එම නිසා 2025 ජනවාරි මාසයේ සිදුවූ සුරාබදු වැඩිවීමද රටට වාසිදායක තත්ත්වයකි.පසුගිය වසරේදී සිදු වූ 20% කින් සුරාබදු වැඩි වීම තුළින් මද්‍යසාර පරිභෝජනය ලීටර් මිලියන 8.3කින් (ශුද්ධ මද්‍යසාර) අඩු වී රජයේ මද්‍යසාර සුරා බදු ආදායම රුපියල් බිලියන 11.6 කින් වැඩි විය.එමෙන්ම සිගරට් වලින් රජය ලබා ගන්නා සුරා බදු ආදායම රුපියල් බිලියන 7.7 කින් වැඩි වී සිගරටි අලෙවිය රුපියල් මිලියන 521.5 කින් අඩු විය.මෙය සෑම අතින්ම ජයග්‍රහණයකි. එමගින් රාජ්‍ය සුරාබදු ආදායම වැඩි වෙන අතර භාවිතයද අඩුවේ. එමගින් සෞඛ්‍ය, ආර්ථික හා සමාජීය ගැටලු ගණනාවකට ධනාත්මකව බලපෑමක් ඇති වේ.එම නිසා සුරා බදු වැඩි කිරීම රටට සෑම අතින්ම වාසි සහගත තත්ත්වයකි.නමුත් සුරා බදු වැඩි කිරීමේදී එය විද්‍යාත්මක බදු ක්‍රමවේදයක් තුළින් සිදුවිය යුතුය. 2009 වන තුරු සුරාබදු අයකිරීමේදී සම්පූර්ණ වාසිය හෝ ඉතාම වැඩි වාසියක් ලබා ගත්තේ රජයයි. උදාහරණයකින් පැහැදිලි කරහොත් සුරාබදු තීරණය කිරීමේදි වෙළදපොළ, ඉල්ලුම, උද්දමනය සහ මිල නම්‍යතාවය සලකා බලා උපරිම බදු වැඩි වීමක් සිදුකර ඇත. එම නිසා දුම්කොළ සමාගමට බදු මත මිලක් තබා ගැනීමේ අවස්ථාව අවම කර ඇත. එමගින් රජයට ලබාගත හැකි උපරිම බදු ප්‍රමාණයක් ලබා ගෙන ඇති අතර බහුජාතික සමාගම් පොහොසත් කිරීමක් සිදුකර නැත. දුම්කොළ සමාගමේ ලාභය වැඩිවීම ඔවූන්ගේ ප්‍රචාරණයට සහ විවිධ මැදිහත් වීමට විශාල අමතර ලාභයක් ලැබෙන බැවින් එයින් දරුවන් සහ තරුණයන් දුම්කොළ සමාගමේ ගොදුරු බවට පත් කරගැනීමේ අවස්ථා වර්ධනය වේ.මෙම තත්ත්වය අවම කිරීමට වසර ගණනාවක සිට හඬ නැගුවද මෙවර බදු වැඩි වීමෙත් වැඩි වාසිය දුම්කොළ සමාගම ලබා ගෙන ඇත.වෙළදපොළ තුළ වැඩිම අලෙවියක් ඇති සිගරට් කණ්ඩයේ සුරා බදු වැඩීවී තිබෙන්නේ රුපියල් 4.51 කිනි. නමුත් එහි මිල රුපියල් 10 කින් වැඩිවී ඇත.නිවැරදි බදු අයකීරිමේ ක්‍රමවේදයක් තවමත් ස්ථාපිත කර නොමැති නිසා මෙවර සිගරට් බදු වැඩි කිරිමෙන්ද සිගරට් කර්මාන්තය වාසිය අත්කර ගෙන ඇත. මෙම බදු වැඩිකිරීම තුළින් ආසන්න වශයෙන් සිගරට් කර්මාන්තය ලබා ගන්නා අමතර ලාභය රුපියල් මිලයන 7000කට අධිකය.කෙසේ වෙතත් දැනට සිදුවී ඇති තත්ත්වය අනුව පැවසීමට ඇත්තේ කවුරු බලයට ආවත් හැමදාම දින්නේ දුම්කොළ සමාගම බවයි.එම නිසා ලංකා නමින් පෙනීසිටින බ්‍රිතාන්‍යය, ඇමරිකානු බහුජාතික සමාගමට නොව රටට වාසිදායක බදු ප්‍රතිපත්තියක් ඇති කිරීමට නව රජය ඉක්මනින් පියවර ගත යුතුය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න