අහල තියෙනවද හුස්ම ගන්න ගෙවල් ගැන?

ඈත තියාම අඳුන ගන්න පුලුවන් හුස්ම ගන්න ගෙවල්.
මිදුලෙ මල් පැල කීපයක්, මල් නැතත් හවස් වෙද්දි අවුව සැර දරාගන්න බැරිව කොල අකුලන් ඉන්න පැල කීපයක්. ගස් අස්සෙන් හදිස්සියෙන් එහෙට මෙහෙට දුවන ලේනෙක් දෙන්නෙක් ඉන්නව නම් ඒ ගෙදර හුස්ම වැටෙන බව ඒ ලේනු පවා දන්නවා..
හුළඟට අහුවෙලා බිමට වැටුන ගහක කොල කීපයකින් මිදුලෙ රටා වැටිල නම් එලියෙ ඉඳන් බැලුව ගමන් දැනෙනවා ඒ ගෙදර හුස්ම ගන්න බව.
දොරකඩ අයිනෙ කලබලෙන් ගලවල ගියපු සෙරෙප්පු, පාපිස්ස ඇදවෙලා තියෙනව කියන්නෙම ඉතින් හුස්ම ගන්න ගෙයක් තමයි.
සාලෙ පුටුවක් උඩ වරුගානක් තිස්සෙ ලැගගෙන ඉන්න කීප වතාවක් දෙකට නමපු පත්තරේ උනත් දන්නවා මේ ගේ හුස්ම ගන්න බව.
මේසයක් බංකුවක් කනප්පුවක් උඩ කෝප්පයක් වීදුරුවක් නැත්නම් අඩුම තරමෙ කෝප්පයක් තිබුන බවට පැල්ලමක් හරි නැතිවෙන්න විදියක් නෑ.
පුටුවක් පිටිපස්සෙ බිත්තියේ පැල්ලමක් ඇති දවස ගානෙ ඔලුව හේත්තු වෙච්චි. ලයිට් ස්විච් වටේ පැල්ලම් ඇති දවසින් දවස නොදැනිම ඇඟිලි වලින් එකතු වෙච්චි.
කාමර වල මේස උඩ පොතක් පෑනක්, පුටුවක් උඩ ඇඳුමක් දෙකක්, ඇඳ යට දූවිලි අස්සෙ කවදා හෝ දවසක විසි වෙලා ගිහින් හැංගුන කොන්ඩ කටුවකුත් ඇති.
කණ්ණාඩිය ලඟ බිම වැටිල හුලඟට එහෙට මෙහෙට වෙන කෙස් ගස් කීපයක් නම් අනිවාර්යයෙන් ම ඇති. තවත් එක කෙස් ගහක් හරි පනාවෙ දැවටි දැවටි ඇති.
කබඩ් ඇතුලෙ ඇති අවුරුදු ගානකින් අතට අහු නොවුන ඇඳුම් එහෙමත්. පොත් රාක්කෙ පිරිල තියෙන පොත් වලින් බාගෙට බාගයක් කියවලත් නැතුව ඇති, තවත් පොත් කීපයක් ඇති පිටු කීපයක් කියවල පස්සෙ කියවන්නම් කියල හිතල ආයෙත් රාක්කෙ කොහේ හරි තැනක තියපු.
ෆ්‍රිජ් එකේ නම් බාගෙට කාපු මොනවම හරි දෙයක් තියෙන්නම ඕනෙ.
පරණ කබඩ් එකක් ඇතුලෙ අවුරුදු ගානකින් එලියට ගත්තෙ නැති ඇල්බම්, පරණ සහතික, එක එක ලියුම්, බිල් ඔය වගේ මහා ලට්ට ලොට්ට පිරිච්ච රාක්ක නැත්නම් ඒ ගෙදර හුස්ම ගන්නවද සැකයි.

අපි ජීවත් වෙන ගෙවල් මැගසින් වල තියෙන ටීවී එකේ පේන සර්ව සම්පූර්ණ ගෙවල් වගේ නොවන සුවඳ දැනෙන, උනුහුම දැනෙන ගෙවල්. අපේ ගෙවල් අසම්පූර්ණ දේවල් වලින් පිරිලා. හැම කාමරේම මොකක්ම හරි අඩුවක් තියෙනවා. පොඩ්ඩක් හරි කිලිටි වෙලා තියෙනවා. මොකද අපේ ගෙවල් හුස්ම ගන්නවා.

ඔයාලගෙ ගෙවල් නුත් හුස්ම ගන්නව දැනෙනවද?
Follow our page “ඒ කාලෙනේ ඉන්න තිබුනේ” in Facebook for more stories like this

homesweethome

WWW2හුස්ම ගන්න ගෙවල් අහල තියෙනවද හුස්ම ගන්න ගෙවල් ගැන? ඈත තියාම අඳුන ගන්න පුලුවන් හුස්ම ගන්න ගෙවල්. මිදුලෙ මල් පැල කීපයක්, මල් නැතත් හවස් වෙද්දි අවුව සැර දරාගන්න බැරිව කොල අකුලන් ඉන්න පැල කීපයක්. ගස් අස්සෙන් හදිස්සියෙන් එහෙට මෙහෙට දුවන ලේනෙක් දෙන්නෙක් ඉන්නව නම් ඒ ගෙදර හුස්ම වැටෙන බව ඒ ලේනු පවා දන්නවා.. හුළඟට අහුවෙලා බිමට වැටුන ගහක කොල කීපයකින් මිදුලෙ රටා වැටිල නම් එලියෙ ඉඳන් බැලුව ගමන් දැනෙනවා ඒ ගෙදර හුස්ම ගන්න බව. දොරකඩ අයිනෙ කලබලෙන් ගලවල ගියපු සෙරෙප්පු, පාපිස්ස ඇදවෙලා තියෙනව කියන්නෙම ඉතින් හුස්ම ගන්න ගෙයක් තමයි. සාලෙ පුටුවක් උඩ වරුගානක් තිස්සෙ ලැගගෙන ඉන්න කීප වතාවක් දෙකට නමපු පත්තරේ උනත් දන්නවා මේ ගේ හුස්ම ගන්න බව. මේසයක් බංකුවක් කනප්පුවක් උඩ කෝප්පයක් වීදුරුවක් නැත්නම් අඩුම තරමෙ කෝප්පයක් තිබුන බවට පැල්ලමක් හරි නැතිවෙන්න විදියක් නෑ. පුටුවක් පිටිපස්සෙ බිත්තියේ පැල්ලමක් ඇති දවස ගානෙ ඔලුව හේත්තු වෙච්චි. ලයිට් ස්විච් වටේ පැල්ලම් ඇති දවසින් දවස නොදැනිම ඇඟිලි වලින් එකතු වෙච්චි. කාමර වල මේස උඩ පොතක් පෑනක්, පුටුවක් උඩ ඇඳුමක් දෙකක්, ඇඳ යට දූවිලි අස්සෙ කවදා හෝ දවසක විසි වෙලා ගිහින් හැංගුන කොන්ඩ කටුවකුත් ඇති. කණ්ණාඩිය ලඟ බිම වැටිල හුලඟට එහෙට මෙහෙට වෙන කෙස් ගස් කීපයක් නම් අනිවාර්යයෙන් ම ඇති. තවත් එක කෙස් ගහක් හරි පනාවෙ දැවටි දැවටි ඇති. කබඩ් ඇතුලෙ ඇති අවුරුදු ගානකින් අතට අහු නොවුන ඇඳුම් එහෙමත්. පොත් රාක්කෙ පිරිල තියෙන පොත් වලින් බාගෙට බාගයක් කියවලත් නැතුව ඇති, තවත් පොත් කීපයක් ඇති පිටු කීපයක් කියවල පස්සෙ කියවන්නම් කියල හිතල ආයෙත් රාක්කෙ කොහේ හරි තැනක තියපු. ෆ්‍රිජ් එකේ නම් බාගෙට කාපු මොනවම හරි දෙයක් තියෙන්නම ඕනෙ. පරණ කබඩ් එකක් ඇතුලෙ අවුරුදු ගානකින් එලියට ගත්තෙ නැති ඇල්බම්, පරණ සහතික, එක එක ලියුම්, බිල් ඔය වගේ මහා ලට්ට ලොට්ට පිරිච්ච රාක්ක නැත්නම් ඒ ගෙදර හුස්ම ගන්නවද සැකයි. අපි ජීවත් වෙන ගෙවල් මැගසින් වල තියෙන ටීවී එකේ පේන සර්ව සම්පූර්ණ ගෙවල් වගේ නොවන සුවඳ දැනෙන, උනුහුම දැනෙන ගෙවල්. අපේ ගෙවල් අසම්පූර්ණ දේවල් වලින් පිරිලා. හැම කාමරේම මොකක්ම හරි අඩුවක් තියෙනවා. පොඩ්ඩක් හරි කිලිටි වෙලා තියෙනවා. මොකද අපේ ගෙවල් හුස්ම ගන්නවා. ඔයාලගෙ ගෙවල් නුත් හුස්ම ගන්නව දැනෙනවද?

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න