සමාජ
සම්මතවූවන්’යැයි, වුනුන් විසින්ම කියවගන්නා ලොකු ලොකු මිනිස්සු, ලොකු ලොකු හෝටල්වල බෝඩ්ලෑලි
වර්ණවත්ව එල්ලගෙන, අනවසර සහිත බලපත්‍ර පවා අටවගෙන , විචිත්‍ර ලෙස රාමුකර පාට පාට විදුලි පහන් දල්වාගෙන, කිසිඳු බාධාවකින් තොරව SPA SALOON පවත්වාගෙන යනවා …..
මට කිසිඳු SPA ආයතනයක් මිහිපිට නම් නැහැ .
ඒත් මම කියන්නේ අපේ වුවමනාව වූයේම, මෙම ජාත්‍යන්තරව පිලිගත් ව්‍යාපාරයක් නිසි ප්‍රමිතියෙන් යුතුව, සෞඛ්‍ය නීතී, යටතේ නියාමනයකට යටත්ව ලියාපදිංචි වී, NTQ පාථමාලා සහතික සහිතව කලයුතු ව්‍යාපාරයක් ගොඩනැගීය යුතුබවයි….
විශේෂයෙන්ම මේ සඳහා සංචාරක කෙෂ්ත්ර්ය වෙනුවෙන් නිසි යාන්ත්රණයකට රජය මැදිහත්විය යුතුබවයි. දැනට SPA SALOON 8000කට ආසන්නව දිවයින පුරා ව්‍යාපාර පවත්වාගෙන යනවා.විශාල සේවක සංක්‍යාවක්, පහසුකම් සපයන්නන්,යැපෙන්නන් සහිතව දසදහාස් ගනන් රැකියා ව්‍යාපෘතියක්. …
ඇත්තම කතාව බොහෝ තැන්වල සමාජ විරෝධී ක්‍රියාවන් සිදුකෙරෙනවා.මේවා වහා නැවැත්විය යුතු අතර නිසි ප්‍රමිතියෙන් පවත්වාගෙන යන ආයතන හා රැකියා ආරක්ෂා කලයුතුයි. දැනට බිහිවී ඇති අනාචාරය නවත්වා,නීතිගරුක ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි.
මම ඉතින් කරන්නේම අමාරු වැඩ.
එහේත් මේ වනවිට මා යෝජනා කල, අප සංගමය ස්ථීරකල යෝජනාවකට අනුව පලමුවෙනි කණ්ඩායම ලෙස කාන්තා,හා පිරිමි රැකියා ලාභීන් 50 ක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පුහුණුව නිමකොට NTQ ආධුනික පුහුණු සහතිකය සහිතව රැකියාවට යොමුකරමින් තිබෙනවා.ඒ උදවියට පිලිගත් සමාජ රක්ෂණ සහාතිකයක් සහිත හැඳුනුම්පතක්ද ලැබෙනවා.ඔහුන්ට ශ්‍රී ලංකාව තුල පමනක් නොව ජාත්‍යන්තරයට ගොස් හෝ රැකියාවක් කලහැකි සහාතිකයක් ලැබෙනවා ..
මම කරන්නේ සමාජ පිළීලයන් ඉවත් කිරීමේ පිංකමක්..
මොනවත් කවුරුවත් කීවට මොනව කරන්නද ? ස්ව්යං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනය පටන් ගන්න කොටත් මට පේමට් කාරයා කිවුවා… ඒක දීපව්‍යාප්තව එකගොඩට සංවිධානය වෙනවිට ස්ව්යං රැකියා ලාභියා වුනා. ලක්ෂ ගනන් රැකියා ඉන් ආරක්ෂාවී සියලු දෙනාට නැතත්, බොහෝ පිරිසකට විකල්ප ස්ථීර ස්ථාන පවා ලැබුනා.
BEAUTY SALOON සංගමය පටන් ගන්න කොටත් කීවා. වැරදි කෝනයකින් ඒ දිහා බලමින් දොස් පැවරීම් කලා මේ කෙෂ්ත්රයෙත් දසදහස් ගනන් රැකියා කරනවා.මම සහ සංගමය මැදිහත්වී සැලූන් සඳහා පාවිච්චි කරන සෞඛ්‍ය ප්‍රමිතියෙන් තොර සියලුම විශ ආලේප ඉවත් කරන්න නීති සැකසීමට යෝජනා හා අදහස් ප්‍රකාශ කිරීමට BEAUTY SALOON ASSOCIATION එකත් සමග ජනාධිපති කාර්යාලය හා සම්බන්ධවූවා.ඒ වගේම නීත්‍යානුකූල ආලේපන පාවිච්චි කරමින් රැකියාව කරන්න හුරුකරන්නත්, ඔහුන්ව ආරක්ෂා කරන්නත් මා යෝජනා කලා….
මේ වූ කලි, සමාජයේ පවතින තම තමන් ස්වෙච්ජාවෙන් සොයාගත් ස්ව්යං රැකියාවල් …..
රජයෙන් රැකියාවක් දෙනතෙක් බලන් නොසිට,අනුන්ගෙන් යැපීම් නොලබා,රජයන්ට බරක් නොවී ජීවනමාර්ග සොයාගැනීමක්. රාජ්‍ය කලයුත්තේ විරැකියාවට පිළිතුරක් ලෙස, මෙම ස්ව්‍යංව පවත්වාගෙන යන කුඩා, සුලු,හා මධ්‍යම ව්‍යාපාරවලට, යහපැවැත්ම, නීතිමය කරුණු හා සෞඛ්‍ය උපදෙස් ලබාදී නිසි බැංකු ක්‍රමයකට ඔහුන්ව යොමුකර මේ ව්‍යාපාර ආරක්ෂා කරදීමයි.
“අපි
මාලිමාවේ රජයටද මෙසේ යෝජනා කරන්නෙමු. සමාජයේ නොසලකා හරින ලද, සමාජ විරෝධී ලෙස හංවඩුගැසූ මේ දරිද්‍රතාවයන්ට ලක්වූ සමාජ පිරිස ආරකෂා කරදෙන ලෙසය….
මහා ධානපතියන්ද ,
හතර පෝයට සිල් ගෙන අනුන්ට වල කපන ධානපති,කුලවන්ත, උසස් යැයි සළකන ධන කුවේරී, බොරුවෙන්ම වැජඹෙන උපාසක උපාසිකාවන්ට එරෙහිව ඔබ රජය විසින් අදහස් දරණ මේ අවස්ථාවේ…. නැති-බැරි මිනිස් පවුර දෙපයින් නැගිසිටීමට ක්‍රියා නොකරයි නම් ආයෙත් කිසිකෙනෙක් ඒ වෙනුවෙන් ඉදිරිපත්වන්නේද නැත. ඒ කියන්නේ ඔබට නොහැකි නම් කලහකි සුදුස්සෙක් නොමැති බවයි. “
එසේ යෝජනා කරන අතරම මා කියා සිටින්නේ….
හුඟක් අය තෝරගන්නේ කැපී පෙනෙන ලේසි වැඩ.මම කරන්නේ සමාජ යහපත වෙනුවෙන්වූ මනුස්සකමේ වැඩ.ත්‍රීවිල් රැකියාවේ නියුත්වූවන්,අමතර කොටස් කරුවන්,සේවා සපයන්නන් ,(ගරාජ්,
සර්විස්) හා යැපෙන්නන් ලක්ෂ දහයජට අධිකයි. ඔහුන්ට ත්‍රීවීල් කාරයා,පේමන්ට් කාරයා කියා ආමන්ත්‍රණය කලාට, ඔහුන් සිය දරුපවුල රැක ගැනීම වෙනුවෙන් කරන, රැකියාවට අභිමානයක් නොලැබුනත්,එය ඔහුන්
ගෞරවණීය ලෙස කරන ස්ව්යං රැකියාවක්. …
නමුත් සමාජය පිලිගන්නේ නඩුකාරයා ආමිකාරයා, පොලිස්කාරයාවයි….
පේමට්කාරයා, ත්‍රීවිල් කාරයා නාට්ටාමියා,කරත්ත කාරයා,වේටර් කාරයා,ලොන්ඩ්රිකාරයාමාළුකාරයා, කොන්දොස්තරයා, බස්කාරයා කරන්නෙත් හොරකම් නෙවෙයි.
ඒත් අපේ වරිගේ වුන්ට කවුරුත් මහාත්තයා ,සර්, ගරු,අතිගරු කියන්නේ නැහැ. නමුත් සමාජ කතිකාව නම්…
ජනාධිපති උතුමාණො,, ගෞරවණීය ඇමතිතුමා,
ගරු මන්ත්‍රීතුමා,
නඩුකාර හාමුදුරුවෝ කියලයි කියන්නේ. ඒ මේ සමාජයේ පිළිගත් හැටි…..
හැම දෙයක්ම යථාර්ථයක් ලෙස දැකීමට නම් එහි ගැඹුරටම පිවිස,නිසි අධ්‍යනයකින් යුතුව,පරික්ෂාවට ලක් කර නිවැරදි කෝනයකින් බලන්න.
එවිට දැස් ඉදිරිපිටම ජීවන රඟමඩලෙහි යථාර්ථය දැක ගත හැකිවනු ඇත.
— මහින්ද කහඳගම —
(විශේෂයෙන්මමුහුණු පොතේ ( FB )එකේ මගේ ගිණුමේ චෝදනා නගපු වුන්ට) ************************ සමාජ සම්මතවූවන්’යැයි, වුනුන් විසින්ම කියවගන්නා ලොකු ලොකු මිනිස්සු, ලොකු ලොකු හෝටල්වල බෝඩ්ලෑලි වර්ණවත්ව එල්ලගෙන, අනවසර සහිත බලපත්‍ර පවා අටවගෙන , විචිත්‍ර ලෙස රාමුකර පාට පාට විදුලි පහන් දල්වාගෙන, කිසිඳු බාධාවකින් තොරව SPA SALOON පවත්වාගෙන යනවා ….. මට කිසිඳු SPA ආයතනයක් මිහිපිට නම් නැහැ . ඒත් මම කියන්නේ අපේ වුවමනාව වූයේම, මෙම ජාත්‍යන්තරව පිලිගත් ව්‍යාපාරයක් නිසි ප්‍රමිතියෙන් යුතුව, සෞඛ්‍ය නීතී, යටතේ නියාමනයකට යටත්ව ලියාපදිංචි වී, NTQ පාථමාලා සහතික සහිතව කලයුතු ව්‍යාපාරයක් ගොඩනැගීය යුතුබවයි…. විශේෂයෙන්ම මේ සඳහා සංචාරක කෙෂ්ත්ර්ය වෙනුවෙන් නිසි යාන්ත්රණයකට රජය මැදිහත්විය යුතුබවයි. දැනට SPA SALOON 8000කට ආසන්නව දිවයින පුරා ව්‍යාපාර පවත්වාගෙන යනවා.විශාල සේවක සංක්‍යාවක්, පහසුකම් සපයන්නන්,යැපෙන්නන් සහිතව දසදහාස් ගනන් රැකියා ව්‍යාපෘතියක්. … ඇත්තම කතාව බොහෝ තැන්වල සමාජ විරෝධී ක්‍රියාවන් සිදුකෙරෙනවා.මේවා වහා නැවැත්විය යුතු අතර නිසි ප්‍රමිතියෙන් පවත්වාගෙන යන ආයතන හා රැකියා ආරක්ෂා කලයුතුයි. දැනට බිහිවී ඇති අනාචාරය නවත්වා,නීතිගරුක ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි. මම ඉතින් කරන්නේම අමාරු වැඩ. එහේත් මේ වනවිට මා යෝජනා කල, අප සංගමය ස්ථීරකල යෝජනාවකට අනුව පලමුවෙනි කණ්ඩායම ලෙස කාන්තා,හා පිරිමි රැකියා ලාභීන් 50 ක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පුහුණුව නිමකොට NTQ ආධුනික පුහුණු සහතිකය සහිතව රැකියාවට යොමුකරමින් තිබෙනවා.ඒ උදවියට පිලිගත් සමාජ රක්ෂණ සහාතිකයක් සහිත හැඳුනුම්පතක්ද ලැබෙනවා.ඔහුන්ට ශ්‍රී ලංකාව තුල පමනක් නොව ජාත්‍යන්තරයට ගොස් හෝ රැකියාවක් කලහැකි සහාතිකයක් ලැබෙනවා .. මම කරන්නේ සමාජ පිළීලයන් ඉවත් කිරීමේ පිංකමක්.. මොනවත් කවුරුවත් කීවට මොනව කරන්නද ? ස්ව්යං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනය පටන් ගන්න කොටත් මට පේමට් කාරයා කිවුවා… ඒක දීපව්‍යාප්තව එකගොඩට සංවිධානය වෙනවිට ස්ව්යං රැකියා ලාභියා වුනා. ලක්ෂ ගනන් රැකියා ඉන් ආරක්ෂාවී සියලු දෙනාට නැතත්, බොහෝ පිරිසකට විකල්ප ස්ථීර ස්ථාන පවා ලැබුනා. BEAUTY SALOON සංගමය පටන් ගන්න කොටත් කීවා. වැරදි කෝනයකින් ඒ දිහා බලමින් දොස් පැවරීම් කලා මේ කෙෂ්ත්රයෙත් දසදහස් ගනන් රැකියා කරනවා.මම සහ සංගමය මැදිහත්වී සැලූන් සඳහා පාවිච්චි කරන සෞඛ්‍ය ප්‍රමිතියෙන් තොර සියලුම විශ ආලේප ඉවත් කරන්න නීති සැකසීමට යෝජනා හා අදහස් ප්‍රකාශ කිරීමට BEAUTY SALOON ASSOCIATION එකත් සමග ජනාධිපති කාර්යාලය හා සම්බන්ධවූවා.ඒ වගේම නීත්‍යානුකූල ආලේපන පාවිච්චි කරමින් රැකියාව කරන්න හුරුකරන්නත්, ඔහුන්ව ආරක්ෂා කරන්නත් මා යෝජනා කලා…. මේ වූ කලි, සමාජයේ පවතින තම තමන් ස්වෙච්ජාවෙන් සොයාගත් ස්ව්යං රැකියාවල් ….. රජයෙන් රැකියාවක් දෙනතෙක් බලන් නොසිට,අනුන්ගෙන් යැපීම් නොලබා,රජයන්ට බරක් නොවී ජීවනමාර්ග සොයාගැනීමක්. රාජ්‍ය කලයුත්තේ විරැකියාවට පිළිතුරක් ලෙස, මෙම ස්ව්‍යංව පවත්වාගෙන යන කුඩා, සුලු,හා මධ්‍යම ව්‍යාපාරවලට, යහපැවැත්ම, නීතිමය කරුණු හා සෞඛ්‍ය උපදෙස් ලබාදී නිසි බැංකු ක්‍රමයකට ඔහුන්ව යොමුකර මේ ව්‍යාපාර ආරක්ෂා කරදීමයි. “අපි මාලිමාවේ රජයටද මෙසේ යෝජනා කරන්නෙමු. සමාජයේ නොසලකා හරින ලද, සමාජ විරෝධී ලෙස හංවඩුගැසූ මේ දරිද්‍රතාවයන්ට ලක්වූ සමාජ පිරිස ආරකෂා කරදෙන ලෙසය…. මහා ධානපතියන්ද , හතර පෝයට සිල් ගෙන අනුන්ට වල කපන ධානපති,කුලවන්ත, උසස් යැයි සළකන ධන කුවේරී, බොරුවෙන්ම වැජඹෙන උපාසක උපාසිකාවන්ට එරෙහිව ඔබ රජය විසින් අදහස් දරණ මේ අවස්ථාවේ…. නැති-බැරි මිනිස් පවුර දෙපයින් නැගිසිටීමට ක්‍රියා නොකරයි නම් ආයෙත් කිසිකෙනෙක් ඒ වෙනුවෙන් ඉදිරිපත්වන්නේද නැත. ඒ කියන්නේ ඔබට නොහැකි නම් කලහකි සුදුස්සෙක් නොමැති බවයි. ” එසේ යෝජනා කරන අතරම මා කියා සිටින්නේ…. හුඟක් අය තෝරගන්නේ කැපී පෙනෙන ලේසි වැඩ.මම කරන්නේ සමාජ යහපත වෙනුවෙන්වූ මනුස්සකමේ වැඩ.ත්‍රීවිල් රැකියාවේ නියුත්වූවන්,අමතර කොටස් කරුවන්,සේවා සපයන්නන් ,(ගරාජ්, සර්විස්) හා යැපෙන්නන් ලක්ෂ දහයජට අධිකයි. ඔහුන්ට ත්‍රීවීල් කාරයා,පේමන්ට් කාරයා කියා ආමන්ත්‍රණය කලාට, ඔහුන් සිය දරුපවුල රැක ගැනීම වෙනුවෙන් කරන, රැකියාවට අභිමානයක් නොලැබුනත්,එය ඔහුන් ගෞරවණීය ලෙස කරන ස්ව්යං රැකියාවක්. … නමුත් සමාජය පිලිගන්නේ නඩුකාරයා ආමිකාරයා, පොලිස්කාරයාවයි…. පේමට්කාරයා, ත්‍රීවිල් කාරයා නාට්ටාමියා,කරත්ත කාරයා,වේටර් කාරයා,ලොන්ඩ්රිකාරයාමාළුකාරයා, කොන්දොස්තරයා, බස්කාරයා කරන්නෙත් හොරකම් නෙවෙයි. ඒත් අපේ වරිගේ වුන්ට කවුරුත් මහාත්තයා ,සර්, ගරු,අතිගරු කියන්නේ නැහැ. නමුත් සමාජ කතිකාව නම්… ජනාධිපති උතුමාණො,, ගෞරවණීය ඇමතිතුමා, ගරු මන්ත්‍රීතුමා, නඩුකාර හාමුදුරුවෝ කියලයි කියන්නේ. ඒ මේ සමාජයේ පිළිගත් හැටි….. හැම දෙයක්ම යථාර්ථයක් ලෙස දැකීමට නම් එහි ගැඹුරටම පිවිස,නිසි අධ්‍යනයකින් යුතුව,පරික්ෂාවට ලක් කර නිවැරදි කෝනයකින් බලන්න. එවිට දැස් ඉදිරිපිටම ජීවන රඟමඩලෙහි යථාර්ථය දැක ගත හැකිවනු ඇත. — මහින්ද කහඳගම —