ශ්‍රීලංකාවේ පිළිකා ප්‍රතිකාර ක්ෂේත්‍රයේ අද සුවිශේෂී දිනයකි. නවීන විකිරණ ප්‍රතිකාර රෝගීන්ට ලබා දීම සඳහා මෙතෙක් කලක් නිහඬව ගත් දැවැන්ත උත්සහය මල් පල ගැන්වීම අද සිදුවිය.පිළිකා ප්‍රතිකාර ක්ෂේත්‍රයේ විශේෂඥ වෛද්‍යවරුන් ,එම සංගම්,ජාතික පිළිකා මර්දන වැඩසටහන,වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා ,සෞඛ්‍ය ලේකම්වරයා ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සියළු අභ්‍යන්තර හා බාහිර පාර්ශ්ව මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට අප්‍රමාණ වෙහෙසක් ගත් බව මහජනතාව වෙනුවෙන් ස්තූති පූර්වක ලෙස සිහිපත් කල යුතුය .මේ ක්‍රියාදාමයේදී සක්‍රීය වැඩ කොටසක් ඉටුකල ආසන්න කාල සීමාවේ හිටපු සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඉටුකල කාර්‍ය භාරයද අගය කල යුතුය .සැකෙවින් පවසන්නේ නම් මේ අතිශය මානූෂීය කාර්‍යයට අත හිත දුන් සැමට මහ ජනතාව වෙනුවෙන් තුති.හිතවතුනි, මෙය වාර්තා කල යුතුම ක්‍රියාවකි.Team Admin ASP