වෙනත් අයෙකු විසින් මෙම කතාවට බැසිල් රාජපක්ෂ නම් ලෝක ප්‍රකට සොර දෙටුවාගේ රූපයද ඇතුළත් කර ඉදිරිපත් කර ඇති ප්‍රවෘත්තියට ඒ තුළින් හාස්‍ය රසයක්ද ඇතුළ් කර තිබෙනවා. එහි වරදක් මා දකින්නේ නැහැ.
නමුත් “සංඝනායක”
වහන්සේගේ ප්‍රවෘත්තියේ අන්තර්ගතය වූයේ දන් දීමෙන් මතු භවයන් වලදී අසීමිතව පොහොසත් විය හැකි බවයි. දන් දීමේ ආනිසංසය නිසා මෙම ධනය ආරක්ෂා වන බවයි. එයට ගින්නෙන් හෝ සොර සතුරන්ගෙන්
හානි නොපැමිණෙන බවයි.
හිමි නමගේ කතාව ගැලපෙන්නේ පරිහානියට යමින් සිටින නූතන ධනේෂ්වර ලෝකයේ ඉන්ෂුවරන්ස්
සමාගමක වෙළඳ දැන්වීමකටයි.
මේ පිළිබඳව පෞද්ගලිකව කියැවීමක් මා හට ඇත.
එහෙත් ඉහත කී හිමි නමගේ ප්‍රකාශය තුළ දන් දීම පිළිබඳ බුදුන් වහන්සේ සැබැවින් අදහස් කළ දෙය නොව දන් දීම මතු භවයන්හිදී පොහොසත් වීම වෙනුවෙන් කරන දීර්ඝ කාලීන ආයෝජනයක් ලෙසයි ගම්‍ය වන්නේ.
බුදුන් වහන්සේ විසින් උගන්වන සසරින් එතෙර වීම පිළිබඳ විමුක්ති මාර්ගයට පාදක වන්නේ සියලු දේ අත්හැරීමයි.
මා විසින් කලකට ඉහතදී ලියන ලද ලිපියක සඳහන් කරන්නට යෙදුනා ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ජීවත් වූ එක් ශ්‍රී ලාංකික මහාචාර්ය භික්ෂුවක් පැවිදිවීම සඳහා කැමැත්ත පළ කළ කෝටිපති ඇමරිකානු ව්‍යාපාරිකයින්ගෙන් ඒ සඳහා පූර්ව කොන්දේසියක් ලෙස, මහණ වීමට කැමති මහත්වරුන්ගේ සියලුම දේපළ ශ්‍රී ලාංකික භික්ෂුවගේ නමට ලියන ලෙස ඉල්ලා සිටියා පමණක් නොව එම දේපළවල අලුත්ම හිමිකරුවා බවටත් පත්වුණා.
අටලෝ දහමට අනුව
එක පාර්ශවයක් මහා ධනස්කන්ධයක් සමග අපාගත වන්නට ඇති අතර සියලු සම්පත් අත්හැරි උපතින් ක්‍රිස්තියානි නමුත් බුදු දහම වැළඳ ගැනීමෙන්
විමුක්ති මාර්ගයට පිළිපන්න බවත් අපට සිතා ගත හැකියි.
සිවුරක් දරූ පමණින් පුද්ගලයෙක් බුද්ධ පුත්‍රයෙක් වන්නේ නැහැ. පෝසත් වීම සඳහා මහණ වූ ප්‍රථම පුද්ගලයා හෝ අවසාන පුද්ගලයාත් යුරෝපයේ පන්සලක සිට පොහොසත් වීම සඳහා දන් දෙන්න කියන “හිමි” නම පමණක් විය නොහැකියි.
එවන් අය දිනෙන් දෙන වැඩි වනවා කියන්නේ ශාසනයේ පිරිහීමක්. බුදු දහමට ඉන් හානියක් සිදු නොවුනත් බොදු බැතිමතුන්ගේ විශ්වාසයට ඉන් ඇතිවෙන හානිය අති මහත්.
-තෙවැනි ඇස-
15.01.2025