• අනු කමිටුවේ ප්‍රධානත්වය ගරු නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් මහතාට.
රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අවශ්‍ය වන ප්‍රතිපත්තිමය වෙනස්කම් හඳුනාගැනීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ සාමාජිකයින් 08 දෙනෙකුගෙන් සමන්විත විශේෂ අනු කාරක සභාවක් පත් කිරීමට කාරක සභාවේ සභාපති ගරු අමාත්‍ය (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා නිර්දේශ කළේය.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු අමාත්‍ය (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (05) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම අනු කාරක සභාව පත් කිරීම සිදු විය.
ගරු නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම අනු කාරක සභාව පත් කිරීම සිදු වූ අතර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි, අජන්ත ගම්මැද්දෙගේ, ධර්මප්‍රිය දිසානායක, දිනිඳු සමන්, (නීතීඥ) ගීතා හේරත්, ලාල් ප්‍රේමනාත් සහ මුහම්මද් ෆයිසාල් යන මහත්ම මහත්මීන් මෙම අනු කාරක සභාවේ අනෙකුත් සාමාජිකයින් ලෙස පත්කරන ලදි.
මෙම අනු කාරක සභාව මගින් රාජ්‍ය සේවයේ පත් කිරීම්, තරඟ විභාග පැවැත්වීම, විශ්‍රාම යෑම සහ පුරප්පාඩු ඇතුළු රාජ්‍ය සේවයේ අවශ්‍ය අංශ සම්බන්ධයෙන් සිදු කළ යුතු ප්‍රතිපත්තිමය වෙනස්කම් සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශනයන් සිදු කොට, හඳුනාගන්නා යෝජනා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ලබාදීමට නියමිතය.
මෙවැනි අනු කාරක සභාවක් පත් කිරීමේ අවශ්‍යතාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා විසින් යෝජනා කළ අතර ඒ අනුව ගරු සභාපතිතුමා විසින් මෙම පත් කිරීම සිදු කරන ලදි.
එසේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ පළාත් පාලන ආයතනවල පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා විය. මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ 2024 වර්ෂයේ පළාත් පාලන ආයතනවල 8,435 දෙනෙකුගේ සේවය ස්ථිර කළ බවයි. එසේම මේ වන විට සියලුම පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක් කරන බවත් ඒ අනුව ඊට අදාළ අවසන් වාර්තාව 2025 මාර්තු 31 දින ලැබීමට නියමිත බවයි. ඉන් පසු පත්කිරීම් සඳහා අවශ්‍යවන දත්ත කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු කරන බව එම නිලධාරීහු පැවසූහ. එසේම යම් යම් ව්‍යාපෘති සඳහා බඳවාගත් සේවකයින්ගේ සේවය ස්ථිර කිරීම සිදු නොකරන බවත් මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ.
තවද ග්‍රාම නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් වන තරඟ විභාගය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
මෙම කාරක සභාව සඳහා කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ රාජ්‍ය නිලධාරීහු සහභාගී වූහ.






