙදරටම එවයි!”
📞 කෝල් එක සහ Tax ගෙවීම
📲 දවස් 3කට පස්සේ Mobitel නම්බර් එකකින් කෙනෙක් කතා කරනවා:
“මම AirPort එකේ වැඩ කරනවා! ඔයාගේ පාර්සලේ release කරගන්න පොඩි tax එකක් ගෙවන්න ඕනේ!”
💰 Tax එක – Rs. 57,560 /= හෝ Rs. 97,550 /= වගේ ගානක්.
👉 බැංකු ගිණුම් අංකයක් එවලා එතනට මුදල් යවන්න කියනවා.
(😌 මට දැන් පාර්සලේ විතරයි වැදගත්… 😂)
⚠️ මුදල් යවපු පසු සිදුවීම්
📩 Scammer මට Message එකක් දානවා:
“ඔයාගේ පාර්සලේ ඇවිල්ලා නේද? මට delivery report එක ආවා!”
👉 “Release කරගන්න ඔයාම ගෙවලා, ඊට පස්සේ අර පෙට්ටියේ තියෙන ඩොලර් වලින් ගන්න!”
😆 (මං දැන් Dollar Mitiya හිතාගෙන 😍)
😱 මාරාන්තික අවසානය
💸 මම මුදල් යවපු 5මිනිට පස්සේ:
- 📵 Airport එකේ කතා කරපු Mobitel නම්බර් එක disconnect! 😨
- 🚨 බැංකුවට කෝල් කරන්න ගියාම: “මුදල් දාපු ගමන් ATM එකකින් අරගෙන ඉවරයි!”
- ❌ Scammer block කරලා!
👮♂️ Scammer කවුද?
🔍 Scammer ලා වයස්ක කෙනෙකුගේ බැංකු ගිණුමක් හදවාගෙන, ATM Card එක අරගෙන මෙහෙම අන්දනවා!
👉 “නයිජීරියන් Scammer” ලා ලංකාවේ සිටිමින් මෙවැනි Scam කරමින් සිටී!”
🚨 ඔබත් අහුවෙන්න එපා!
📢 දැනටමත් ලංකාවේ මසකට 1000-1500ක් පමණ මිනිස්සු මෙවැනි Scam වලට අහුවෙලා මිලියන ගණනක් නැති කරලා!”
❌ ඔබත් මෙවැනි Scam එකකට අහුවෙන්න එපා!
✔️ තවත් කෙනෙකු දැනුවත් කරන්න!
⚠️ මීළඟ ගොදුර ඔබේ පවුලේ කෙනෙක් විය හැක! ✌🏼