මේ වෙලාවේ ඔවුන්ව මානසික වශයෙන් වට්ටන්න එපා කියලා ඇමතිතුමා කාරුණික ඉල්ලීමක් කරනවා.

කවුද මේ ඉල්ලීම කරන්නේ? කාගෙන්ද මේ ඉල්ලීම කරන්නේ?

මැතිවරණ සමයේදී රට දෙවනත් කරමින් කීවේ අතරමං වුණු ජනතාවකට මාලිමාවේ පිහිටෙන්
පාර සොයාදෙනවා. කියා.
වෙනස නම්, සැබෑ මාලිමාවක් සහ ඡන්ද ලකුණක් අතර ඇති වෙනසයි.

සැබෑ මාළිමාවකට පාර පෙන්වන්න පුළුවන්. ඒත් මාලිමාවේ පින්තූරයකට ඒ හපන්කම කරන්න බැහැ.

ඔවුන් දිනක අසරණ වෙන බව අප කල් තියාම දැනුම් දුන්නා.
එය අංජනම් එළි බලල නොවෙයි කරුණු කාරණා අධ්‍යානය කරළ.

වංචාව බොරුව දූෂණය පිටු දකිනවා කීවට බලයට පත් වූ පසු, බොරු කිව් කීපදෙනෙක්ම අතටම හසුවුණා.

මාළිමාවක් බොරුකරන්නේ නැහැ. උතුර තියෙන්නේ කොහේද කියා නිවැරදිවම පෙන්වා දෙනවා. මාළිමාවක් අතේ තියාගෙන පාර අසන අයත් ලංකාවේ ඉන්නවද කියන පැනය අපේ සිත් වලට ඇතුල්වීම නොවැළැක්විය හැකියි.

අපේ පැරැන්නන් පාර සොයාගත්තේ මාළිමාවල් අතේ තබාගෙන නොවෙයි

ගහකොළ පර්වත රාත්‍රී කාලයේ නම් තාරකා වැනි පරිසරයේ ස්වභාවික ලක්ෂණ නිරීක්ෂණය කරමින් මග සොයාගත්තා.

ඇමතිතුමා කතා කරන්නේ මාළිමාවේ හුළංබැස්ස ආකාරයකටයි. තමන්ගේ අඩුපාඩුකම් නිසා තමන් අසරණ වෙනවා මිස, ජනතාව ඔවුන්ව වට්න්න උත්සාහ කරනවා කියන එක ප්‍රශ්නවලින් පළා යාම සඳහා යොදා ගන්නා මානසික උපක්‍රමයක්.

ජනතාවකට ආණ්ඩුවක් ශක්තිමත් කරන්න බැහැ. ජනතාව සතු ශක්තිය වූයේ පරමාධිපත්‍යයයි. එහි උපරිම ඵලය ජනතාව නොමසුරුව මොවුන්ට ලබා දුන්නා. දැන් තියෙන්නෙ පොරොන්දු ප්‍රකාර වැඩ පෙන්වන එකයි.
මෙහෙම ගියොත් වසර 5ක් යන්නත් කළින් මොවුන් කියාවි ජනතාව පාර වැරැද්දූ නිසා කරන්න බලාපොරොත්තු වුණු වැඩ කොටස ඉටු කරගන්න බැරි වුණා කියා.

ඉතිහාසය තුළ බලගතු පාලකයින් පවා බලයෙන් පහ වුනේ සත්‍යයට පිටුපා යෑම නිසයි.

මිනිසා නොහොත් “දේශපාලන සත්වයා” කිසිදාක ඉගෙන ගන්නේ නැති පාඩමත් එයමයි.

පාලකයෙක් අසරණ වන්නේ එක මොහොතකයි. එහෙත් පාලකයින් අවංක නැති හැම යුගයකදීම අසරණ වුණේ පාලිතයින්.
මෙය ඓතිහාසික සත්‍යයක්!

-තෙවැනි ඇස-
16.01.2025

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න