කොළොන්නාව ගංවතුර පාලනය සඳහා නිර්දේශ ලබාදීමට පත් කළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ ඇතුළත් කොළොන්නාව ගංවතුර පාලනය කිරීම සඳහා වූ නිර්දේශ සහ ඒ අනුව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡාවක් අද පැවැත් විය.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ පැවැති එම සාකච්ඡාවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි හා කොළොන්නාව සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහභාගී විය.

කොළොන්නාව වාර්තාවෙන් ලබා දී ඇති නිර්දේශ ක්‍රියත්මක කරමින්, ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිලධාරීන්ට දැනුම් දුන් අතර, මීලඟ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී එම ක්‍රියාමාර්ග ගැනීම සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබදව ඉදිරිපත් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරිය විසින් නිලධාරීන්ව දැනුවත් කළාය.

ජාතික නිදහස් දිනය හේතුවෙන් රජයේ නිවාඩු දිනයක් වුවත් අද (04දා) පැවති මෙම සාකච්ඡාව වෙනුවෙන් ඊට අදාළ ආයතනවල, වගකීම් දරන රාජ්‍ය නිලධාරීන් පැමිණ සිටිය හ. පැය 3කට අධික කාලයක් පැවති මෙම සාකච්ඡාවේ දී කොළොන්නාව ගංවතුර පාලනය සඳහා වන සැලසුම් , යෝජනා හා අදහස් ද ඉදිරිපත් විය.

එම සියලු අදහස් හා යෝජනා අතරින් සාධනීය යෝජනා ද එක් කරගනිමින් කොළොන්නාව ගංවතුර පාලනය කිරීම වෙනුවෙන් පියවර ගැනීම ප්‍රමුඛතාවය ලබාදිය යුතු කාර්‍යයක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙහි දී පැවසීය.

නිදහස් දිනය වෙනුවෙන් ලබාදී ඇති රජයේ නිවාඩු දිනය ද කැපකරමින් මෙම සාකච්ඡාව සඳහා පැමිණීම පිළිබදව අග්‍රාමාත්‍යවරිය පැමිණ සිටි රාජ්‍ය නිලධාරීන්ට සිය ස්තූතිය ද මෙහි දී පළ කළාය.

මෙම සාකච්ඡාවට දිස්ත්‍රික් ලේකම්වරයා, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් ඇතුළු ජල සම්පාදන මණ්ඩලය, ඉඩම් ඉඩම් ගොඩ කිරීමේ දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය, නාගරික සංවර්ධන අධිකාරිය යන ආයතනවල නිලධාරීන් සහ කොළොන්නාව, ගොතටුව පොලිස් ස්ථානාධිපතිවරුන් එක්ව සිටියහ.

මෙම ප්‍රවෘත්තිය ඔබ මාධ්‍ය මඟින් ප්‍රචාරය කර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබ ලබාදෙන සහයෝගය බෙහෙවින් අගය කරමු.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න