සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය හා සෞඛ්‍ය බලධාරීන් අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පසුගිය ජනවාරි දහවෙනිදා (02/10) පැවැත්වින.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල නිලධාරීහු කිහිපදෙනෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් ඊට එක්ව සිටියහ.
සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපති අනුරසිරි විජේමුණි මහතා ඇතුළු එම සංගමයේ නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නියෝජනය කරමින් එම අවස්ථාවට එක්ව සිටියහ.

අන්තර්ජාතික ලෙස ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වඩාත් පිළිගැනීමට ලක්වන ඉහල අධ්‍යාපන සුදුසුකම් ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් මෙන්ම ඊට සුවිශේෂී වූ ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් පෙන්වා දෙන ලදී. එම සියළු කටයුතු වෙනුවෙන් තමාගේත්,අමාත්‍යාංශයේත් අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුර වරින් වර පුරප්පාඩුව පැවතීම හා ඒ තනතුර වෙනුවට කඩිනමින් අධ්‍යක්ෂ තනතුරක් ඇති කිරීමේ හැකියාව පිළිබඳවද කරුණු සාකච්ජා විය.
පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් බඳවා ගැනීම හා ඔවුන්ගේ පුහුණුව සම්බන්ධයෙන් ඉදිරි කටයුතු නොපමාව ඉටු කිරීමේ එකඟතාවකට පැමිණීමට මේ හමුවේදී හැකිවිය.එසේම.මහජන සෞඛ්‍ය පරීක්ෂක පළමු ‍ශ්‍රේණියට අදාල ගැටළුද සාකච්ජා කෙරිනි

ජනගහණයට සමානුපාතික ලෙස නිසි පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පත් කිරීමත් දීර්ඝ සාකච්ජාවකට ලක්වූ කරුණක් විය.
පරිපාලන සේවයට යලි දොර හැරෙන විශේෂ නිල මැදිහත් වීමක්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් වෙනුවෙන් ඉටු කිරීමට අමාත්‍යවරයා එකඟ විය.
මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ට බලපාන තවත් ගැටළු රාශියක් මෙහිදී සාකච්ජාවට බඳුන් වූ අතර අවශ්‍ය ඕනෑම මොහොතක අවශ්‍ය නිල.මැදිහත්වීම් සිදු කිරීමට තමන් සූදානම් බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Clean Sri Lanka වැඩසටහන හා සබැඳි ආහාර සෞඛ්‍ය කටයුතු මෙන්ම පෝෂණ ව්‍යාපෘතියට මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සේවාව හා අඛණ්ඩ සහාය තමන් හා අමාත්‍යාංශය බලාපොරොත්තු වන බව මතක් කරමින් රට වෙනුවෙන් කරන කාර්‍යයන්හිදී මැදිහත්වීමට තම සහාය අවශ්‍ය වන ඕනෑම මොහොතක දෙවරක් නොසිතා තමා අමතන මෙන්ද අමාත්‍යවරයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඇරයුම් කලේය .

සටහන : ජනක සුනෙත් බණ්ඩාර
(තොරතුරු සටහන් ඇසුරින්)

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවාවේ නව දිශානතියක් සනිටුහන් කරමින් රට වෙනුවෙන් වඩාත් සාධනීය ලෙස මැදිහත්වීම් සිදු කිරීමේ සාකච්ජා සාර්ථකයි… සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කියයි සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය හා සෞඛ්‍ය බලධාරීන් අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පසුගිය ජනවාරි දහවෙනිදා (02/10) පැවැත්වින. සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල නිලධාරීහු කිහිපදෙනෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් ඊට එක්ව සිටියහ. සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපති අනුරසිරි විජේමුණි මහතා ඇතුළු එම සංගමයේ නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නියෝජනය කරමින් එම අවස්ථාවට එක්ව සිටියහ. අන්තර්ජාතික ලෙස ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වඩාත් පිළිගැනීමට ලක්වන ඉහල අධ්‍යාපන සුදුසුකම් ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් මෙන්ම ඊට සුවිශේෂී වූ ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් පෙන්වා දෙන ලදී. එම සියළු කටයුතු වෙනුවෙන් තමාගේත්,අමාත්‍යාංශයේත් අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය. ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුර වරින් වර පුරප්පාඩුව පැවතීම හා ඒ තනතුර වෙනුවට කඩිනමින් අධ්‍යක්ෂ තනතුරක් ඇති කිරීමේ හැකියාව පිළිබඳවද කරුණු සාකච්ජා විය. පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් බඳවා ගැනීම හා ඔවුන්ගේ පුහුණුව සම්බන්ධයෙන් ඉදිරි කටයුතු නොපමාව ඉටු කිරීමේ එකඟතාවකට පැමිණීමට මේ හමුවේදී හැකිවිය.එසේම.මහජන සෞඛ්‍ය පරීක්ෂක පළමු ‍ශ්‍රේණියට අදාල ගැටළුද සාකච්ජා කෙරිනි ජනගහණයට සමානුපාතික ලෙස නිසි පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පත් කිරීමත් දීර්ඝ සාකච්ජාවකට ලක්වූ කරුණක් විය. පරිපාලන සේවයට යලි දොර හැරෙන විශේෂ නිල මැදිහත් වීමක්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් වෙනුවෙන් ඉටු කිරීමට අමාත්‍යවරයා එකඟ විය. මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ට බලපාන තවත් ගැටළු රාශියක් මෙහිදී සාකච්ජාවට බඳුන් වූ අතර අවශ්‍ය ඕනෑම මොහොතක අවශ්‍ය නිල.මැදිහත්වීම් සිදු කිරීමට තමන් සූදානම් බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. Clean Sri Lanka වැඩසටහන හා සබැඳි ආහාර සෞඛ්‍ය කටයුතු මෙන්ම පෝෂණ ව්‍යාපෘතියට මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සේවාව හා අඛණ්ඩ සහාය තමන් හා අමාත්‍යාංශය බලාපොරොත්තු වන බව මතක් කරමින් රට වෙනුවෙන් කරන කාර්‍යයන්හිදී මැදිහත්වීමට තම සහාය අවශ්‍ය වන ඕනෑම මොහොතක දෙවරක් නොසිතා තමා අමතන මෙන්ද අමාත්‍යවරයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඇරයුම් කලේය . සටහන : ජනක සුනෙත් බණ්ඩාර (තොරතුරු සටහන් ඇසුරින්)

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න