පහුගිය දවසක National STD/AIDS Control Programme ආයතනයට ගියා මම ඒ සඳහා වෛද්‍ය පරීක්ෂණ වලට.
කියන්න කණගාටුයි එහි කාර්ය මණ්ඩලයේ ඇතැමුන්ගේ හැසිරීම ඉතාම අශෝබනයි.
මගේ මල්ලිගෙ වයස 21. ඔහුගේ වයස පිළිබඳව විමසලා මේ වයසට මෙහෙම ලෙඩ හදාගන්න තරම් පුදුම කුළප්පුවක්නේ තියෙන්නේ යැයි කියා ඇමතීමේ සිටම අවශ්‍ය සාම්පල ලබාගන්න වෛද්‍යවරිය පැමිණි පසු අදාල කාරණාව පවසන තුරු මල්ලිට සහ මට ලැබුණේ ඉතා ඉහල නොමනා සංග්‍රහයක්.
මම ඒ පිළිබඳව මේ සමූහයේ සඳහන් කරන්න හිතුවත් දැඩි කළකිරීම නිසා ම ඒ බව සඳහන් කළේ නෑ
නමුත් මම කිසිම කෙනෙකුට නිර්දේශ කරන්නේ නෑ එම ආයතනය.
සඳහන් කළ නොහැකි මට්ටමේ යම් යම් දේවල් තියෙනවා එතන.
නමුත් මෙතැනට එන්නේ සාමාන්‍ය හැඟීම් දැනීම් තියෙන මිනිසෙක්. ඔහුට යම් වැරැද්දක් නිසා වෛරයසක් හෝ ආසාධනයක් වෙලා තියෙනවා.
ඔහු වෙනුවෙන් අපි පිහිට විය යුතුයි කියන තැන සිටිම නිළධාරින්ද නැතුවාම නොවේ.
නමුත් පැමිණෙන්නන් සඳහා බහුල ලෙස හමු වන්නේ අර වැනි පුද්ගලයන්
දැනට මා මාධ්‍ය නිළධාරියා ලෙස කටයුතු පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉදිරි ව්‍යාපෘතියක් සඳහා ද ශ්‍රි ලංකාවේ ලිංගාශ්‍රිත බෝවන රෝග පාලනය කරන්න වැඩ පිළිවෙළක් සකසන්න රාජ්‍ය සහ රාජ්‍ය නොවන ව්‍යාපෘතියක් ගොඩ නගන්න නියමිත ව තිබුණත් මෙවැනි නිළධාරින් සිටින විට අපට එවැන්නට යොමු වීම පිළිබඳව සිතා බලන්න වෙනවා.
ඒ වගේම මෙවැනි දේ සමාජයේ පිරිස් අතර නොයනවා නොවේ.
එනිසා විඳිමට සිදුවන අපහාස සහ අපහසුතා නිසා ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සඳහ යොමු වී ප්‍රතිකාර ලබා ගැනීමෙන් වැළකි සිටිය හැකියි.
එය ඉතාම අහිතකර තත්ත්වයක්.
වචනයෙන් කිව නොහැකි මට්ටමේ විශිෂ්ඨ සේවාවක් සපයන ආයතනයක සේවක විනය පිළිබඳව තරමක් තදින් සැලකිළිමත් වෙන්න පුළුවන් නම් බොහොම වටිනවා.
සමාවෙන්න කිසියම් හෝ අයෙකුට අපහසුතාවක් සිදු වුණ නම්…