#

නව තාක්ෂණය යොදාගැනීමට අවශ්‍ය තීරණ ඉකමන් කරයි

#

සේවජ ජනතා මිතුරු හැඩයකට

#

රස්තියාදුව අවම කරන්නට පියවර

#

ගරු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරහේන්පිට පිහිටි එහි ප්‍රධාන කාර්යාලය වෙත පසුගියදා නිරීක්ෂණක යෙදුණි. (2025.01.30) මහජනතාවට සපයන සේවාවන් තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා කළ යුතු කාර්යයන් පිළිබඳව මෙහිදී අමාත්‍යතුමාගේ විශේෂ අවධානයට යොමු වුණි.

එහිදී අමාත්‍යතුමන් වාහන වායු විමෝචන භාරකාර අරමුදලේ කාර්යභාරයන් පිළිබඳවද විශේෂ අවධානයකට යොමු කළ අතර මේ වන විට එහි ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිළිබඳව සෑහීමකට පත් විය. ප්‍රධාන නගරවල නවීන තාක්ෂණයෙන් යුතු මාර්ග සංඥා පුවරු ඉක්මනින්ම ඉදිකිරීමට හා එම පුවරුවලට අදාළ මාර්ගයේ වායු තත්ත්වයය පිළිබඳව දත්ත ලබා ගතහැකි නවීන යන්ත්‍ර ඇතුළත් කිරීමට අදාළව වැදගත් ව්‍යාපෘතියක් මෙම අරමුදල හරහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමටද සාකච්ඡා වුණි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අංක තහඩු නිකුත් කිරීමේ අංශය නිරීක්ෂණය කිරීමේදී කොළඹ දිස්ත්‍රික්කයට අදාළ සේවාලාභින් බොහෝ පිරිසක් තම නව අංක තහඩු නැවත රැගෙන ගොස් නොමැතිව එම ආයතනය තුළ ගොඩ ගැසී ඇති ආකාරය අමාත්‍යතුමන්ගේ නෙත ගැටුණි. අංක තහඩුව මුද්‍රණය වී අදාල අංශය වෙත ලැබුණු පසු සේවා ලාභියාට එය දැනගත හැකි වන පරිදි sms පණිවිඩයක් සේවාලාභියාගේ දුරකථනයට යොමු කිරීම සඳහා එහිදී සාකච්ඡා වුණි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිතව ඇති යතුරුපැදි , කාර්, බස්, ලොරි, වෙළඳ වාහන , ත්‍රීවීල්, විමර්ශන, කාර්මික , තොරතුරු තාක්ෂණ වැනි අංශ ද නිරීක්ෂණය කළ අමාත්‍යතුමන් එම අංශවලින් සපයන සේවාවන් පිළිබඳව සේවාලාභීන්ගේන්ද අදහස් විමසන ලදී. සේවාලාභීන්ගේ කාලය තවදුරටත් ඉතිරි කරදීම උදෙසා කළ හැකි කාර්යයන් පිළිබඳවද එහිදී විශේෂයෙන් සාකච්ඡා වුණි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලු අංශ නිරීක්ෂණය කළ අමාත්‍යතුමන් මහජනතාව වෙනුවෙන් උපරිම සේවයක් කිරීමට කැපවන ලෙස එහිදී
උප දෙස් දුනි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න